තනි ග්‍රහයාට පලාපල කියන්න බැරිද?
නාරායන, නාරායන, නාරායන ෴
දේශපාලනික හා සමාජ විමසුමක් 01
සමාජය තුල හා ඇතැම් පිරිසක් ගෙනයන මත වාදයක් ඇත. එය නම් තනි ග්‍රහයාට පලාපල කියන්න බැරිය. ඒ සදහා
1. දෘෂ්ටි ඕන,
2. අවස්ථා බලන්න ඕන,
3. මිත්‍ර අමිත්රතා, නීච උච්ච බලන්න ඕන,
4. රාශි කේන්ද්‍රයේ හිටියට වැඩක් නැහැ නවම්ශයේ බලන්න ඕන...
5. හරියටම උපන් වෙලාව නැත්නම් පලාපල කියන්න බැහැ ....
මෙවන් නොයෙක් බැගිරි ගායනා කරන ඔවුන් අමතක කරන ලද දෙයක් ඇත, එනම් මේ තනි ග්‍රහයාට පලාපල කථනය සදහා උපකාර ඕන තරම් ජ්‍යෝතිෂ පොත් පත්වල සදහන් බවවේ. පසුගිය වසර තුල තනි ග්‍රහයාට පලාපල කියන්න බොහෝ දෙනෙක් හට පුරුදු කලෙමි. එහිදී රාශි කොටස් කර බෙදා දක්වමින් පලාපල කථනය කියාදුන්නේ අනාගතයේ එක ග්‍රහයාට නොවරදින පලාපල රාශියක් ඔවුනට කියාදෙන අරමුණ සිත්හි තබා ගෙනය. එවන් දැනුම මට ලබා දුන් ගුරුවරුන්ට ප්‍රණාමය වේවා....
මෙහිදී "සාරාවලිය" හරහා එක ග්‍රහයෙක් සදහා පලාපල කථනයට ප්‍රවේශය සලකා බලමු.
Saravali:Chapter 22 Sun In Leo
සාරාවලිය 22 ආධ්‍යාය : සිම්හ රාශි හි හිරු සිටි ඵල 34-35 ස්ලෝක (මොඩර්න් පොත 116 පිට- සංස්කෘත පාඨ නැත. එසේම එය මගේ දැනුමට අනුව සාර්ථක පරිවර්තනයක් නොවේ. සමහර තැන අඩුය. නමුත් ලංකාවේ මිලට ගත හැකි හොදම සාරාවලිය එයය, එබැවින් මිලට ගෙන ගුරු ඇසුරින් අඩුපාඩු හදා ගන්න)
1). रिपुहनताु - රිපුහන්ත -
2). कोधपरो - ක්‍රෝධ පර -
3). विषटचेषटो - විශාෂ්ට චෙෂ්ට -
4). वनादरिरु चि रः - වනදුර්ග චර
5). उतसाही - උත්සාහි
6). ससुर - සාශුර
7). तेजस्वी -තේජස්වී
8). मांसभकणो - මාම්ෂ භක්ෂණ
9). रौरः - රෞද්‍ර
10). रमभीरः - ගාම්භීර
11). स्थिर सत्वच - ස්ථීර සත්ව
12). खरु -මුඛාර
13). क्षिति पालक- ක්ෂිති පාලක
14). धन समुद्र - ධන සමුද්ද්රා
15). दिवसकर - දිවසකර
16). ख्याति - ප්‍රසිද්ධ
ඉහත ස්ලෝක 2ක තුල පමණක් එකිනෙකට වෙනස් පලාපල 16 ක් සිම්හ (සිංහ) රාශියේ සුර්යයාගේ පිහිටීම අනුව දක්වා ඇත.
ප්‍රවීනයන් කියන අය ගෙනෙන තර්ක නම්
1. සංස්කෘත ස්ලෝක තිබ්බට වැඩක් නැහැ ප්‍රායෝගික නොවේ.
2. ඔය පරණ පොත්වල දේවල් යාවත්කාලීන (update ) කරන්න ඕන
3. අලුතින් හිතන්න ඕන අත්දැකීම් මත තමයි ප්‍රවීණ වෙන්නේ
4. හරියටම උපන් වෙලාව නැත්නම් පලාපල කියන්න බැහැ ....
යනාදී විකාර රූපී තර්ක ගෙන එන්නන් දැන් බහුලය.
එබැවින් අප මෙය ප්‍රායෝගික දැයි බලමු.
මෙම දිනවල රට පුරා ප්‍රධාන මාතෘකාව දේශපාලනය හා දේශපාලකයන්ය. රටේ ප්‍රධානියා වන ජනාධිපති සිරිසේන මහතාගේ උපන් වෙලාව ගැන මති මතාන්තර ගණනාවකි. උදේ 9.00 ලු, උදේ 9.45 ලු... යනාදී වශයෙනි
උපන් වෙලාව ඕනෑ වෙලාවක් වෙත්දෙන්... ඔහු උපන්නේ සූර්යා සිම්හ (සිංහ) රාශි යේ සිටින කල්හීය...
එහිදී සාරාවලියට අනුව ඉහත ස්ලෝකය ක්‍රියා කරන්නේද සලකමු...
(මම FB හි ජ්‍යෝතිෂ්‍ය උගන්වන්නේ නැත, පන්තිවලට පැමිණ ඉගෙන ගන්න අයට උගන්වන අයෙක්මි. නමුත් ශාස්ත්රයේ උන්නතිය වෙනුවෙන් හා ශාස්ත්‍රීය උනන්දුව ඇති අය වෙනුවෙන් සටහනක් පමණක්, මෙහි තබන බව හොදින් වටහාගන්න. එබැවින් සමහර පලාපලයන්ට අර්ථ දැක්වීම් සිතාමතා සදහන් කර නැත. ඒවා ඔබ ජ්‍යෝතිෂ ශිෂ්‍යයෙක් නම් ඔබේ ගුරුවරයා ප්‍රශ්න කර අසා දැන ගන්න)
1). रिपुहनताु - රිපුහන්ත -
මෙහිදී සතුරන් හෝ ජන්මියාගේ දුර්වලතාවන් ඉවත්ව යයි. (මෙම දුර්වලතාවන් මොනවාදැයි ජ්යෝතිශයමව ඉගෙන ගත යුතුය - ඔබ ජ්‍යෝතිෂ ශිෂ්‍යයෙක් නම් ඔබේ ගුරුවරයා ප්‍රශ්න කර අසා දැන ගන්න)
2). कोधपरो - ක්‍රෝධ පර -
අන්අය වෙත ක්‍රෝධයෙන් යුතුවීම. (යමෙකු අන් අය වෙත ක්‍රෝධයෙන් සිටිනුයේ ඇයි?)
3). विषटचेषटो - විශාෂ්ට චෙෂ්ට -
ජන්මියා සමාජය විසින් ප්‍රශංසා කරන ක්‍රියා කරනු ඇත.
4). वनादरिरु चि रः - වනදුර්ග චර
5). उतसाही - උත්සාහි
6). ससुर - සාශුර
සුර- විර්ය සා - යනු යෙදීම, - සාශුර යනු විර්ය ක්‍රියාවන්හි නිරතවීමය.
7). तेजस्वी -තේජස්වී
8). मांसभकणो - මාම්ෂ භක්ෂණ
9). रौरः - රෞද්‍ර
රෞද්රයය. සිංහයකු මෙන් රෞද්‍රය. ඔහු රෞද්‍ර වනුයේ ඇයි? එහි අරුත කුමක්ද? ඒ ඔහු වීර නිසාද? . ඔහු බියගුල්ලේකු නොවන නිසා සටනටද මැලි නොවේ. මෙහිදී රෞද්‍ර යනු කුමක්ද?
10). रमभीरः - ගාම්භීර
11). स्थिर सत्वच - ස්ථීර සත්ව
12). खरु -මුඛාර
මුඛරිය, වාචාලය, දොඩමලුය. පුද්ගයෙකු සෑම විටම කථා කරමින් සිටිනුයේ ඇයි? මෙහි තිබෙන වෙනත් අයහපත් පැතිකඩයක් නම් ඔවුන් තුළ අමුතු ආකාරිය කථනයක් දැකිය හැක. මෙය යම් ආකාරීය සන්නිවේදනය පිළිබඳ ගැටළුවක් ලෙසද අර්ථ දැක්විය හැක.
13). क्षिति पालक- ක්ෂිති පාලක
14). धन समुद्र - ධන සමුද්ද්රා
15). दिवसकर - දිවසකර
16). ख्याति - ප්‍රසිද්ධ
ප්‍රසිද්ධ අයෙකු වන්නේය.
මෙහිදී ඉහත දක්වා ඇත්තේ සිම්හ (සිංහ) රාශියේ සුර්යයාගේ පිහිටීම අනුව හේතු දැක්වීමකි. මේ අනුව බැලුකල වත්මන් ජනාධිපති තුමා ක්රියාකරනුයේ මේ ග්‍රහයන් ට අවශ්‍ය ලෙසට බව ඔබට වැටහෙනු ඇත. කෙසේ වුවත් මෙම 'සාරාවලිය" ග්‍රන්ථයේ පලාපල ප්‍රකාශය ගුරු ඇසුරකින් ඉගෙන ගත යුතුය. මෙහි රහස් බොහෝ වේ.
මෙම ඉහත ප්‍රතිඵල වෙනස් විය හැකි අයුරු ග්‍රහයන් ලබා දෙන දෘෂ්ඨිය නිසා නිශ්චිතව වෙනස් වන අයුරු සැලකීම සදහා ස්ලෝක හි පරස්පරතා ඇත. එහිදී එම පරස්පරතා සදහා සැලකිය යුතු රහස් උපක්‍රම ගුරු ඇසුරින් ලබා ගත යුතු වන්නේය. (මෙය යමෙක් සරලව කියන දෘෂ්ටි නොවේ ඒ ඒ දෘෂ්ටි සදහා ඍජු පලාපල බලන ක්‍රමයක් ඇත)
උදාහරණෙට සැලකුවහොත් එහිම 38 ස්ලෝකයට අනුව
සිම්හ රාශියේ සිටි හිරු බුධ විසින් දක්නා ලදහොත් (දෘෂ්ටි ලදහොත්) විද්‍යා දත්තෙක්, ලේඛකයෙක්, වෙයි. සොරුන් ආශ්‍රය කරයි. තන්තන්හි ඇවිදියි, හීනගති ඇති. අල්ප ස ශක්ති ඇත්තෙක් වෙයි.(ඔබ ජ්‍යෝතිෂ ශිෂ්‍යයෙක් නම් ඔබේ ගුරුවරයා ප්‍රශ්න කර ඔබගේ උදාහරණ ඇසුරින් අසා දැන ගන්න)
ඉහත ගැටලුව නම්, බුධ හිරු වෙත දෘෂ්ටි ඇති කරන්නේ කෙසේද? එසේනම් මෙහි සැගවුන දෘෂ්ටි පිළිබද රහස කුමක්ද? ස්ලෝකෙන් ස්ලෝකයට අරුත් ගුරු ඇසුරින් දැනගත යුතුම ය.
යම් පොතක් සල්ලි දී ගත් පමණින්, internet හරහා download කරගත් පමණින් ශාස්ත්‍ර වන්තයෙක් වන්නේ නම් කුමක් කල හැකිද? බොහෝ දෙනෙක් පොත්, පත්තර කියවා ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගැනීමට යාම හරහා ජ්‍යෝතිෂයට වන්නේ අවැඩක් මිස උන්නතියක් නොවේ. ජ්‍යෝතිෂයට ගුරු ඇසුර අවශ්‍යමය.
(මෙම ලිපිය අරමුණ වුයේ අපේ රට තුල ජ්‍යෝතිෂය උන්නතිය සදහා අප කෙසේ ක්‍රියා කල යුතුද? මෙතරම් පැරණි පොත පත හරහා ඍජුව පලාපල කිව හැකිව තිබියදී, වටේ පිටේ කියව කියව ඉන්නවාට වඩා ජ්‍යෝතිෂය සාකච්චාවන් කල හැකි දක්ෂ පිරිසක් බිහි කිරීමට වට පිටාවක් ඇති කරලීමට අවශ්‍ය පරිසරය රට තුල ඇති කරලීමට උනන්දුව ක් ඇති කිරීමටය.)
මෙයට අමතරව අනෙක් දේශ පාලකයන්ගේ උපන් විස්තර ඔබ දන්නා පරිදි සටහන් කල හැකිනම් එම සටහන්ද මේ විස්තර සමග සසදා බලමු. (වෙනත් පොස්ට් එකකින් විස්තර සහිතව)
(කෙසේ වෙතත් යමෙකුගේ හදහන තුල 10වන භාවයේ නීච ග්‍රහයෙක් සිටීනම්, යම් දිනක එම ජන්මියාට රාජ යෝග උදාවනු ඇත. එසේම රාජ යෝගය ඇතිකළ අය විසින් එම ජන්මියාව පහලට ඇද දමනු ඇත. එයින් බේරීමට නම් නීච භංගයක් නියමාකාරව තිබිය යුතුය. නැතිනම් ඛේදනීය වන්නේය.)
මතු සබැදි
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාල වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
කුමා වෙල්ලාලගේ - 0712758744
2018.11.23 පළමු පල කිරීම
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.