ජන්මය හා පූර්ව කර්ම
ඔබගේ ආයුෂය ඔබගේ ජන්ම නක්ෂත්ර මත පදනම් වන්නේය. "ජන්ම නක්ෂත්ර" යනු ඔබගේ උපතේදී චන්ද්‍රයා තැන්පත් වූ නක්ෂත්රයයි. එය මෙලොව ඔබගේ ආයුෂ ප්‍රමාණය මෙනම මෙම උප්පත්තිය තුළදී ඔබ ලබන දඬුවම් ප්‍රමාණය ද කියා පාන්නේය. ඔබ මෙලොවදී ජීවත් විය යුතුව ඇත්තේ පූර්ව ජන්ම වල දී සිදුකරන ලද යහපත් හා අයහපත් කර්ම පොදි බැද ගෙනය. එන කර්ම මේ ජන්මයේදී බලපාන අයුරුද හදහන හරහා විද්‍යාමාන වන්නේමය.
පූර්ව අයහපත් ක්‍රියා සඳහා දඬුවම් ප්‍රමාණයක් ඔබට ලැබෙන්නේ ය. ඔබ මෙහිදී ජීවත් විය යුත්තේ එම විඳවීම සඳහාමය. මරණයට පත් වුවන් කිසිදිනක විඳවන්නේ නැත. එබැවින් මරණයට පත් වූවන් සඳහා අප ජ්‍යෝතිෂයේදී දශාවන් භාවිත නොකරන්නේ ය. ජීවත්වන්නන් සඳහා අප වර්ග චක්‍ර භාවිත කරයි. එසේ කර මේ ජීවිතයේදී විවිධ පැතිකඩවල් තුල දී දඬුවම කොපමණ ප්‍රමාණයක් ඒ විවිධ ජීවිත පැතිකඩ වලදී විඳවන්නේ දැයි බලන්නේය.උදාහරණ: පාසැලේදී, රැකියාවේදී, විවාහයේදී, දරුවන් හරහා, ඔබේ රථවාහන, මොබයිල් ෆෝන් එක, ෆේස් බුක්,SMS ආදී දේ හරහාද ඔබ විදවිය හැක...
එසේම ජ්‍යෝතිෂය තුලින් ජීවිතයේ විවිධ පැතිකඩ තුල, කොතරම් ප්‍රීතියෙන් ජීවිතය ගත කරන්නේද, කොපමණ නිදහසක් ඔබට තිබෙන්නේ දැයි අප සලකා බලන්නේද වර්ග චක්‍ර හරහාමය. එය එලෙසම ඔබ අධ්‍යාත්මිකව සංවර්ධනය වන්නේ ද එහිදී ඔබට තීරණාත්මකව අධ්‍යාත්මික ගමනකදී ඉදිරියට යෑමට හැකි දැයි හා ඒ සඳහා උපකාර තිබේද? නැතිනම් යමෙක් වචන ප්‍රමාණයෙන් පමණක් අධ්‍යාත්මිකත්වය ගැන කතා කරමින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එලෙස හැසිරෙන්නේද? රහස් කණ්ඩායම් සාදා ගනිමින් අනෙකුන්ට කෙළවන්නට දත මදිමින් පුපුරමින් මේ අධ්‍යාත්මය ක් ගැන කතා කරන්නේද? මේ සියල්ලම අපට වර්ග චක්‍රයක් හරහා ද විසඳා ගත හැක්කේය.
ශාන්තිකර්ම හා උපාය
මිනිසුන් ලෙස උපත ලැබූ පසු ඔවුන් පෙර කරන ලද අයහපත් කර්ම නිසාවෙන් සිදුවන්නා වූ දේ, නැතිනම් ඔවුන්ට ලැබෙන දඬුවමින් ගැලවීමට ක්‍රමයක් තිබේද? මෙසේ ගැලවීමට ක්‍රමයක් තිබේ නම් ඒ කුමක්ද ? ජෝතිෂ්‍ය මෙහිදී පෙරට එන්නේය. එහිදී පළමුව ඔබට ලැබෙන්නට යන දඬුවම හඳුනාගත යුතුය. ඉන්පසු ඒ සඳහා පැරණි ග්‍රන්ථවල, විශේෂයෙන්ම වේදාංග ජ්‍යොතිෂය තුළ සඳහන් වන්නා වූ දැනුමෙන් එම දඬුවමින් මිදීමට විවිධ වූ මාර්ග ඇත්තේය.
