බඹරෙකු (කළු කුමාර) ආවයි නිරිත දිගේයා..

 බඹරෙකු (කළු කුමාර) ආවයි නිරිත දිගේයා..

නාරායන, නාරායන, නාරායන ෴

කළු කුමාර, මෝහිනී දෝෂ ...

බඹරෙකු ආවයි නිරිත දිගේයා..

හද පෑරූවයි මියුරු රසේයා..

මල් පරවූවයි - සෝකෙන් බෝමා

කඳුළු ගැලූවයි දෙලෝ ගැඹේයා...//

(හරුප පැහැය : මඩවල එස්.රත්නායක)

ජ්‍යෝතිෂය තුල දිග් චක්‍රය භාවිතය දන්නා ඔබ නිරිත දිග සදහා ග්‍රහයා රාහු බව දන්නේය. රාහු යනු චායා ග්‍රහයෙකි. නොපෙනෙන ග්‍රහයෙකි. මෙම පද රචනය තුල මනරම්ව යම් බඹරෙක් නිරිතදිගින් පැමිණ ඇත. එනම් රාහු ගෙනෙන දෝෂයක් ගැන කතා කරන්නේය. නොපෙනෙන බලවේග ක්‍රියාත්මකවන නිරිත දිගින් පැමිණි නොපෙනෙන බඹරා ගෙනෙන මියුරු රසය හද පැරුවේ වුවද,  මීලග පද අතර රසය ලද කාන්තාව මෙම බඹර පහස අපේක්ෂාවෙන් කළුවර වැටුනට පස්සේ හරි පැමිණෙන්න යන ඇරයුම කරනා අයුරු දැක්වේ...

ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන බාදක සදහා කාරකයා රාහුය. නෛසර්ගික රාශි වලයේ බාධක ස්ථානය 11 වන්න වන කුම්භයයි. කුම්භ රාශියට සම අධිපතිත්වය දරණ රාහු ග්‍රහයා බාධක සදහා ඒ අනුව කාරකයා වන්නේය. රාහුට ශරීරයක් නැත. පියවි ඇසට නොපෙනේ. එබැවින් බාධක හි ඇති ලක්ෂණය නම් නොපෙනෙන සුළු වීමය. අගක් මුලක් සොයා ගත නොහැකි ස්වරූපයකි..

ජ්‍යෝතිෂය හදාරන කල්හි අප බාධක යන මාතෘකාව යටතේ බාධක ආකාර 11ක් ඉගෙන ගන්නේය.

1. දේව බාධක

2. ධර්ම දේව බාධක

3. මාතෘ බාධක

4. පිතෘ බාධක

5. පිත්රී බාධක

6.

7.

8.භූත පිසාච බාධක 

9.ප්‍රේත පිසාච 

10.

11. අභිචාර බාදක 

මෙම ලංකාවට කළු කුමාරයා කාන්තාවන්ට වින කරන අයුරින්මැ,  ලෝකයේ ඒ ඒ සංස්කෘතීන්ට අනුව විවිධ නමින් රට රටවල මෙම කළු කුමාරයා ලෙසම කාන්තාවනට වින කරන ලෙඩ කරන නොපෙනෙන බලවේග විවිධ නම් වලින් දක්නට ඇත්තේය.

යුරෝපයේ  incubus  කළු කුමාරයා, හා  succubus මෝහිනී  ලෙස දක්වා සිටින්නද පුළුවන. චීන, ජපන්,ඉන්දුනීසියාව මෙන්ම, පැරණි ග්‍රීකයෙත් කළුකුමාර හා මෝහිණී හා සමාන භූතාත්ම ගැන දකින්න පුළුවන්. ඉතින් ලෝකේ වටේ සොයල බලන්න කෝ...

