රාම් රාම් රාම් ෴
(මෙම
පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න
..)...
ජ්‍යෝතිෂ ශබ්දකෝෂය
උද්යෝගයක් ඇති වී තිබෙන ක්ෂේත්රයක් ලෙස, වර්ථමානයේ අප සතුටු කරවන තත්ත්වයක් ජ්‍යෝතිෂය පිළිබඳ හදාරණ, උගන්වන අය කෙරෙහි පහළ වී ඇත. එහෙත් ලංකාව තුල ජ්‍යෝතිෂ පත්පොත්වල වැරදියට සටහන්කර ඇති නම් කිහිපයක් භාවිත කිරීම් පැටලිලි සහගතය. සියලූ දෙනාගේ යහපත පිණිස එහි අර්ථයන් මෙසේය.
සියලූ වර්ග චක්රවල භාවිතය පිණිස පොදුවේ මෙම නාමයෙන් භාවිත කෙරේ.
වර්ග -
සළකන වර්ග චක්‍රයේ හෝ සියලූම වර්ග චක්‍ර (උදා:- රාශි චක්‍රය, නවාම්ශ, දශාම්ශ ආදී ලෙස)යෝග -
යෝගයක් යනු සමාගමය/සේවනය කි. මේ සඳහා අවම ලෙස දෙදෙනෙකු සිටිය යුතුය. භාව හෝ රාශි සම්බන්ධව, ග්‍රහයන් දෙදෙනෙකු
- එක්ව සිටීම,
- අන්‍යෝන්‍ය දෘෂ්ටි සහිතව සිටීම,
- නක්ෂත්රය හෝ රාශි හුවමාරු කරගෙන සිටීම,
- එකිනෙකාගේ රාශීන් වලට දෘෂ්ටි/තැන්පත්ව සිටීම.
අම්ශ -
රාශියක තුළ කොටසක්/බෙදීමක් හැදින්වීමට මෙය භාවිත කරයි. උදා:- රාශියක් 10 බෙදා සාදන වර්ග චක්‍රය දස අම්ශ = දශාම්ශ
සුභපති -
මෙය සුභයෙකු යන අර්ථ ඇතිමුත් විශේෂයෙන්ම චන්ද්‍රයා සලකයි. එයට හේතුව ජීවිතයට පෝෂකයා වන බැවිනි. චන්ද්‍රයා වෙනුවට ආදේශ වන සුභපතියා වර්ග චක්‍රවලදී එහි ක්‍රියාකාරීත්වය මත ආයුෂ, සෞඛ්‍ය, පැවැත්ම, සඳහා සළකා බලයි. මෙම සුභපතියා ලග්නයට හෝ ආත්මකාරයාට, දෘෂ්ටි හෙළීම හෝ සම්බන්ධ වීම මඟින් "කේවල" යන තත්ත්වය උදා කරයි. මෙම "කේවල", හෝරා ලග්නය හෝ ගති ලග්නය හා සම්බන්ධ නම් "කේවල යෝගාධ" ලෙස ද හෝරා සහ ගතික ලග්නය යන දෙකම සමඟ සම්බන්ධ නම් "කේවල මහා යෝගාධ" ලෙස ද හඳුන්වයි.
කාර්ය රාශි -
වර්ග චක්‍රයට අදාලව [උදා:- සිද්ධාම්ශ (ඉගෙනීම සෙවීමට) හි 4 වන රාශිය කාර්ය රාශියයි] අදාල කාර්ය පිණිස වැදගත් මෙන්ම එම සළකන කාර්ය ඉටුවීමට මූලිකවන භාවය අයත් රාශිය මේ නමින් හැදින් වේ.
කාර්යේෂ -
වර්ග චක්‍රයට අදාලව එහි කාර්ය සඳහා වන කාරක ග්‍රහයා මේ නමින් හැඳින් වේ. මෙය ජන්මියෙකු ගැන සලකන විට සළකන වර්ග චක්‍රයට අනුව ග්‍රහයාගේ නියෝජනයට අනුව ජන්මියා සිදුකරන කටයුතු වල අර්ථ සිද්ධිය පිණිස භාවිත කරයි. ඒ සඳහා අරගල අනිවාර්ය තීරණාත්මක සාධනයක් වේ.
කාරක -
මෙහිදී ග්‍රහයන් නෛසර්ගික, චර හා ස්ථිරකාරකත්වය සළකා බලයි. ග්‍රහයන් 7 ක්, 8 ක් හා 9 දෙනා කාරකත්ව යටතේ ඉහත දක්වා ඇති ලෙස සලකා බලයි. මෙය ඉතා සියුම්ව දැනගත යුතු තවත් කාරණාවකි. උදා:- චර කාරකත්ව යටතේ ලෞකික දෑ සඳහා ග්‍රහයන් සළකයි. මෝක්ෂ කාරක ග්‍රහයා නොසළකයි.
භාව කාරකත්ව -
ලග්නයේ සිට භාව 12 සදහා වන කාරක ග්‍රහයන්. [ලග්නය සදහා කාරක ග්‍රහයා - සූර්යයා ... ආදී ලෙස]
නවාම්ෂ -
රාශිය 9 කට බෙදා සකස්කර ග්‍රහයන් තැන්පත් කර සාදා ගන්නා වර්ග චක්රයයි.
නවාම්ෂක -
නවාම්ෂ හි සිටින ග්‍රහයන් "විශේෂිතව" රාශි චක්රයක තැන්පත්වීම, ගුරු උපදේශ අනුව විමසා බැලීමට සදහා යෙදෙන ගුරු උපදේශයකි. මෙය බෘහත් පරාසරය තුල සදහන්ය. [ජ්‍යෝතිෂය අතපොත් තබා ඇති ශාස්ත්‍රවන්තයන් දන්නා කරුණකි]
ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා
විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන
ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම්
දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.06.20
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.