යමෙක් මේවාට ශාන්තිකර්ම කියා කියයි. ශාන්තිය යනු ඔබ වෙනුවෙන් කෝපවූ ඔබට දඬුවම් ලැබීම, දඬුවම් දීම සඳහා ඉදිරිපත්ව ඇති ග්‍රහයන් ගේ කෝපය සිඳවාලීමය. එසේම එහිදී පෙර කර අයහපත් කර්ම වලට යම්කිසි ගෙවීමක්හෝ එය අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් විය යුතුදේ සදහා - හානි, පාඩු පිරවීම සඳහා යම්කිසි වූ මාර්ගයක් කියා දෙන්නේය. මෙයට අමතරව උපාය හරහා කර්ම මගහරවා යෑමක් කල හැක. නමුත් ඒ සඳහා දඬුවම් නැවත ලැබෙන්නේ ගුණාකාරවය. දඬුවම් මගහරවා යාම සඳහා තිබෙන්නාවූ උපක්රමයන් අතරින් Lal Kithab ජ්‍යොතිෂය තුළ බහුලවම භාවිතා වන්නේය. එසේ දඬුවමින් මගහැර ගිය ද යම් කිසි දිනෙක එයට මුහුණදීමට ඔබට සිදු වන්නේ ය.
මෙලෙස අප දඬුවම් විඳීමට පැමිණීම ඇත්නම්, අපි පෙර කරපු කර්මයන් සඳහා විඳවීමට අපේ ජීවිත කාලයම ගත කල යුතුද? මේ ගැන සදහන් දේ සොයා බැලූ කල ශාස්ත්‍රීයව පූර්ව අයහපත් කාර්ම පලදීමට ආරම්භ වූ මොහොතේ සිට ඉදිරියට වර්ෂ 24ක් හෝ වර්ෂ 36 හෝ වර්ෂ 48ක් දක්වා ඉදිරියට විදවන්නට සිදුවන බව සඳහන්ය. කෙසේ වුවද මෙලෙස ජීවිතය පුරාවටම පීඩාවන් විදිමින් ඉදිරියට යනවාට වඩා මේය කෙටි කලකින් ගෙවා නිම කර ඉදිරි කාලය හොඳින් ගත කිරීමට හැකි ක්‍රමවේදයන් සඳහන්ය.
එහිදී ජීවිතය පුරා ඇති පීඩාව දින 40කින් හෝ දින 50 කින් හෝ වසරකින් හෝ වසරක් හා දින 80කින් අවසන් කර සතුටින් ජීවිතයේ ඉතිරි කාලය නිදහසේ ගතකිරීමට හැකි "වෘත" යනාදිය ශාස්ත්‍රය තුළ සඳහන්ය.
කර්ම ගෙවීම සදහා මාර්ග
මෙලෙස පීඩාවන් ඉවත්කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඔබ සොයා ගත යුත්තේ ග්‍රහයන් හා සම්බන්ධ වී ඇති ප්‍රධාන දෝෂයන් ය. ඒවා යම් කිසි විටෙක සාපයක් විය හැක. දේව කෝප විය හැක. භූත, පිසාච ගැටළු විය හැක. ඒ කුමක් වූවත් , එහිදී මෙම ප්‍රධාන ගැටලු පෙනෙන්නා වූ පීඩාකාරී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම කෙටිකාලීනව ගෙවා දැමීම "ශක්ති යෝග" ලෙස හඳුන්වන්නේ ය. බලහත්කාරයෙන් විශේෂ "වෘත" සමාදන් වෙමින් ඔබ පීඩාකාරී කාලය කෙටි කරනු ලබයි. එහිදී ඔබ යාඥා කරන්නේය. මෙය මන්ත්‍ර හරහාද සිදු කළ හැක. මෙහිදී මේ ක්රමයන් හරහා කර්මය විදවිය යුතු කාලය සම්පිණ්ඩනය කර එය ගෙවා දැමීම සඳහා කටයුතු කරන්නේය. දැඩිව සවිමත්ව බලවත්ව ඔබ පූර්ව කර්ම සමඟ ගනුදෙනු කිරීම, කර්මයන්ට නිර්භීතව මුහුණ දීම මෙහිදී "ශක්ත" ලෙස හැඳින්වේ. සියලුම කර්මයන් දවා හරිමින් වසරක් තුළ ඉවත් කරන්නට යන්නේ නම් පීඩාව ඉතාමත්ම වේගවත්, තදබල, අධික වනු ඇත. ඔබට දැරීමට ඉතා අපහසු වනු ඇත. ඔබ එයට සූදානම් නම් "ශක්ති මාර්ගය" තෝරාගන්න. ඔබ එම මාර්ගය තෝරා ගැනීමට සූදානම් නොවේ නම් වෙනත් මාර්ග ඇත.
ඔබට දැඩි පීඩාවන්ද දැරීමට නොහැකිනම්, ඔබ දුර්වල යැයි සිතන්නේ නම්, දෙවියන් අයදින්න -
"දෙවියනි මේ මම නොව ඔබ ශක්තිමත්ම තැනැත්තාය, මාගේ මනස සියලු මායාවන්ගෙන් බැඳී පවතී, මම මෙම පීඩාවන්ගෙන් මිදීම සඳහා මාර්ගය නොදන්නේය, කරුණාකර මා කරා පැමිණ මට මාර්ගය පෙන්වා දෙන්න."
එලෙස ඔබ දෙවියන්ට යටහත්ව පක්ෂව එක්සිත්ව අයැද සිටිය යුත්තේ ය. එහිදී ඔබ ඔබගේ ආරක්ෂාව සඳහා තෝරා ගන්නේ ඔබට කැමති මාර්ගයක් නොව වෙනත් මාර්ගයකින් ඔබව ආරක්ෂා කිරීමටය.ඒ ඔබට පීඩාවකින් තොරව ජීවිත ගමන ඉදිරියට යෑම සඳහාය. මෙලෙස යදිමින් සිටීම "වෛෂ්ණව මාර්ග" ලෙස හැඳින්වේ. එහිදී ඔබ ජල පහරට හසු වූ ගසක් නැවී බේරෙන්න සේ කාලය ගත කර නැවත හිස වීම මෙහිදී අදහස් කෙරෙන්නේ ය.
මෙයට අමතරව තවත් මාර්ගයක් ඇත්තේය. එය "ශෛව මාර්ගය" යි. එහිදී කිසිවෙකුට බියනොවී මනස සමතුලිතව පවත්වා ගනිමින් සිටීම සිදුකල යුතුය. එහි දී මනස ප්‍රීතියෙන් හෝ අසතුට යන දෙයාකාරයම විඳ දරාගෙන සිටියි. මනස භාවනාව හරහා පාලනය කරන්නේය. එහිදී වේදනාව නොදැනේ යම්සේද, වින්දනයද නොදැනේ. කිසිදු සන්නිවේදනයක් සමඟ මනස කටයුතු නොකරයි. සතුට යනු ඔබගේ මනසේ ඇතිවන මෙම භෞතික ලෝකය තුළ වින්දනය ඇතිකරන්නාවූ රැලි පෙළක් මෙනි, ඔබ ඔබගේ මනස සතුට හා දුක නොවිඳින්නට පුරුදු කිරීම හරහා මෙම සතුට හා දුක තුළින් මනස හි ඇලීම වළක්වා ගැනීම "ශෛව මාර්ගය" වන්නේ ය.
මෙහිදී ඔබ ඔබගේ මේ ජන්මයේදී විවිධ කර්මයන් සමග අත්විදිය යුතු සියලුම ආකාරයන්, දුක පීඩාවන්ගෙන් මිදීම සඳහා ඔබ තෝරාගත යුතු මාර්ගය කෙලෙසද යන්න සලකා බැලීමට අතීතයේ සිටම භාවිතා කරේ ඔබගේ ජන්ම පත්රයයි.
වර්තමානයේ තම ජීවිතය අධික අවිවේකයකින් යුතුව කටයුතු කරන පුද්ගලයන්ට, මෙම මාර්ගයන් හරහා යෑමේදී ගැටළු ඇතිවන්නේය. එම නිසා මෙහිදී අප අද දින තත්වයට අනුව මෙම ශාන්තිකර්ම සිදුකරන්නේය. කෙසේ වුවද ඔබ මේ සදහා ඔබගේ හඳහනේ කේන්ද්‍ර ත්‍රිකෝණ භාවයන් හරහා උපකාර ලබන්නේය.
උපකාර ලැබීමේදී කේන්ද්‍ර ස්ථානයක් වන හතරවැන්න මනසයි. එම මනස රැකීම සඳහා කටයුතු කරන්නේ හදහනේ පස්වන භාවය වන හදහනේ පස්වන භාවයයි. මනස ආරක්ෂා කරන බැවින් එය "මන්ත්‍ර භාව" ලෙසද හඳුන්වයි. මෙහිදී ඔබගේ සිතිවිලි හි "බීජය" වන හතරවැන්න වන සිහිකල්පනාව ආරක්ෂා කරගැනීම නිවැරදි කල්පනාව ඇති කරමින්, පෝෂණය කරමින් පැමිණෙන්නා වූ අයහපත් දේවල් ඉවත් කරමින් යා යුතු මාර්ගය තීරණය කිරීමට හරහා ඔබගේ මනස ආරක්ෂා කරමින් ඔබව ආරක්ෂා කරගැනීමට උපකාර ලබාගත හැක. ඒ සඳහා "මන්ත්‍ර" භාවිතය අතිශයින්ම වැදගත්ය. පස්වැන්න යනු ඔබගේ අනාගතයයි. ඔබගේ අනාගතය නිවේදනය කරන බැවින් අනාගතය ආරක්ෂා කිරීමටද "මන්ත්‍ර" හට හැකියාවක් ලැබෙන්නේ ය.
මන්ත්‍ර ගැන සඳහන් කරන විට අප සලකනු ලබනුයේ "ශබ්දයන්" ය. විශ්වයම නිර්මිත ව ඇත්තේ ශබ්දයන්ගෙන් ය. ඔබ හා මා ද ශබ්දයන්ගෙන් නිර්මිතව ඇත. වේදය, බයිබලය හා බුද්ධ දේශනාවන්හිදී ද මෙය ප්‍රකාශ කෙරෙන්නේ ය.
මෙම ශබ්ද හරහා ගමන් කරන්නේ කෙසේද? ඔබ මෙලෙස සිතන්න නුගගසක් බලන්න එය විශාල වුවද "බීජ" ඉතාම කුඩාය. කුඩා නුග බීජයක් ගත හැකිනම්, එය නියමිත පොළොවේ රෝපණය කළ හැකි නම්, සෑම දිනම පෝෂණය කරන්නේ නම්, ඒ විශාල ලෙස වර්ධනය වු රුක්ෂයක්, වනස්පතියක් බවට පත්වන්නේය. එය වැඩි වැඩියෙන් හිරු ආලෝකය හා ජලය ලබා ගනිමින් වර්ධනය වනු ඇත්තේය. එයට අවශ්‍ය හිරු එළිය,පොහොර හා ජලය පමණක්ය. මෙලෙස නොකඩවා අවශ්‍ය ආලෝකය, පොහොර හා ජලය ලැබීමෙන් පසු එය විශාල වනස්පතියක් වනු ඇත.
මෙම අප මනුස්සයෙක්ගේ වර්ධනය සඳහා යොදන්නේ කෙසේද? මනුෂ්‍යයෙක් ගේ සත්‍ය වර්ධනයට අත්‍යවශයෙන්ම අවශ්‍ය වනුයේ එම මූලික බීජය පමණි. මෙම "බීජය" ශබ්දයකි සෑම මන්ත්‍රයක්ම, සෑම දෙවියන් සඳහාම ගැබ්ව ඇති මෙම "බීජ"- "බීජාක්ෂර", "බීජ මන්ත්‍ර" ලෙස අප හඳුන්වන්නේ ය. "බීජාක්ෂර" යමෙකු දන්නේ නම් පහසුවෙන්ම දෙවියන් වෙත ළඟාවිය හැක. දෙවියන්ගේ පූර්ණ ආකාරයෙන්ම තමන් ඉදිරියේ විද්‍යාමාන වන්නේය. එම අවස්ථාව හරහා තමන් හට අනාගතය පැහැදිලිවම දැක බලාගෙනිමින් ඒ කරා යනු ඇත්තේය.
දෙවියන්ගෙ සත්‍යම ස්වභාවයම බීජාක්ෂර තුළ තිබෙන්නේ නම්, මෙම දිව්‍යම තත්ත්වය පහළ කරගැනීම සඳහා අවශ්‍ය යතුර පවතින්නේය. මෙම තනි අක්ෂරයක් තුළ ය. ජන්මියකුට තමන්ට ගැලපෙන මෙම අක්ෂරය ගුරුවරයා ලබා දී නැති නම්, මන්ත්‍ර භාවිත කිරීම සදා නිෂ්ඵලය. මන්ත්‍ර ශාස්ත්‍රය තුළ මෙම තත්ත්වය ඉතාම තීරණාත්මකය. මේ බීජාක්ෂරය නොමැතිව මන්ත්‍ර ලැබීම යමෙකුට විශාල වෘක්ෂයක් දුන්නා හා සමානය. එම මන්ත්‍ර ලැබූ තැනැත්තා බීජයේ සිට වර්ධනය නොකළ බැවින් වෘක්ෂයේ අයිතිය ඔහුට නැත.
මෙහිදී ඔබ යමෙකුගෙන් මන්ත්‍ර ඉගෙන ගත්තේ නම්, ගුරු උපදෙස් ලැබුණේ නම්, එහිදී ඔබව පෝෂණය කිරීමට අවශ්‍ය වන උපදෙස් ඔබට ලැබෙන්නේ ය. එනම් වෘක්ෂක් වීමට "බීජයට" අවශ්‍ය වන්නාවූ ජලය, පොහොර සහ හිරු එළිය මෙන් ගුරු උපදෙස් හරහා ලබන්නා වූ දැනුම ඔබව රකී. එම "බීජ මන්ත්‍රය" මන්ත්‍රය හරහා ඔබගේ අභිවෘද්ධිය ළඟාකර ගැනීම සඳහා වන්නා වූ මාර්ගය විවෘත කර ගැනීමට අවකාශය විවෘත වන බව ඔබටම අත්දකිනු ලැබෙනු ඇත. නැවතත් මෙවන් කෙටි ලිපියකින් හමුවෙන තෙක් ඔබට ජය
ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.06.27
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.