දියවැඩියාව, මධුමේහය, Diabetes melitius - Type 1 පළමු දිගහැරුම - (කොටස 01 )

 දියවැඩියාව, මධුමේහය, Diabetes melitius - Type 1 

පළමු දිගහැරුම - (කොටස 01 )  

නාරායන, නාරායන, නාරායන ෴

(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...

සටහන : ඔබව දැනුමැති කිරීමේ දී සිහිකල  යුතු ප්‍රධානම දේ වන්නේ ජ්‍යොතිෂානුකූලව මේ සඳහා ප්‍රතිකර්මයන් ඇති බවය. එසේම මෙම රෝගී තත්ත්වය පාලනය කර පවත්වා ගැනීම සඳහාත් ජ්‍යෝතිෂානුකූල උපකාරයන් ඇත්තේය. රෝගය වැළදීමට පළමුව මෙය හදහන හරහා අවබෝධ කරගත හැක. විස්තර සඳහා විමසන්න - 0712758744

Diabetes melitius සෑම විටම අවබෝධ කරගෙන  තිබෙනුයේ රුධිරයේ සීනි/ග්ලුකෝස් ප්‍රමාණය පාලනය කිරීම සඳහා ශරීර තුළ ඉන්සියුලින් නොමැතිවීම හෝ ප්‍රමාණවත් තරමට ඉන්සියුලින් නොමැතිවීම වේ.  එහිදී අග්නයාශය තුල ස්වභාවිකව නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණවත් නොවීම ප්‍රධාන ගැටලුව ලෙස සරලවම දැක්විය හැක. 

බටහිර වෛද්‍ය විග්‍රහය (wikipedia.org - ඇසුරින්)

සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:

1). Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.

2). Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.

3). ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.

(wikipedia.org - ඇසුරින් ලබාගත් දේ මෙතනින් අවසන් වේ).

දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1  අනුව  අවශ්‍ය ප්‍රමාණයට ඇති තරම් ඉන්සියුලින් නිපදවීමට අග්න්‍යාශයට නොහැකිය.  දියවැඩියාව, දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 2  ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1 පහසුවෙන් ඍජු ලෙස හදුනා ගත හැකිය.   මෙම Diabetes melitius - Type 1  හෝ Diabetes melitius - Type 2 රෝග විනිශ්චය සැලකීමේදී අප  රෝග විනිශ්චය සිදු කිරීම සඳහා භාවිත  කරන  ක්‍රමවේදය නම් ජ්‍යෝතිෂ සිද්ධාන්ත වන්නේය. නමුදු වර්තමානයේ  ලෝකය තුල ඇති අවභෝධය සමග මෙම ලිපි පෙළ ඉදිරියට යන්නේය.

ජ්‍යෝතිෂය සමග - දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1

යමකුගේ අග්න්‍යාශයට අවශ්‍ය පමණින් ඉන්සියුලින් නිෂ්පාදනය කළ නොහැකි නම් එයට හේතුව කුමක් විය හැකිද?

අග්න්‍යාශය තුළ ඉන්සියුලින් නිෂ්පාදනය වනුයේ බීටා සෛලය/beeta cells තුලය.  මෙම බීටා සෛල වලට තවදුරටත් ඉන්සියුලින් අවශ්‍ය ප්‍රමාණයට හෝ ඉන්සියුලින් නිෂ්පාදනය කළ කිසිසේත්ම  කල නොහැකි වීම ජන්මීන් තුළ ගැටලු රාශියක් ඇති කරවයි සාමාන්‍යයෙන් මේ සඳහා ආවේනික සාධකයන් නැතිනම් ප්‍රවේණිගත ජානමය සාධකයන් හේතු වන්නේ ය. මෙම ආවේණික/ප්‍රවේණිගත/ජානමය යන වචනය ඇසෙන විටම ඔබ එය ජ්‍යෝතිශයමව ගණනය කළ යුතු වන්නේය. ඒ සදහා අප සලකන හදහන තුල විශේෂ ලක්ෂයක් හරහා ගණනය කල යුතු වන්නේය.  මෙම ආවේණික/ප්‍රවේණිගත/ජානමය දෙයක් නම් එය ඔබගේ උපතට පෙර සිටම, මෙලොවදී ඔබට මෙම රෝග වැළඳීම සඳහා නිශ්චිතවම පෙර කර්ම සමග ඔබ මෙලොව පැමිණ ඇති බැවින් ඒ සඳහා හදහන තුල විශේෂ ලක්ෂයක සිට භාවයන් සැලකිය යුත්තේ ය. (මෙය ඉගෙනීමට ඔබ ජ්‍යෝතිෂ හදාරන ශිෂ්‍යයෙක් නම් ගුරුවරයා හරහා උදාහරණ හදහන් ඇසුරින් තේරුම් කර ගැනීම වටින්නේය).

එලෙසම යම් අවස්ථාවලදී කොසැකි වෛරසය/Coxsackievirus හේතුවෙන් අතුරු ආබාධයක් ලෙසද මෙම දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1 තත්ත්වය ඇතිවිය හැක්කේ ය. එකල්හි අප මෙම දුර්වලතාවය හඳුනාගැනීම සඳහා භාවයන් ගැනිම වෙනත් ආකාරයකට  යුත්තේය. ඒ බව හොඳින් මතක තබාගන්න.

මෙම ආවේණික/ප්‍රවේණිගත උරුමයන් නිසා ඇතිවන රෝගී තත්වයන් හේතුවෙන් ඇතිවන්නාවූ දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1 ජීවිතයේ කුඩා කාලයේදීම වැළඳෙන අතර, එහිදී දිනපතා ඉන්සියුලින් එන්නත් ලබා ගැනීම දිගින් දිගටම ජීවිතය පුරාම සිදු කළ යුතු වේ. එබැවින් ජානමය සාධක එනම් ප්‍රවේනිගත උරුමය හරහා  වැලදෙන දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1  කුඩා අවදියේදීම හඳුනාගතහැක. එසේම ඉතා කලාතුරකින් පමණක් යමෙකු තම ජීවිතයේ වයස තිස් ගණන්වල දී හෝ දරුවන් ලැබූ කල දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1 වැලදුනේ  නම්, එහිදී ඔවුන් බොහෝ විට චෝදනා නගනුයේ අවිවේකීභාවය, ඔවුන් වෙත මෙම රෝගය ළඟා කළ බවයි. එම අවස්ථාවන් ඉතා දුලබය බොහෝ අවස්ථාවලදී මෙම රෝගය දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - Type 1  වැළදෙනුයේ කුඩා අවධියේ  දීමය.

දියවැඩියාව/මධුමේහය/Diabetes melitius   සමඟ කටයුතු කිරීමේදී, ඔබ ජ්‍යෝතිෂය කරුණු බොහෝ දේ අවබෝධ කරගත යුතුය. මෙය සරලව අග්නයාශය ගැටලුවක් පමණක් වන බව බ මුලින්ම අවබෝධ කරගත යුතුය. එසේම ජානමය නැත්නම් ප්‍රවේණි උරුමයක් ලෙස ආවේණික සාධකයක් හරහා පැනනගින රෝගී තත්ත්වයක් බවද ප්‍රකාශ කළ හැක්කේ වූ අවස්ථාවේදී එය හදුනා ගැනීමට දැන යුතුය.

එසේම අපි මීලඟට මෙම දියවැඩියාව/මධුමේහය/Diabetes melitius - පිලිබදව ආයුර්වේදය තුල ඇති සඳහන් සලකා බලන්නට යමු.

දියවැඩියාව ආයුර්වේදය තුල තුළ දී හඳුන්වන්නේ "මධුමේහ" ලෙසටය. මෙම මධුමේහයේදී ආයුර්වේදය තුල ඇති ප්‍රමේහ රෝග 20 තුල ඇතුළත්ය. "ප්‍රමේහ රෝග",  "මෞත්‍ර රෝග" ලෙස සරලව පරිවර්තනය කළ හැකිය. 

මෙම ආයුර්වේදය තුල සදහන් ප්‍රමේහ රෝග 20- වාත, පිත්ත, කඵ ලෙස බෙදා දැක්විය හැක. පිළිවෙලින් වාත ප්‍රමේහ රෝග 4ක්, පිත්ත ප්‍රමේහ රෝග 6ක්,  හා කඵ ප්‍රමේහ රෝග 10 ක් ලෙස, "සුසෘතයන්"  විසින් "සුසෘත සංහිතාව" තුළ දක්වා ඇත්තේය. මධුමේහය වාත ප්‍රමේහයකි.  මනුස්සයෙකු හට සෞඛ්‍යම සැලකිය හැකි බලපෑමක් ඇති කළ හැකියි ‍ප්‍රධාන ඛ්‍ය ගැටලු 8 අතරටද  ප්‍රමේහ රෝග අයත් ය. මෙම ප්‍රමේහ රෝගයන් අසාධ්‍ය රෝග අතර නාමකරණයේ  ඉදිරියෙන්ම සිටින්නේ ය. ඉතිරි ප්‍රධාන රෝග වර්ග 7 පසුව අපි සලකා බලමු.

විශේෂිතව ප්‍රමේහ රෝග අතරින් මධුමේහය "වාත ප්‍රමේහ" 4 තුල ඇත්තේය. ප්‍රමේහ රෝග 20 අතර මධුමේහය යනු එක් ප්‍රමේහ රෝගයක් පමණි. මෙම මධුමේහ වාත ප්‍රමේයය අතරින් ද එකකි, මෙය අපට දක්වා සිටින්නේ කුමක්ද?... මධුමේහ ඉතා හිතකර ව බලපාන රෝගී තත්ත්වයක් බව මේ අනුව පැහැදිලි ය.

මෙම "මධුමේහ" හැර අනෙකුත් ප්‍රමේහ රෝග 19 කි. එම  ප්‍රමේහ රෝග 19 නොසලකා හැරියහොත්, එම  ප්‍රමේහ රෝග 19 මධුමේහ දක්වා ද වර්ධනය විය හැකි බව "වාග්භට" යන් විසින් "වාග්භට සංහිතාවේ" දක්වා ඇත්තේය. "මධුමේහ" පිළිබඳව "චරක" "සුශ්‍රැත" හා "වාග්භට" ඔවුන්ගේ සංහිතා හි සටහන් කර ඇත්තේ ය. වැඩි විස්තර  සඳහා - මෙම "චරක සංහිතාව" "සුශ්‍රැත සංහිතාව" "වාග්භට සංහිතාව" අධ්‍යනය කිරීම සුදුසුය. මෙම "වාග්භට" යන්ට අනුව, මෙම ප්‍රමේහ රෝග අතර යම් ලෙසකට එකිනෙකට බැඳුණු සංහිඳියාවක් පවති. ඒ අනුව අන් ප්‍රමේහ රෝගයන් වර්ධනය වී "මධුමේහය" දක්වා වර්ධනය  විය හැකි බැවින්, මෙම "මධුමේහය" ප්‍රධාන රෝගයක් ලෙස දැක්විය හැක්කේය.

මීලග මාතෘකාව - මධුමේහය ගැන ජ්‍යෝතිෂය තුළ කෙසේ සඳහන් වන්නේ දැයි සලකා බැලීමට අපි ඉදිරියටම යමු.  - පරාසයන් හා ජෛමිනි ඇසුරෙන්...

ජ්‍යෝතිෂ ලැදි 

කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744

2021.01.18

ඉහත කරුණු ජ්‍යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.

විමසීම් - 0712758744

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular