බඹරෙකු (කළු කුමාර) ආවයි නිරිත දිගේයා..

 බඹරෙකු (කළු කුමාර) ආවයි නිරිත දිගේයා..

නාරායන, නාරායන, නාරායන ෴

කළු කුමාර, මෝහිනී දෝෂ ...

බඹරෙකු ආවයි නිරිත දිගේයා..

හද පෑරූවයි මියුරු රසේයා..

මල් පරවූවයි - සෝකෙන් බෝමා

කඳුළු ගැලූවයි දෙලෝ ගැඹේයා...//

(හරුප පැහැය : මඩවල එස්.රත්නායක)

ජ්‍යෝතිෂය තුල දිග් චක්‍රය භාවිතය දන්නා ඔබ නිරිත දිග සදහා ග්‍රහයා රාහු බව දන්නේය. රාහු යනු චායා ග්‍රහයෙකි. නොපෙනෙන ග්‍රහයෙකි. මෙම පද රචනය තුල මනරම්ව යම් බඹරෙක් නිරිතදිගින් පැමිණ ඇත. එනම් රාහු ගෙනෙන දෝෂයක් ගැන කතා කරන්නේය. නොපෙනෙන බලවේග ක්‍රියාත්මකවන නිරිත දිගින් පැමිණි නොපෙනෙන බඹරා ගෙනෙන මියුරු රසය හද පැරුවේ වුවද,  මීලග පද අතර රසය ලද කාන්තාව මෙම බඹර පහස අපේක්ෂාවෙන් කළුවර වැටුනට පස්සේ හරි පැමිණෙන්න යන ඇරයුම කරනා අයුරු දැක්වේ...

ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන බාදක සදහා කාරකයා රාහුය. නෛසර්ගික රාශි වලයේ බාධක ස්ථානය 11 වන්න වන කුම්භයයි. කුම්භ රාශියට සම අධිපතිත්වය දරණ රාහු ග්‍රහයා බාධක සදහා ඒ අනුව කාරකයා වන්නේය. රාහුට ශරීරයක් නැත. පියවි ඇසට නොපෙනේ. එබැවින් බාධක හි ඇති ලක්ෂණය නම් නොපෙනෙන සුළු වීමය. අගක් මුලක් සොයා ගත නොහැකි ස්වරූපයකි..

ජ්‍යෝතිෂය හදාරන කල්හි අප බාධක යන මාතෘකාව යටතේ බාධක ආකාර 11ක් ඉගෙන ගන්නේය.

1. දේව බාධක

2. ධර්ම දේව බාධක

3. මාතෘ බාධක

4. පිතෘ බාධක

5. පිත්රී බාධක

6.

7.

8.භූත පිසාච බාධක 

9.ප්‍රේත පිසාච 

10.

11. අභිචාර බාදක 

මෙම ලංකාවට කළු කුමාරයා කාන්තාවන්ට වින කරන අයුරින්මැ,  ලෝකයේ ඒ ඒ සංස්කෘතීන්ට අනුව විවිධ නමින් රට රටවල මෙම කළු කුමාරයා ලෙසම කාන්තාවනට වින කරන ලෙඩ කරන නොපෙනෙන බලවේග විවිධ නම් වලින් දක්නට ඇත්තේය.

යුරෝපයේ  incubus  කළු කුමාරයා, හා  succubus මෝහිනී  ලෙස දක්වා සිටින්නද පුළුවන. චීන, ජපන්,ඉන්දුනීසියාව මෙන්ම, පැරණි ග්‍රීකයෙත් කළුකුමාර හා මෝහිණී හා සමාන භූතාත්ම ගැන දකින්න පුළුවන්. ඉතින් ලෝකේ වටේ සොයල බලන්න කෝ...

 කළු කුමාරයා ගේ කාර්‍ය පටිපාටය නම්, වාහකයෙක් මාර්ගයෙන් තෝරාගත් කාන්තාවක් කරා ලගා වී, විවිධ විවාහ ගැටළු ඇති කිරීමය. විටෙක කාන්තාව අසනීප කරවයි. විවාහ කඩාකප්පල් කරවයි. විවාහ අපේක්ෂිත කාන්තාවන්ට විවාහ සදහා ඇති ආශාව තුරන් කරවයි, මේ ආදී නොයෙක් දෝෂ ඇති කරවන්නට කළු කුමාරයා ට පුළුවන. 

කෙසේවුවද මෙම ස්භූවභාවය ජ්ත‍යෝතිෂයේදී, භූත පිසාච ගණයට වැටෙන්නේය, භූත පිසාච හි ප්‍රධාන ආකාර 3 කි. බලි කාම, රති කාම, හන්තු කාම ලෙසවේ. මෙම තුන් අකාරය නැවත 27 අකාරයකට බෙදෙන්න්නේය. විටෙක මා අම්බලන්ගොඩ රූකඩ කෞතුකාගාරයට ගිය විට මෙම  බලි කාම, රති කාම හට අයත් 18 බලිය සහිත වෙස් මුහුණක් දුටිමි. නමුත් ස්වරූප 27ක් ශාස්ත්‍රීයව සඳහන්ය. මෙම  බලි කාම, රති කාම, හන්තු කාම ක්‍රියාකරන්නේ වෙනවෙනස් ආකාරයන්ටය.

බලි කාම

මෙම කොට්ටාශය 9 ආකාරයකි. මොවුන් හට පහසුවෙන් බලි දි, එනම් දොළ පිදේනි දි යම් ලෙසකට සිත පහදවා, පවතින දෝෂ පහසුවෙන් ඉවත් කිරීමට හැකි කාණ්ඩයකට අයත් භූත කොට්ටාශයකි. 

රති කාම

මොවුන් ද ගණනින් 9කි. ඔවුන්, මිනිසුන්තුළ පංච කාම සන්තර්පණය කිරීමට ඇති ආශාව ඇති කරවයි. මිනිසා ආශාවන්ට යොමු කරවයි, මේ හරහා, පාලනය නොවුනහොත්,  මිනිසුන්ව පරිහානියට ලක් කර, විනාශය කරා ගමන් කරවයි. මොවුන්ද, යම් ලෙසකට ඔවුන්ගේ, මන දොළ සන්තර්පණය කර මිනිසාට ඇති බලපෑමෙන් ඉවත් කරගත හැකි භූත කොට්ටාශයකි.

 හන්තු කාම

මෙම භූත කොට්ටාශයන් අතරින් භයානකම භූත පිසාච කාණ්ඩය වන අතර, මොවුන් බලි දි, දොළ පිදේනි දි ඉවත් කල නොහැක, ඔවුන් එන්නෙම, ඔවුන් ගේ බලපෑමට ලක්වූ අයව, මරා දැමීමට සුදානමිනි. ඉතා අපහසුවෙන් ඉවත් කල හැකි හෝ බලපෑම ඉවත් කල නොහැකි භූත කොට්ටාශයකි.

මෙම කළු කුමාර දෝෂය, මේ අනුව විවිධ මට්ටමින් බලපෑම් කල හැකි බව, ඔබට දැන් වැටහෙන්නට ඇති යැයි සිතමි. දෝෂය පහසුවෙන් ඉවත් වීම හෝ නොවීම, මේ වෙනස් කම් වලට අනුව වන්නේය. 

මේ සදහා ඇති විසදුම් මීලගට විමසා බලමු. 

මෙම දෝෂය සදහා සාර්ථක පිළිතුරු ඇත්තේය. දෝෂය ඉවත් කරගත හැකි අතර, ඒ සදහා දේශීය ශාන්තිකර්ම හි පිළියම් ඇත්තේය. රට තුල ප්‍රාදේශියව දෝෂ හරණය සදහා සුළු සුළු වෙනස්කම් ඇත්තේය. ජ්‍යෝතිෂය හරහා ද, ග්‍රහ පිහිටීම් අනුව, මෙම බලපෑම හදුනා ගෙන, ජ්‍යෝතිෂ පිළියම් ද ඇත්තේය. එය සාර්ථක බව අත්දැකීමෙන් දන්නෝ දනිති. ඒ ඒ දසා වලදී බලපෑමේ තිව්රතාවය ද, ජ්‍යෝතිෂය, හරහා අධ්‍යනය කල හැක්කේය. රටේ වාසය කරණ, ක්‍රිස්තියානින්, මුසල්මානුවන්ද අතර මෙවන් දෝෂ හරණ ක්‍රම දැක ගත හැක්කේය.

කෙසේ වුවද, මෙලෙස පීඩා විදින වින්දිතයා සුවපත් කිරීම කලයුතු එකම දෙයි. මෙලෙස පීඩා විදින්නේ ඔබේ දුව, මිතුරිය, භාර්යාව, මව විය හැක. උපකාර කිරීම ඔබගේ වගකීම වන්නේය.

ශාස්ත්‍ර ලැදි ඔබ මෙවන් දේ හැදෑරීමට යොමුවීම හරහා බොහෝ දෙනෙක් හට උපකාර කිරීමේ අවස්ථාව ලබන්නේය.

ජ්‍යෝතිෂ ලැදි 

කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් Share කරන්න මැලි නොවන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744

පළමු පල කිරීම - 2018.11.23

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular