ඉෂ්ට දේවතා 01


ඉෂ්ට දේවතා

රාම් රාම් රාම් ෴

මෙම ලිපියේ සදහන් නොමැති දේ,

1). ඉෂ්ට දේවතා යනු කවුද? යන ප්‍රශ්නය සදහා මෙම ලිපියේ පිළිතුරු නැත.
2). ඉෂ්ට දේවතා යමෙකුගේ ජීවිතයට නිශ්චිතව බලපෑම් කරනුයේ කෙසේදැයි යන්න සදහාද මෙම ලිපියේ පිළිතුරු නැත.
3). ඉෂ්ට දේවතාවන් නැමදීම/වන්දනා කල යුතු නිවැරදි අකාරය ගැන නිවැරදිම යොමු කිරීම ඔබ උගත් ශාස්ත්‍ර දන්නා අයෙක්ගෙන් පමණක් දැනගත යුතු බැවින් එයද මෙම ලිපියේ සදහන්ව නැත.
4). ඉෂ්ට දේවතා වන්දනාව හරහා ඔබට නිශ්චිතව වන බලපෑම ඔබට දැනෙන ආකාරයද මෙම ලිපියේ සදහන්ව නැත.

ඉහත 1,2,3,4  දක්වා සිටින්නේ ඔබ මෙම ලිපිය හරහා ලබාගත හැකි "නිශ්චිත සාරයේ" (දැනුම) සීමාව දැන ගැනීම වැදගත් වන බැවිනි. ඒ හරහා ඔබව නොමග යවන්නට උත්සහ ගන්නා අයගෙන් ඔබව බේරා ගැනීමට මේ දැනුම ඔබටම පිටුවහලක් වනු ඇත.

ඉෂ්ට දේවතාවන්  නොවන අය

ඉෂ්ට දේවතා  යනු "ජීවත්වන පුද්ගලයෙකු" හෝ "මියගිය පුද්ගලයෙක්" හෝ "හොල්මනක්" හෝ "භූතයෙක්" හෝ "ඉපදීමට නොහැකිව සැරිසරන ආත්මයක්" (Spirit) හෝ "දේවාලයක දි ඔබට ලැබෙන වරමක්/බලයක්" නොවන්නේය.

ඉෂ්ට දේවතා සංකල්පය  "බෞද්ධ සංකල්පයක්" ද ?

ඉෂ්ට දේවතා  සංකල්පය  "බෞද්ධ සංකල්පයක්" ද නොවේ. එබැවින් එසේ බෞද්ධ සංකල්පයක් ලෙස යමෙක් හෝ යම් භික්ෂුවක් හෝ අර්ථ දක්වන්නේ නම් , සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ භාෂිත ධර්ම කාණ්ඩය සදහන් ස්ථානය (ත්‍රිපිටකය තුල) දක්වා සිටින මෙන් ඔබ ප්‍රශ්න කර සිටින්න.

මෙම ලිපියේ අන්තර්ගතය

ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය හරහා ඉෂ්ට දේවතා සොයා ගන්න ආකාරය...  එම ඉෂ්ට දේවතාවන් ඔබව මෙලොව දී ඔබව මෙහෙයවන අයුරු පිලිබදව කෙටි විස්තරයක්...
එහිදී ශාස්ත්‍රයට අනුව ඉෂ්ට දේවතා සොයා ගන්නා ආකාරය ගැන සදහන් ආකාරය හා ඒ සදහා අනුගමනය කල යුතු පියවරයන් කිහිපයක් පමණක් (ජනප්‍රිය කිහිපය) මෙම ලිපිය හරහා සලකා බලනු ඇත්තේය.  

නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් කරුණාකර Share කරන්න මැලි නොවන්න ..)

ජ්‍යෝතිෂය භාවිතා කර  ඔබගේ ජන්ම පත්‍රය සැකසීමේදී, ලග්නය සදහන් සටහන ද නවාම්ශය සදහන් සටහන ද ඔබට දක්නට ලැබෙනු ඇත්තේය.

ඔබගේ ජන්ම පත්‍රය තුල නවාම්ශය  ඔබගේ ධර්මතාවයන් පෙන්වන චක්‍රය යි. ආත්මය හා සලකන කල්හි ලෞකික පැවැත්ම/ මානසික තලය /සවිඥානය /උපවිඥානය ගැන නොව එයට වඩා ඉහළ තලයක් ගැන අප සලකා බලයි. ලෞකික ව ඔබ කරන දේට වඩා මට්ටමක් මෙහිදී අපේක්ෂා කරන්නේය.  එය එසේ වුවද, ආත්මයට ඔබගේ ලෞකික ක්‍රියාකාරකම් හා සම්භන්ද ව කටයුතු වලට සහභාගී වීමට හා සාක්ෂි දැරීමටද සිදු වන්නේය. ලෞකික දිවිය තුලදී  යම් යම් දේ කිරීම හා නොකිරීම සම්බන්ධව ආත්මයට උනන්දුවක් තිබුණ ද ඔබගේ ධර්මතාවයන් සදහා එය  වඩාත් උනන්දු වන්නේ ය. රාශි සටහන ඔබ කරන දෙය ද නවාම්ශ සටහන ඔබගේ මගපෙන්වීම, ඔබව පාලනය කිරීම, ඔබට මාර්ගඋපදේශනය, එනම් ඔබගේ ධර්මතාවයන් පෙන්වන සටහනයි.

ආත්මය වඩාත් උනන්දුවක් දක්වන්නෙ, ඔබට නිවැරදිව මග පෙන්වන දේ දැනගැනීම සඳහාය. ආත්මයට අවශ්‍ය වනුයේ නිවැරදි අරමුණු වලට යටත්ව, ඔබව නිවැරදි මාර්ගය තුල ගමන් කරවමින් ඔබට මග පෙන්වීමට ය. ශාස්ත්‍රීයව ආත්මය නිරන්තරයෙන් ඔබ සමග සිටි, ඔබට නින්ද ගියද එය අවධියෙන්ය.  

ආත්මයේ මෙම නොනිදන්නාවූ උනන්දුව වන නිවැරදි මාර්ගය පෙන්වීම නම් එය "ධර්මා" වියයුතුය. එනම් ධර්මතාවන් වලට එකග විය යුතුය. මෙය ජ්‍යෝතිෂය හරහා විග්‍රහ කර බලමු. ඔබගේ ආත්මය නිවේදනය කරන ග්‍රහයා "චර ආත්මකාරකයාය".  නවාම්ශය තුල ආත්ම කාරකයාගේ තැන්පත්වීම සලකමු. මෙයට  කාරකාම්ශය යයි ද කියන්නේය. ඒ හරහා "ඉෂ්ට දේවතා" සොයා යාමට අප උත්සහ ගත යුතුය.

එහිදී නවාම්ශ හි ආත්මකාරකයා තැන්පත් රාශියෙන් දොළොස්වැන්න සලකමු. මෙය සෑම විටම කළ යුත්තකි. ආත්මකාරකයා ගෙන් දොළොස්වැන්න නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා නිවේදනය කරයි.

මෙහි වැදගත්කම නම් "ලෞකික" ව ජීවත්වන අපගේ "භෞතික ශරීරය සන්තර්පණයට" වඩා ආත්මයට අවශ්‍ය වනුයේ "නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා වීම" වන්නේය. අප සතුව ඇති භෞතික ශරීරය කෙසේ හෝ කවදා හෝ විනාශ වී යන්නේ ය. එසේ විනාශව ගොස් එය පංච මහා භූතයන්ට එක්වනු ඇත්තේය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන්ට අපගේ භෞතික ශරීරය නැවත එකතු වන්නේය. ඒ සඳහා යම් විටෙක අවුරුදු සීයක් එකසිය විස්සක් වුවද කාලය ගත වුවද එම සිදුවීම අනිවාර්යෙන්ම සිදු වන්නේය.

විශ්වයේ ආයුෂය ට අනුව "භෞතික ශරීරයට" ඇත්තේ ඉතාම සුළු පැවැත්මකි.  "මනසට" පවා ඇත්තේ සීමා සහිත වූ පැවැත්මකි. ශරීරය විනාශ වුවද "මනස" තවදුරටත් පැවතිය හැක්කේ ය. ඒ යම් කාලයකටය නමුත් සදාකාලිකවම මනසට ද පැවතිය නොහැක්කේය.

ශාස්ත්‍රීයව ජොතිෂ්‍ය තුළ විග්‍රහ කරන ආකාරයට "රුද්‍රා" පැමිණ අපගේ ශරීරයෙන් මනස පිටතට ගන්නේ ය. එවිට ශරීරය විනාශ වේ. ඉන් පසුව "මහේෂ්වර" පැමිණ මනසින් ආත්මය ඉවත් කිරීමත් සමඟ මනස ද විනාශ වන්නේය. විනාශ කළ නොහැකි එකම දෙය නම් ආත්මය යි.

නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා ලබනුයේ ආත්මය නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සාක්ෂාත් කරගැනීමෙන් පසුව පමණි. ආත්මය තමන් ගේ ස්වරූපය අත හැරීමෙන් පසු නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සාක්ෂාත් කරගන්නේ ය. එහෙයින් නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සඳහා ආත්මයෙන් දොලොස් වැන්න එනම් හඳහන තුළ චර  ආත්මකාරකයා ගෙන් දොළොස්වැන්න නවාම්ශය තුළ සැලකිය යුතු වන්නේය.

දොළොස් වැන්න යනු අතහැරදැමීම පෙන්වන භාවයයි. තම ස්වභාවය අතහැරිය විට නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සාක්ෂාත් කරගන්නේ ය.

ඒ සදහා "නවාම්ෂයේ"  චර  ආත්මකාරකයාගෙන් දොළොස්වැන්නේ තැන්පත් ග්‍රහයන් ඔබව නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා වෙත රැගෙන යන මාර්ගය පෙන්වන දේවතාවන් නිවේදනය කරන්නේය. "ජෛමිනි උපදේශ සුත්‍ර" අනුව  මෙම දේවතාවන්  දක්වා ඇත්තේ ග්‍රහයන්ට අනුකූලවය.

මෙලෙස තෝරා ගන්නා ලද ග්‍රහයා හරහා අප දේවතාවන් සොයාගන්නේ ය. එලෙස සොයාගත් දේවතාවන් "ඉෂ්ට දේවතාවන්" යනුවෙන් හඳුන්වන්නේය.

ඉෂ්ට දේවතාවන් ඔබව නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා නැත්නම් නැවත ඉපදීම නතර කිරීමට සඳහා අවශ්‍ය මාර්ගයට රැගෙන යාමට ඉවහල් වන්නා වන්නේය. ඉෂ්ට දේවතාවා ඔබගේ අධ්‍යාත්මික ස්වභාවය දියුණු කර ඔබව නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා වෙත ළඟා වීමට උදව් කරන්නා වන්නේ ය.

ඒ ඒ පුද්ගලයාට අනුව නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා ලබාගැනීමට බොහෝ ජීවිත කාල ප්‍රමාණයක් ගත යුතුය. එනම් සංසාරය තුළ ගමන් කරමින් නැවත නැවත ඉපදෙමින් මේ සඳහා උත්සාහ කල යුතුය. නමුත් යම් ජීවිත කාලයක් තුලදී නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සඳහා උත්සාහයක් වත් කිරීම ඉතාම වැදගත් වන්නේය. එවන් උත්සාහය කිරීම පවා ප්‍රමාණවත් වන්නේය. මෙහිදී ග්‍රහයන්ට අනුව දේවතාවන් දක්වා සිටියහොත්

1) සූර්‍යා - ශ්‍රී ශිව
2) චන්ද්‍රයා - ශ්‍රී ගෞරි
3) මංගල් (කුජ) - ශ්‍රී කාර්තිකේය (කතරගම දෙවියන්)
4) බුධ - ශ්‍රී විෂ්ණු
5) ගුරු - ශ්‍රී සදා ශිව/සාම්බු ශිවා
6) ශුක්‍ර - ශ්‍රී ලක්‍ෂ්මි
7) ශනි - ශ්‍රී නාරායන
8) රාහු - ශ්‍රී දුර්ගා
9 කේතු - ශ්‍රී ගනේෂ්

ශාස්ත්‍රයේ සඳහන් වන පරිදි, නවාම්ශ යේ ආත්මකාරකයා තැන්පත් රාශියෙන් දොළොස් වැන්නේ "කේතු" තැන්පත්ව සිටී නම්, එම පුද්ගලයා නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා අත්පත් කර ගනී. ඒ සඳහා කිසිදු "අයහපත් දෘෂ්ටියක් හෝ වෙන ග්‍රහ බලපෑමක්"  නො තිබිය යුත්තේ ය. සුබ දෘෂ්ටි තිබුනාට කමක් නැත. එහිදී වීර්ය කරන්නන් හට පමණක් උත්සහ කර එම නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා වෙත ලගාවීමට හැකි වන්නේය.

කාරකාම්ශයෙන්  දොළොස් වැන්නේ කේතු තැන්පත්ව කෲරයන් ගේ දෘෂ්ටි සහිතව ඇත්නම්, ඔහු මෝක්ෂය ලගාකර නොගනී. නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සඳහා ගමන් නොකරයි. නමුත් නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සඳහා ආසන්නතම පියවරකට ළඟා වනු දක්නට ලැබෙන විය හැකිය. එයද දැකිය  හැක්කේ ඉතාමත්ම අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන පුද්ගලයන් තුළ පමණි. ඔබ ඔබගේ ඉෂ්ට දේවතාවන් දන්නේ නම්, ඉෂ්ට දේවතාවන් නැමදීම හරහා නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා කරා ළඟාවීමට මෙම ඉෂ්ට දේවතා වන්දනාව උපකාර වන්නේය.

ශාස්ත්‍රීය පොතපත තුල ඉෂ්ට දේවතාවා සොයා ගන්නා ජනප්‍රිය ක්‍රමය ලෙස දක්වා තිබුණේද, මේ සඳහන් කර ඇත්තේ "ජෛමිනි උපදෙෂ සුත්‍ර" යේ සඳහන් ආකාරයටය. මෙයට අමතරව ඉෂ්ට දේවතාවා සොයා ගැනීම සඳහා මෙයට අමතර පියවර කිහිපයක් අනුමනය කළ යුත්තේය. එහිදී දොළොස්වැන්නේ යම්කිසි ග්‍රහයෙක් නැත්නම් හෝ ග්‍රහයන් කිහිපදෙනෙක් සිටින්නේනම් මෙම ඉෂ්ට දේවතා තෝරා ගැනීමට, ඔබ මේ පිළිබඳව මැනවින් ම ශාස්ත්‍ර දන්නා වූ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගේ උපදේශය ලබාගත යුත්තේය. නැතිනම් ඔබ වෙනත් දේවතා කෙනෙකුට වන්දනා කරනවා විය හැක. එහිදී ඔබගේ අරමුණ  සාක්ෂාත් කරගැනීමට නොහැකි වන්නේය. එහිදී ඉෂ්ට දේවතා නැවත වරක් හමුවන තෙක් ඔබට පහසුවෙන් ඔබ යන අධ්‍යාත්මික මාර්ගය විවෘත කර ගැනීමට නොහැකිවනු ඇත.

කාරකාම්ශයෙන් 4,8,12 මෝක්ෂය නියෝජනය කරන්නේය. කාරකාම්ශයෙන් හතරවැන්න "ගති" - ජීවිතයේ  දිශානතිය, නැත්නම් මාර්ගය පෙන්වන භාවයයි. කාරකාම්ශයෙන් අටවැන්න කැපවී උට්ඨාන වීර්යයෙන් යුතුව, කාරකාම්ශයෙන් අපේක්ෂාවකින් තොරව කටයුතු කරන භාවයයි. කාරකාම්ශයෙන් දොළොස්වැන්න එම තත්ත්වයෙන් පසුව තම නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා ශාක්ෂාත් කරගැනීමයි.

"ජෛමිනිට"  අනුව කේතු4 හෝ 12 සිටීම මෝක්ෂ මාර්ගයට යොමු ලෙස දැක්වූවද ආත්මකාරකයා ගෙන් 4,8, 12 කේතු සිටීම ද ජන්මියා නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා වෙත ළඟා කරන තත්වයක් නිරූපණය කරන්නේ ය. නවාම්ශය තුල ආත්මකාරකයා ගෙන්  4 වැන්නේ  කේතු සිටීම මෝක්ෂ සඳහා යොමු වුවද, අටවැන්නේ විම යම් උත්සාහයක් දැරීම ද දැකිය හැක, දොළොස්වැන්නේ වී මෙම ජන්මියා මෝක්ෂය ලබාගැනීම හෝ ඒ කරා ළඟාවීම යන දෙකෙන් එකක් සිදුවිය හැකි අවස්ථාවක් ලෙස දැක්විය හැක.

නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා/කෛවල්‍ය  සඳහා නම් ආත්මය තම ඇලී සිටීම් අතහැර යුතු යුත්තේය. නොඇලී සිටීම ජන්මියා නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා  කරා යොමු වීම පෙන්වා දෙන්නේය. එහිදී කේතු වෙත යම් ග්‍රහ බලපෑමක් ඇතිවීම හරහා ඇලී සිටීමට කාරණාවන් ඇතිවන බැවින් නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා කරා පුද්ගලයා යොමු නොවේ.

ශාස්ත්‍රීය ව සලකන කල්හි මෙම විශ්වය පිළිබඳ වන්නා වූ රහස් වලින් උපරිම වශයෙන් මනුෂ්‍යයකුට අවබෝධ කරගත හැක්කේ අටෙන් එකක පමණ කොටසකි. එය අවබෝධ කරගත හොත් ඔබ සෘෂි කෙනෙකු හා සමාන වීම හෝ අභිභවා යන්නේය. එබැවින් මෙහිදී නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා යනු එකක් ලෙස ඒවා වෙන් වෙන් ආකාර ලෙස විග්‍රහ කළ හැකි වනු ඇත.

නමුත් මෙහිදී මේ සියල්ල සඳහා සිදු කල යුතු එකම දේ නම් ඇලීමකින් තොර විය යුතුවීම යි. ඒ සඳහා හේතු වන ග්‍රහයා කේතු වේ. මෙම කේතුගේ ක්‍රියාත්මකවීම නොමැතිනම් මෝක්ෂය සාක්ෂාත් කර නොගන්නේ ය. ආත්මය, මායාව සමග සම්බන්ධව ලෞකික ජීවිතය හා භෞතික ව්‍යුත්පන්න වූ වස්තූන් සමඟ සබැදිව කටයුතු කරන හෙයින් එහි දී නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා පුද්ගලයා විසින් දුටුවද,  එය නිර්වාණය, එය මෝක්ෂය, එය ජීවන් මුක්තා නොවේ යැයි වෙනත් යමක් ලෙස වටහාගැනීම ආත්මය සිදුකරන බැවින්, මෙම තත්ත්වය මඟ හරවා නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා වෙත යොමු කරවන බැවින් ද නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා සඳහා කාරකයා ලෙස කේතු ඉතා වැදගත්ය.

මෙලෙස ඔබව "ලෞකික ලෝකය" තුල සියලුම දේවල් සාක්ෂාත් කර ගනිමින්, තමන්ගේ ගමන "ලෝකෝත්තර" නැතිනම් අධ්‍යාත්මික ගමනකින් අවසන් කර ගැනීම සඳහා ඒ සඳහා යොමු කරවන්නාවූ දේවතාවා ඉෂ්ට දේවතාව ලෙස සඳහන් කළ හැක්කේ ය. යම් පුද්ගලයෙකු ඔබ වෙත පැමිණියේ නම්, ඔබ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙක් නම්,මෙම ඉෂ්ට දේවතාවන් නමදින ආකාරය, මන්ත්‍ර ආදී  සියලුම දේ එම පුද්ගලයා වෙත ලබා දීම ඔබ සතු යුතුකමක් වන්නේ ය. ඒ මක්නිසාදයත් ලෞකික ලෝකය තුළ ජීවත් වීම පමණක්ම නොව එහි තාවකාලික සැප විඳීම පමණක්ම නොව, ජීවිතයේ එකම අරමුණ පංචේන්ද්‍රියයන් පිනවීම පමණක් ම නොව, ඒ ජන්මීන් යම් කිසි දවසක ඔවුන්ගේ ආගමානුකූලව  අනුගත ක්‍රමවේදයට අනුව නිර්වාණය/මෝක්ෂය / ජීවන් මුක්තා හෝ දෙවියන් හා එකතු වීම සඳහා යා යුතු බැවිනි.
මෙහිදී එම පුද්ගලයන්ව, මේ කරා යොමු කිරීම සිදුකළ යුත්තේය. ඒ සඳහා ඔවුන්ගේම ආගම හා ඇදහිලි වලට උචිතව, මෙම ග්‍රහයන්ට අනුකූලවූ දෙවිදේවතාවන් වෙන් වෙන් වශයෙන් දක්වන්නාවූ වන්දනාමාන ක්‍රමවලට, ඔවුන්ගේ ආගමික විශ්වාසය අනුව යොමු කිරීම වඩා උචිතය.

ආගම, භක්තිය යනු ඔවුන්ගේ හදවතය.  එම හදවත තුළින්ම ඔවුන්ට ඉදිරියට ගමන් කරමින් ඔවුන්ගේ "හෘදයට සාක්ෂි" දරමින් ජීවන යාත්‍රාව පදවාගෙන යෑමට ඔවුන්ට උපකාර කළ යුතු වන්නේය. එක් ආගමක් මතම පමණක් යමෙක් ගේ ජීවිතය පදනම් ව පවතිනවා නම් එහිදී ප්‍රවේශමින් උපදේශනය කළ යුතු වන්නේය.   නමුත් ඔවුන් විවිධ දේවතාවන් සහ විවිධ ගුරුවරුන් වන්දනා කරන්නේ නම් ඔබට එහිදී පහසුවක් සහිතව උපදේශනය කල හැකිය. මෙය සිහි තබාගෙන උපදේශනය ඉටු කිරීමට ඔබ ජෝතිෂ්‍ය ශාස්ත්‍ර වන්තයෙක්  නම් උත්සාහ දැරීම කළ යුතුමය.. ඔබට ජය..

ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් Share කරන්න මැලි නොවන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744
2019.07.29

ජ්‍යෝතිෂය අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.

කළුතර -
කුරුණෑගල -
කොළඹ -
විමසීම් - 0712758744

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular