බුධ ආදිත්‍ය යෝගය,නිපුණ යෝගය, ඥාන යෝගය -



බුධ ආදිත්‍ය යෝගය 

ජ්‍යෝතිෂයේ යෝගයන් - 01

බුධ ආදිත්‍ය යෝගය,නිපුණ යෝගය, ඥාන යෝගය  -

හදහනක සූර්යා හා බුධ එක්ව එක රාශියක සිටීනම් එය බුධ ආදිත්‍ය යෝගය, නිපුණ යෝගය, ඥාන යෝගය  ලෙස හැදින්වේ. කෙසේ කිව්වත් ග්‍රහයන් පිහිටීම එකමය. 

නිපුණ යන්නෙහි අර්ථය, ඔබ යමකින් අති විශිෂ්ට දැනුමක් ලැබීම වන්නේය. මෙම සූර්යා හා බුධ එක්ව එක රාශියක සිටීම  "පණ්ඩිත යෝගයක්" ලෙසද සලකන්නේය.

මෙය යෝගය "කාරක යෝගයකි". කාරක යෝග සලකන කල්හි "භාව කාරක" හා "නෛසර්ගික කාරක" යෝග ප්‍රමුඛ වන්නේය. නෛසර්ගික රාශි වලයේ 5 වැන්න සිංහය වේ. අධිපති සූර්යයාය.  නෛසර්ගික රාශි වලයේ 3 වැන්න හා 6 වැන්න මිතුනය හා කන්‍යාව වේ. අධිපතිත්ව දරන්නේ බුධ  ග්‍රහයාය. උපදින බොහෝ දෙනා හට මෙම බුධ ආදිත්‍ය යෝගය ඇත්තේය. නමුත් කියන තරම් නිපුණතා  නැත. ඥානය ක්‍රියාත්මක නැත. කිසිම දෙයකට නිපුණතාවක් නැත. ඒ ඇයි? මෙයට හේතුව ඔබ ජ්‍යෝතිෂඥයන් ගෙන් විමසු විට පිළිතුර ලැබෙන්නේය. (ජ්‍යෝතිෂය ඉගෙන ගන්න ඔබ ඔබගේ ගුරුවරයාගෙන් මෙම යෝගය ක්‍රියාත්මක වෙන හැටි උදාහරණ කිහිපයක් ඇසුරෙන් ඉගෙන ගැනීම බොහෝ පලදායකය)

මෙම බුධ ආදිත්‍ය යෝගය භාව කාරක යෝගයකි. එහිදී මෙම යෝගය ක්‍රියාත්මක වීමට විශේෂ අවශ්‍යතා ඇත්තේය. උදාහරනෙට මෙම ග්‍රහයන් දෙදෙනාගෙන් ඉදිරියෙන් සිටින ග්‍රහයාද වැදගත්ය. මෙම යෝගය තුල විවිධ මට්ටම් ඇත. ඉගෙනීම හා සබැදි නම් ඒ සදහා "ධිමන්ත යෝගයක්" තිබීමද වැදගත්ය. මෙලෙස යෝගයේ ගුණාත්මක භාවය සදහා මෙම විශේෂිත අවශ්‍යතා විවිධ මට්ටම් වලින් සලකා බැලිය යුතුය. එවිට පොදුවේ ශතාදික (සියය ඉක්මවූ) වෙනස් කම් තිබෙන බව අවබෝද වනු ඇත.

එසේම ග්‍රහයන්ගේ බල - ෂඩ් බල, විම්ශෝපාක  බල, රශ්මි බල හා ග්‍රහ අවස්ථා යෙදුම් ගැන මනා අවබෝදයක් තිබිය යුතුවේ.


 

බුධ ආදිත්‍ය යෝගය යෙදෙන තැන අනුව ඔබ කවර දෙයක් සදහා නිපුණ වන්නේද යන්න කියා පාන්නේය, 

උදාහරණ ලෙස ඔබ ජ්‍යෝතිෂය ඉගෙන ගන්නේ නම්, ඔබ නිපුණ වන්නේ 

  • "පරිසරය හා ලෝකායන ජ්‍යෝතිෂය සදහාද"
  •  "පවුල් සංස්ථා උපදේශන ජ්‍යෝතිෂය සදහාද", 
  • "ජ්‍යෝතිෂය හරහා ශාන්තිකර්ම උපදේශනයෙන් මිනිසුන් සුවපත් කිරීමටද", 
  • "ජනප්‍රිය රූපවාහිනී හා මාද්‍ය හරහා ජ්‍යෝතිෂය පතුරවාලීමටද", "ජ්‍යෝතිෂ සංගම් දීර්ග කාලීනව පවත්වා ගනිමින් ජ්‍යෝතිෂයේ පැවැත්ම තහවුරු කරන්නද", 
  • "පූර්ව ඥාතීන්, ඍෂින් ගේ දැනුම හරහා උපදෙස් දෙන අයෙක් වන්නටද", 
ආදී ලෙස ජ්‍යෝතිෂය ඉගෙන ගන්නා දෙදෙනෙකු පවා, මෙම නිපුණතාවය වර්ධනය කරගන්නේ වෙනස් ලෙසටය. 

තවත් අතකට ඔබ, රජයේ සේවයේ දී සිටින එකම ධුරයේ සිටින 4 දෙනෙක් සලකන්න, ඔවුන් කරනුයේ එකම සේවය වුවද, 

  • අයෙක් තරග විභාගයකින් පැමිණීම, 
  • අයෙක් උසස් අධ්‍යාපනය නිසා තනතුර දැරීම, 
  • අයෙක් දේශපාලනය නිසා තනතුර දැරීම, 
  • අයෙක් දීර්ග කාලයක් සේවයේ යෙදීම නිසා උසස් වීම් ලබා තනතුරට පත්වීම 
ආදී ලෙස එකම තනතුරට පත්ව, එකම ආකාරීය දෙයක නිරත වන්නේ නම්, එකම රැකියාව ලැබීමට හේතුව යෝගයට බලපාන ලද සාධක වල වෙනස් කමයි. 

මෙලෙස මේ දේවල් හි වෙනස්කම්, වේදාංග ජ්‍යෝතිෂය හරහා ඔබට ඉගෙන ගත හැක්කේය. අනිවාර්යයෙන්ම පරම්පරා ඉගෙනීමක් නැතිව කිසිම යෝගයක මූලය හදුනා ගත නොහැක්කේය. යෝගය ක්‍රියාත්මක වන ආකාරය ගැනද වැටහීමක් නොලබන්නේය. එබැවින්, පාරම්පරික දැනුම දන්නා ගුරුවරෙක් ඇසුරින් පමණක් ඉගෙන ගැනීමට උත්සුක වන්න, නැත්නම් ජ්‍යෝතිෂය තුලින්, ආලෝකය දෙසට යනවා වෙනුවට, ඔබ අවසානයේ වික්ෂිප්තව, අඳුරටම ගමන් කරණු ඇත. එබැවින් ජ්‍යෝතිෂය ඉගෙන ගැනීමේදී, ගුරුවරයා තෝරා ගැනීමේදී බුද්ධිමත් වන්න.

බෝහෝ දෙනෙක්ගේ  ජන්මපත්‍ර වල, එලෙසම ඔබගේ ජන්ම පත්‍රයේ පවා "ගජකේෂරි", "ධර්මකර්මාධිපති" වැනි යෝග ඇත්තේය. මේවා ක්‍රියාත්මක නොවීමට හේතුව ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. ඔබට මේ යෝග ගැන වැටහීමක් අවශ්‍ය නම්, ඔබගේ ජ්‍යෝතිෂ ගුරුවරයාගෙන් විමසා බලන්න. උදාහරණ ඇසුරින් වටහා ගැනීමට ඔබම හඳහන් කිහිපයක් ගුරුවරයා හට ඉදිරිපත් කරන්න. ඔහු දක්ෂ ලෙස ඒවා ප්‍රයෝගිකව විසදුවේ නම්, ඔබ විසින් ගුරුවරයා තෝරා ගැනීම සාර්ථකය.

බුධ ආදිත්‍ය යෝගය සැලකු කල, මෙම යෝගය විවිධ මට්ටම් වල ක්‍රියාත්මක වන්නේය. යම් විටෙක යෝගය හඳහන් තුල තිබුනද එය නිෂ්පලය. එහිදී යෝගය ක්‍රියාත්මක කිරීම සඳහා, ඔබ විසින් කලයුතු ක්‍රියාවන් ඇත්තේය. ඔබගේ ගුරුවරයාට, මෙය කියාදීම පහසු වුවද, ඒ සදහා කාල නිර්ණය සදහා උදු දශාවන් භාවිත කල යුතු වන්නේය. එයද ඉතා පහසු යෙදුමකි, මහත් පලදායකය. කෙසේ වුවත් ඔබගේ ජීවිතයේ තේමාව, මෙම බුධ ආදිත්‍ය යෝගය සමග ගැලපේ නම්, කාල නිර්ණය සදහා වෙනත් දසා භාවිත කිරීම වඩා යහපත්ය.

(ජ්‍යෝතිෂ යේ යෝගයන් ගැන කතා කරන කල්හි, "යෝග" සදහන්ව පොත් මුද්‍රනය වී තිබ්බද, ඒවායේ කිසිදු ශාස්ත්‍රීය වටිනකමක් නැත්තේය. "ජ්‍යෝතිෂ්‍"ය යන ලේබලය යටතේ  ශාස්ත්‍රීය දේ සමාජ ගත කිරීමක් සිදුව ඇත්දැයි සැක  සිතෙන්නේ. ඒ පොත් අවර ගනයේ වන බැවිනි. එබැවින් කරුණාකර කතෘ විමසමින්, කතෘ පරිවර්ථන පමණක් කලාද? නැත්නම් ජ්‍යෝතිෂ අර්ථය සහිතව, පොත පල කළා දැයි, සැක හැර දැනගන්න. එහිදී  අසන ප්‍රශ්න වලට පවා පිළිතුරු දෙන්නට බැරිව කතුවරුන් ලතවන හැටි ඔබටම අත්දැකීමෙන්ම වටහා ගත හැකිවනු ඇත.)

මතු සබැදි 

ජ්‍යෝතිෂ ලැදි 

කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

කුමා වෙල්ලාලගේ - 0712758744

2018.11.19 දින පලකරන ලද ලිපියක් ඇසුරෙන් 


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular