රාම් රාම් රාම් ෴
නක්ෂත්ර මූලික දසා - උදු දසා
දශාවන් සඳහා පොදු අවශ්‍යතා
1. විම්ශෝත්තරී - පොදුවේ සියලූම ජීවී හා අජීවී ද්‍රව්‍යයන්ට (මිනිසුන්ට, සත්වයන්ට, ආයුකාලයක් ඇති අජීවී ද්‍රව්‍යයන්ට සැලකිය හැකි අතර ඒ ඒ ද්‍රව්‍යයනට පරම ආයුකාලය සිද්ධාන්තානකුකූලව හැදිය යුත්තේය.)
- මනුෂ්‍යයන් ට ආදේශ කිරීමේදී චන්ද්‍ර සථුටයට, ලග්න ස්ථුටයට, ගුලික, මාන්ධි අනුව සලකා බලා විශේෂ වූ ජීවතයේ පැතිකඩයන් විග්රහ කල හැක්කේය. පරම ආයුෂ කාලය අවු 120 දින 05. (බොහෝ දෙනා දන්නා කරුණු අතහැර දමන ලදි) ඉදිරියේදී විංශෝත්තරී ප්‍රභේද විස්තර කෙරේ.
2. අශ්ටෝත්තරී - දශාවේ වර්ෂ ප්‍රමාණය අවු ඃ 108 වන අතර මෙම දශාවද පොදුවේ සෑම ජන්මියෙකුටම භාවිත කල හැකියයි යම් යම් ආචාර්ය මත ඇති අතර, අනෙක් මතයන්ට අනුව අවපස රාත්‍රී හා පුරපස දහවල් උපත සඳහාද ආදේශ කරන අතරම, රාහු ලග්නය හැර කේන්ද්‍ර ගතව හෝ ත්‍රිකෝණගතව සිටිය යුතු බව බෘහත් පරාශර හෝරා හී සඳහන්ය.
3. ශෝදශෝත්තරී - දෂාවේ වර්ෂ ප්‍රමාණය අවු ඃ 116. ඔත්තේ රාශිවල මුල් අර්ධය හා ඉරට්ටේ රාශිවල අවසාන අර්ධය රවි හෝරාවට අයත්ය. ඉතිරිය සදු හෝරාවට අයත්ය. මෙම දශාව අවපස සදු හෝරාවේ හා පුරපස රවි හොරාවේදී උපත ලද ජන්මීන් සදහා මෙම දශාව භාවිතා කළ හැකිය.
4. ද්වාදශෝත්තරී - දශාවේ වර්ෂ ප්‍රමාණය වර්ෂ 112 කි. ඕනෑම ලග්නයකම තුලා හෝ වෘෂභ නවාම්ශ හිමි ජන්මීන්ට මෙම දශාව භාවිතා කළ හැක.
5. පංචෝත්තරී - ඉහත පැහැදිලි කිරීමක් කර ඇත්තේය.
6. ශතාබ්ධික - වර්ෂ ප්‍රමාණය අවු ඃ 100කි. ලග්නය වර්ගෝත්තම නම් භාවිතා කල හැක.
7. චතුරාසීති සම - වර්ෂ ප්‍රමාණය 84කි. දහවැන්නාධිපති දහවැන්නේම තැන්පත් ජන්මීන්ට මෙම දශාව භාවිත කල හැක.
8. ද්වී සප්තති සම - වර්ෂ ප්‍රමාණය 72කි. ලග්නාධිපති 7 වැන්නේ හෝ 7 වැන්නාධිපති ලග්නයේ නම් මෙම දශාව අදාල ජන්මීන් වෙනුවෙන් භාවිත කල හැක.
9. ශෂ්ටි හයානි - වර්ෂ ප්‍රමාණය අවු 60කි. රවි ලග්නයේ නම් මෙම දශාව භාවිත කල හැක්කේය.
(ශෂ්ටි දස සම)
10.ශට් ත්රිම්ස සම - වර්ෂ ප්‍රමාණය අවු ඃ 36කි. දිවා මානය තුල රවි හෝරාව තුල හා රාත්‍රී මානයේ චන්ද්‍ර හෝරාව තුලත් උපන් ජනමීන් ස`දහා භාවිත කල හැක්කේය.
11.කාල චක්‍ර - වර්ෂ ප්‍රමාණය රාශිය අනුව වෙනස් වේ.(අවු 83-100 අතර). මෙම දශාව පොදුවේ සියලූම ජන්මීන් සඳහා භාවිතා කල හැකි දශාවකි. ගණනය සඳහා සංකීර්ණ එහෙත් පුරුදු වූ පසු අපහසු නොවන ක්‍රම වේදයන්ගෙන් යුක්තය. ඉතාමත්ම ඉලක්ක ගතව ජීවිතයේ අවස්ථා ස`දහා පලාපල ප්රකාෂනයට භාවිතා කල හැකි ශ්‍රෙෂ්ඨ දශාවකි. මෙම දශාව ජෛමිණි සෘෂිගේ නක්ෂත්ර දශාව සමග ඉතා ආසන්න සමානකමකින් යුක්තය.
12.යෝගිනි - වර්ෂ ප්‍රමාණය අවූ 36කි. පොදුවේ සෑම ජන්මියෙකු සඳහාම භාවිතා කල හැක.
ඉහත සදහන් දශා සියල්ලම මූලිකවම උප්පත්තියේදී සඳු සිටින නැකත අනුව ඉදිරියට ගණනය කරන බැවින් නක්ෂත්ර දසා ලෙස හැදින්වේ. එම සෑම දශාවකටම මහ දශා ගණනය පිලිබඳව වෙනස් වූ සිද්ධාන්ත ඇත. සෑම ජන්මියෙකුටම පොදුවේ භාවිතා කල හැක්කේ විම්ශෝත්තරී, කාල චක්‍ර, යෝගිනී යන දශාවන්ය. අනෙක් දශාවන් සඳහා ඉහත සදහන් ආකාරයට විශේෂිත කොන්දේසි භාවිතා කල යුත්තේය. ජන්මියෙකුට පලාපල කථනයකදී භවිතා කල යුතු දශාව පිලිබ`ද පොදු කොන්දේසි පහත පරිදි වේ.
1. යම් ආකාරයකට දශා කිහිපයක් ජන්මියෙකුට පලාපල ප්‍රකාශ කිරීම සඳහා යෝග්‍ය නම් වඩාත් සීමිත ප්‍රමාණයකට ගැලපෙන දශාව තෝරා ගන්න. (ජනගහනයේ අඩු ප්‍රතිශතයකට ගැලපෙන දශාව)
2. ගැලපෙන දශාවන් එකම ප්‍රතිශතකයකට අයත් දශාවන් නම් වැඩි වර්ෂ ප්‍රමාණයක් ඇති දශාව භාවිත කරන්න.
මෙම රීතීන් සැලකූ කල්හී අන් විශේෂිත දශාවක් ගැලපේ නම් විම්ශෝත්තරී අතහැර එම දශාව භාවිත කර පලාපල කථනය කල යුතු බව සෘෂි මතය වන්නේය. සියලූම දශාවන් සඳහා සලකන අනෙකුත් සිද්ධාන්ත පොදු ආකාරයක් දක්නට ලැබෙන අතර විශේෂයෙන් සඳහන් කල යත්තේ ගැලපෙන කුමන දශාවකින් පලාපල ප්‍රකාෂ කලද ජීවිතයේ සිදුවීම් ඒ ආකාරයටම නියමිත වකවානු වලදී සිදුවෙන බව අත්දැකීමෙන්ම ඉහත දශා භාවිතා කිරීම හරහා වටහා ගත හැක්කේය.
උදා ඃ- පර දේශයක පදිංචියට යෑම.
දශාව - චතුරාසීති සම
12 වැන්නාධිපතිගේ මහ දශාවේ, 4වැන්න තැන්පත් බාධක ග්‍රහයාගේ අන්තර් හා ප්රථ්යන්ත දශාවේදී මව් රට හැර යයි.
දශාව - විම්ශෝත්තරි.
කාරක මහා දශාවේදී ,4 වැන්නාධිපතිගේ අත්තර් දශවේ දී, 12 වැන්නාධිපතිගේ ප්රථ්යන්ත දශාවේදී රට හැර යයි.
මෙලෙස කුමන දශාවකින් සැලකුවද සිද්ධාන්ත ගත සම්බන්ධතා හරහා මෙම දශා ගැලපීම ශාස්ත්රයේ ඇති නිර්වද්‍යතාවය මනාකොට ප්රකාශවීමක්ම බව ඔබටද මෙම දශා භාවිත කර අත්දැකීමට හැකියාව ඇත. කෙසේ වුවද විශේෂිත තත්ත්ව දශා භාවිතා කරනවාට වඩා පහසුවට විංශෝත්තරී දශාව භාවිතා කලහැකි බැවින් පොදුවේ විංශෝත්තරී දශාව බහුලව භවිතා කරනු අද අද දවසේ දක්නට ලැබෙන අතර දශා බෙදීම් ගැන ලිත්වල ඇති සටහන්ද විම්ශෝත්තරී සදහාම පහසුකම් සලසාදීම මෙම අනෙකුත් දශා ප්‍රචලිත නොවීමට එක් හේතුවක් වී ඇති බවත් අද දක්නට ලැබෙයි. එහෙත් මෙම ඉහත සදහන් දශා (නක්ෂත්ර) පමණක් නොව අනෙකුත් රාශි මූලික හා විශේෂිත සිද්ධාන්ත මූලික දශාවන් පවා දැනුදු කිසිදු තාක්ෂණික මෙවලම් භාවිතා නොකර අතින්ම ගණනය කරන පාරම්පරික ශාස්ත්රඥයින් බොහෝ දෙනෙකු අප රටේ දැනුදු දක්නට ලැබුනද ඔවුන් එම විශේෂ ක්‍රම භාවිත කර ලද ප්රථිඵලය විම්ශෝත්තරී දශාවට අනුව අනුගත කොට ප්‍රකාශ කරමින් සිටීමක් දක්නට ඇත.
ඉහත මා විසින් සඳහන් කරන්නට යෙදුනේ නක්ෂත්ර දශා කිහිපය පමණක්ම විග්රහ කලේ විම්ශෝත්තරී දශාවද නක්ෂත්ර දෂාවක්ම වන බැවින්ය. අනෙකුත් රාශි මූලික දශාවන්ට වඩා මෙම නක්ෂත්ර දශා තමන්ටම පවා ගුරුවරයෙකු නොමැතිව ඉගෙනගත හැකිවා මෙන්ම මාස කිහිපයක් හැදෑරීම තුලින් ආධුනිකයෙකුට පවා අවබෝධ කරගත හැක්කේය. ඉතාමත්ම පහසුය එමෙන්ම සරලය.
ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.06.26
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.