 කළු කුමාරයා ගේ කාර්‍ය පටිපාටය නම්, වාහකයෙක් මාර්ගයෙන් තෝරාගත් කාන්තාවක් කරා ලගා වී, විවිධ විවාහ ගැටළු ඇති කිරීමය. විටෙක කාන්තාව අසනීප කරවයි. විවාහ කඩාකප්පල් කරවයි. විවාහ අපේක්ෂිත කාන්තාවන්ට විවාහ සදහා ඇති ආශාව තුරන් කරවයි, මේ ආදී නොයෙක් දෝෂ ඇති කරවන්නට කළු කුමාරයා ට පුළුවන. 

කෙසේවුවද මෙම ස්භූවභාවය ජ්ත‍යෝතිෂයේදී, භූත පිසාච ගණයට වැටෙන්නේය, භූත පිසාච හි ප්‍රධාන ආකාර 3 කි. බලි කාම, රති කාම, හන්තු කාම ලෙසවේ. මෙම තුන් අකාරය නැවත 27 අකාරයකට බෙදෙන්න්නේය. විටෙක මා අම්බලන්ගොඩ රූකඩ කෞතුකාගාරයට ගිය විට මෙම  බලි කාම, රති කාම හට අයත් 18 බලිය සහිත වෙස් මුහුණක් දුටිමි. නමුත් ස්වරූප 27ක් ශාස්ත්‍රීයව සඳහන්ය. මෙම  බලි කාම, රති කාම, හන්තු කාම ක්‍රියාකරන්නේ වෙනවෙනස් ආකාරයන්ටය.

බලි කාම

මෙම කොට්ටාශය 9 ආකාරයකි. මොවුන් හට පහසුවෙන් බලි දි, එනම් දොළ පිදේනි දි යම් ලෙසකට සිත පහදවා, පවතින දෝෂ පහසුවෙන් ඉවත් කිරීමට හැකි කාණ්ඩයකට අයත් භූත කොට්ටාශයකි. 

රති කාම

මොවුන් ද ගණනින් 9කි. ඔවුන්, මිනිසුන්තුළ පංච කාම සන්තර්පණය කිරීමට ඇති ආශාව ඇති කරවයි. මිනිසා ආශාවන්ට යොමු කරවයි, මේ හරහා, පාලනය නොවුනහොත්,  මිනිසුන්ව පරිහානියට ලක් කර, විනාශය කරා ගමන් කරවයි. මොවුන්ද, යම් ලෙසකට ඔවුන්ගේ, මන දොළ සන්තර්පණය කර මිනිසාට ඇති බලපෑමෙන් ඉවත් කරගත හැකි භූත කොට්ටාශයකි.

 හන්තු කාම

මෙම භූත කොට්ටාශයන් අතරින් භයානකම භූත පිසාච කාණ්ඩය වන අතර, මොවුන් බලි දි, දොළ පිදේනි දි ඉවත් කල නොහැක, ඔවුන් එන්නෙම, ඔවුන් ගේ බලපෑමට ලක්වූ අයව, මරා දැමීමට සුදානමිනි. ඉතා අපහසුවෙන් ඉවත් කල හැකි හෝ බලපෑම ඉවත් කල නොහැකි භූත කොට්ටාශයකි.

මෙම කළු කුමාර දෝෂය, මේ අනුව විවිධ මට්ටමින් බලපෑම් කල හැකි බව, ඔබට දැන් වැටහෙන්නට ඇති යැයි සිතමි. දෝෂය පහසුවෙන් ඉවත් වීම හෝ නොවීම, මේ වෙනස් කම් වලට අනුව වන්නේය. 

මේ සදහා ඇති විසදුම් මීලගට විමසා බලමු. 

මෙම දෝෂය සදහා සාර්ථක පිළිතුරු ඇත්තේය. දෝෂය ඉවත් කරගත හැකි අතර, ඒ සදහා දේශීය ශාන්තිකර්ම හි පිළියම් ඇත්තේය. රට තුල ප්‍රාදේශියව දෝෂ හරණය සදහා සුළු සුළු වෙනස්කම් ඇත්තේය. ජ්‍යෝතිෂය හරහා ද, ග්‍රහ පිහිටීම් අනුව, මෙම බලපෑම හදුනා ගෙන, ජ්‍යෝතිෂ පිළියම් ද ඇත්තේය. එය සාර්ථක බව අත්දැකීමෙන් දන්නෝ දනිති. ඒ ඒ දසා වලදී බලපෑමේ තිව්රතාවය ද, ජ්‍යෝතිෂය, හරහා අධ්‍යනය කල හැක්කේය. රටේ වාසය කරණ, ක්‍රිස්තියානින්, මුසල්මානුවන්ද අතර මෙවන් දෝෂ හරණ ක්‍රම දැක ගත හැක්කේය.

කෙසේ වුවද, මෙලෙස පීඩා විදින වින්දිතයා සුවපත් කිරීම කලයුතු එකම දෙයි. මෙලෙස පීඩා විදින්නේ ඔබේ දුව, මිතුරිය, භාර්යාව, මව විය හැක. උපකාර කිරීම ඔබගේ වගකීම වන්නේය.

ශාස්ත්‍ර ලැදි ඔබ මෙවන් දේ හැදෑරීමට යොමුවීම හරහා බොහෝ දෙනෙක් හට උපකාර කිරීමේ අවස්ථාව ලබන්නේය.

ජ්‍යෝතිෂ ලැදි 

කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් Share කරන්න මැලි නොවන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744

පළමු පල කිරීම - 2018.11.23

තනි ග්‍රහයාට පලාපල කියන්න බැරිද?

 තනි ග්‍රහයාට පලාපල කියන්න බැරිද?

නාරායන, නාරායන, නාරායන ෴

දේශපාලනික හා සමාජ විමසුමක් 01

සමාජය තුල හා ඇතැම් පිරිසක් ගෙනයන මත වාදයක් ඇත. එය නම් තනි ග්‍රහයාට පලාපල කියන්න බැරිය. ඒ සදහා 

1. දෘෂ්ටි ඕන, 

2. අවස්ථා බලන්න ඕන, 

3. මිත්‍ර අමිත්‍රතා, නීච උච්ච බලන්න ඕන, 

4. රාශි කේන්ද්‍රයේ හිටියට වැඩක් නැහැ නවම්ශයේ බලන්න ඕන... 

5. හරියටම උපන් වෙලාව නැත්නම් පලාපල කියන්න බැහැ ....

මෙවන් නොයෙක් බැගිරි ගායනා කරන ඔවුන් අමතක කරන ලද දෙයක් ඇත, එනම් මේ තනි ග්‍රහයාට පලාපල කථනය සදහා උපකාර  ඕන තරම්  ජ්‍යෝතිෂ පොත් පත්වල සදහන් බවවේ. පසුගිය වසර තුල තනි ග්‍රහයාට පලාපල කියන්න බොහෝ දෙනෙක් හට පුරුදු කලෙමි. එහිදී රාශි කොටස් කර බෙදා දක්වමින් පලාපල කථනය කියාදුන්නේ අනාගතයේ එක ග්‍රහයාට නොවරදින පලාපල රාශියක් ඔවුනට කියාදෙන අරමුණ සිත්හි තබා ගෙනය. එවන් දැනුම මට ලබා දුන් ගුරුවරුන්ට ප්‍රණාමය වේවා....

මෙහිදී "සාරාවලිය" හරහා එක ග්‍රහයෙක් සදහා පලාපල කථනයට ප්‍රවේශය සලකා බලමු. 

Saravali:Chapter 22 Sun In Leo 

සාරාවලිය  22 ආධ්‍යාය : සිම්හ රාශි හි හිරු සිටි ඵල 34-35 ස්ලෝක (මොඩර්න් පොත 116 පිට- සංස්කෘත පාඨ  නැත. එසේම එය මගේ දැනුමට අනුව සාර්ථක පරිවර්තනයක් නොවේ. සමහර තැන අඩුය. නමුත් ලංකාවේ මිලට ගත හැකි හොදම සාරාවලිය එයය, එබැවින් මිලට ගෙන ගුරු ඇසුරින් අඩුපාඩු හදා ගන්න)

1). रिपुहनताु - රිපුහන්ත -

2). कोधपरो - ක්‍රෝධ පර -

3). विषटचेषटो - විශාෂ්ට චෙෂ්ට -

4).  वनादरिरु चि रः - වනදුර්ග චර 

5). उतसाही - උත්සාහි 

6).  ससुर - සාශුර 

7). तेजस्वी -තේජස්වී 

8). मांसभकणो - මාම්ෂ භක්ෂණ 

9). रौरः - රෞද්‍ර 

10). रमभीरः - ගාම්භීර 

11). स्थिर सत्वच - ස්ථීර සත්ව 

12). खरु -මුඛාර 

13). क्षिति पालक- ක්ෂිති පාලක 

14). धन समुद्र - ධන සමුද්ද්‍රා 

15). दिवसकर - දිවසකර 

16). ख्याति - ප්‍රසිද්ධ 

ඉහත ස්ලෝක 2ක තුල පමණක් එකිනෙකට වෙනස් පලාපල 16 ක්  සිම්හ (සිංහ) රාශියේ සුර්යයාගේ පිහිටීම අනුව දක්වා ඇත.

ප්‍රවීනයන් කියන අය ගෙනෙන තර්ක නම් 

1. සංස්කෘත ස්ලෝක තිබ්බට වැඩක් නැහැ ප්‍රායෝගික නොවේ. 

2. ඔය පරණ පොත්වල දේවල් යාවත්කාලීන (update ) කරන්න ඕන 

3. අලුතින් හිතන්න ඕන අත්දැකීම් මත තමයි ප්‍රවීණ වෙන්නේ 

4. හරියටම උපන් වෙලාව නැත්නම් පලාපල කියන්න බැහැ ....

යනාදී විකාර රූපී තර්ක ගෙන එන්නන් දැන් බහුලය.

එබැවින් අප මෙය ප්‍රායෝගික දැයි බලමු.

මෙම දිනවල රට පුරා ප්‍රධාන මාතෘකාව දේශපාලනය හා දේශපාලකයන්ය. රටේ ප්‍රධානියා වන ජනාධිපති සිරිසේන මහතාගේ  උපන් වෙලාව ගැන මති මතාන්තර ගණනාවකි. උදේ 9.00 ලු, උදේ 9.45 ලු... යනාදී වශයෙනි 

උපන් වෙලාව ඕනෑ  වෙලාවක් වෙත්දෙන්... ඔහු උපන්නේ සූර්යා සිම්හ (සිංහ) රාශි යේ සිටින කල්හීය... 

එහිදී සාරාවලියට අනුව ඉහත ස්ලෝකය ක්‍රියා කරන්නේද සලකමු...

(මම FB  හි ජ්‍යෝතිෂ්‍ය උගන්වන්නේ නැත, පන්තිවලට පැමිණ ඉගෙන ගන්න අයට උගන්වන අයෙක්මි. නමුත් ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් හා ශාස්ත්‍රීය උනන්දුව ඇති අය වෙනුවෙන් සටහනක් පමණක්, මෙහි තබන බව හොදින් වටහාගන්න. එබැවින් සමහර පලාපලයන්ට අර්ථ දැක්වීම් සිතාමතා සදහන් කර නැත. ඒවා  ඔබ ජ්‍යෝතිෂ ශිෂ්‍යයෙක් නම් ඔබේ ගුරුවරයා ප්‍රශ්න කර අසා දැන ගන්න)

1). रिपुहनताु - රිපුහන්ත - 

 මෙහිදී සතුරන් හෝ ජන්මියාගේ දුර්වලතාවන් ඉවත්ව යයි. (මෙම දුර්වලතාවන් මොනවාදැයි ජ්යෝතිශයමව ඉගෙන ගත යුතුය - ඔබ ජ්‍යෝතිෂ ශිෂ්‍යයෙක් නම් ඔබේ ගුරුවරයා ප්‍රශ්න කර අසා දැන ගන්න)

2). कोधपरो - ක්‍රෝධ පර -

අන්අය වෙත ක්‍රෝධයෙන් යුතුවීම. (යමෙකු අන් අය වෙත ක්‍රෝධයෙන් සිටිනුයේ ඇයි?)

3). विषटचेषटो - විශාෂ්ට චෙෂ්ට -

ජන්මියා සමාජය විසින් ප්‍රශංසා කරන ක්‍රියා කරනු ඇත.

4).  वनादरिरु चि रः - වනදුර්ග චර 

5). उतसाही - උත්සාහි 

6).  ससुर - සාශුර 

සුර- විර්ය සා - යනු යෙදීම, -  සාශුර යනු විර්ය ක්‍රියාවන්හි නිරතවීමය. 

7). तेजस्वी -තේජස්වී 

8). मांसभकणो - මාම්ෂ භක්ෂණ 

9). रौरः - රෞද්‍ර 

රෞද්‍රයය. සිංහයකු මෙන් රෞද්‍රය. ඔහු රෞද්‍ර වනුයේ  ඇයි? එහි අරුත කුමක්ද? ඒ ඔහු වීර නිසාද? . ඔහු බියගුල්ලේකු නොවන නිසා සටනටද මැලි නොවේ. මෙහිදී රෞද්‍ර යනු කුමක්ද?

10). रमभीरः - ගාම්භීර 

11). स्थिर सत्वच - ස්ථීර සත්ව 

12). खरु -මුඛාර 

මුඛරිය, වාචාලය, දොඩමලුය.  පුද්ගයෙකු සෑම විටම කථා කරමින් සිටිනුයේ ඇයි? මෙහි තිබෙන වෙනත් අයහපත් පැතිකඩයක් නම් ඔවුන් තුළ අමුතු ආකාරිය කථනයක් දැකිය හැක. මෙය යම් ආකාරීය සන්නිවේදනය පිළිබඳ ගැටළුවක් ලෙසද අර්ථ දැක්විය හැක.

13). क्षिति पालक- ක්ෂිති පාලක 

14). धन समुद्र - ධන සමුද්ද්‍රා 

15). दिवसकर - දිවසකර 

16). ख्याति - ප්‍රසිද්ධ 

ප්‍රසිද්ධ අයෙකු වන්නේය.

මෙහිදී ඉහත දක්වා ඇත්තේ සිම්හ (සිංහ) රාශියේ සුර්යයාගේ පිහිටීම අනුව හේතු දැක්වීමකි. මේ අනුව බැලුකල වත්මන් ජනාධිපති තුමා ක්‍රියාකරනුයේ මේ ග්‍රහයන් ට අවශ්‍ය ලෙසට බව ඔබට වැටහෙනු ඇත. කෙසේ වුවත් මෙම 'සාරාවලිය" ග්‍රන්ථයේ පලාපල ප්‍රකාශය ගුරු ඇසුරකින් ඉගෙන ගත යුතුය. මෙහි රහස් බොහෝ වේ.

මෙම ඉහත ප්‍රතිඵල වෙනස් විය හැකි අයුරු ග්‍රහයන් ලබා දෙන දෘෂ්ඨිය නිසා නිශ්චිතව වෙනස් වන අයුරු සැලකීම සදහා ස්ලෝක හි පරස්පරතා ඇත. එහිදී එම පරස්පරතා සදහා සැලකිය යුතු රහස්  උපක්‍රම ගුරු ඇසුරින් ලබා ගත යුතු වන්නේය. (මෙය යමෙක් සරලව කියන දෘෂ්ටි නොවේ ඒ ඒ දෘෂ්ටි සදහා ඍජු පලාපල බලන ක්‍රමයක් ඇත)

උදාහරණෙට සැලකුවහොත් එහිම 38 ස්ලෝකයට අනුව 

සිම්හ රාශියේ සිටි හිරු බුධ විසින් දක්නා ලදහොත් (දෘෂ්ටි ලදහොත්) විද්‍යා දත්තෙක්, ලේඛකයෙක්, වෙයි. සොරුන් ආශ්‍රය කරයි. තන්තන්හි ඇවිදියි, හීනගති ඇති. අල්ප ස ශක්ති ඇත්තෙක් වෙයි.(ඔබ ජ්‍යෝතිෂ ශිෂ්‍යයෙක් නම් ඔබේ ගුරුවරයා ප්‍රශ්න කර ඔබගේ උදාහරණ ඇසුරින් අසා දැන ගන්න)

ඉහත ගැටලුව නම්, බුධ  හිරු වෙත දෘෂ්ටි ඇති කරන්නේ කෙසේද? එසේනම් මෙහි සැගවුන දෘෂ්ටි පිළිබද රහස කුමක්ද? ස්ලෝකෙන් ස්ලෝකයට අරුත් ගුරු ඇසුරින් දැනගත යුතුම ය. 

යම් පොතක්  සල්ලි දී ගත් පමණින්, internet හරහා download කරගත් පමණින් ශාස්ත්‍ර වන්තයෙක් වන්නේ නම් කුමක් කල හැකිද? බොහෝ දෙනෙක් පොත්, පත්තර කියවා ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගැනීමට යාම හරහා ජ්‍යෝතිෂයට වන්නේ අවැඩක් මිස උන්නතියක් නොවේ. ජ්‍යෝතිෂයට ගුරු ඇසුර අවශ්‍යමය.

(මෙම ලිපිය අරමුණ වුයේ අපේ රට තුල ජ්‍යෝතිෂය උන්නතිය සදහා අප කෙසේ ක්‍රියා කල යුතුද? මෙතරම් පැරණි පොත පත හරහා ඍජුව පලාපල කිව හැකිව තිබියදී, වටේ පිටේ කියව කියව ඉන්නවාට වඩා ජ්‍යෝතිෂය සාකච්චාවන් කල හැකි දක්ෂ පිරිසක් බිහි කිරීමට වට පිටාවක් ඇති කරලීමට අවශ්‍ය පරිසරය රට තුල ඇති කරලීමට උනන්දුව ක් ඇති කිරීමටය.)

මෙයට අමතරව අනෙක් දේශ පාලකයන්ගේ උපන් විස්තර ඔබ දන්නා පරිදි සටහන් කල හැකිනම් එම සටහන්ද මේ විස්තර සමග සසදා බලමු. (වෙනත් පොස්ට් එකකින් විස්තර සහිතව)

(කෙසේ වෙතත් යමෙකුගේ හදහන තුල 10වන භාවයේ නීච ග්‍රහයෙක් සිටීනම්, යම් දිනක එම ජන්මියාට රාජ යෝග උදාවනු ඇත. එසේම රාජ යෝගය ඇතිකළ අය විසින් එම ජන්මියාව පහලට ඇද දමනු ඇත. එයින් බේරීමට නම් නීච භංගයක් නියමාකාරව තිබිය යුතුය. නැතිනම් ඛේදනීය වන්නේය.) 

 මතු සබැදි

ජ්‍යෝතිෂ ලැදි 

කුමා වෙල්ලාල වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

කුමා වෙල්ලාලගේ - 0712758744

2018.11.23 පළමු පල කිරීම 

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular