ජ්‍යෝතිෂයයි ජීවිතයයි - අප වටා ලෝකය හා ග්‍රහයන්


රාම් රාම් රාම් ෴

(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...



මුල් වරට ඇස් ඇරපු ජීවියෙකු සේ සළකා පරිසරය විදින්නට මදක් දෑස පියාගන්න. සංසුංව සිට දෑස් විවර කර බලන්න.
ඔබ තවදුරටත් සිතුවාද ඇයි? අපට පෙනෙන දෑ එකින් එක ට  ඈතින් ඇති බවත්, පෙනෙන යම්  දේ ලගින් ඇති බවත් ඔබට වැටහෙන්නේ ඇයිද? කියා.... නැවතත් එම ප්‍රශ්නය හොදින් කියවා බලන්න...
"අපට පෙනෙන දෑ එකින් එක ට  ඈතින් ඇති බවත්, පෙනෙන යම්  දේ ලගින් ඇති බවත් වැටහෙන්නේ ඇයි?"...
ඒ ඉහත ප්‍රශ්නය ඇස ගැනය. ඇසීම, ගද සුවද දැනීම, රස දැනීම, ස්පර්ශය හා වේදනාව දැනීම ගැනද මෙසේ අප සිතිය යුතු වන්නේ නොවේද?

ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

හොදයි අපි ඒ ඇයි කියල බලමුද?
අපට පෙනෙන වස්තූන් ඈතින් හා ලඟින් ඇති බව පෙනෙනුයේ ඔබට ගැඹුරක්, දිගක්, පලලක් සහිතව එම වස්තූන් පෙනෙන බැවින්ය. එනම් ඔබට පෙනෙන වස්තූන්ට ත‍්‍රිමාණ ස්වභාවයක් ඇති බව ඔබ අත්විදින්නේය. නමුත් ඒ ගැන සිහියෙන් නොබැලුවොත් මිස සාමාන්‍යයෙන්  ඔබට පෙනෙන වස්තූන් ත්‍රිමාන බව ඔබ ට සිහිකල්පනාවක් නැත.
 අප වසන මුළු ලෝකයම අවකාශය සමග ත‍්‍රිමාණ ස්වරූපයක් ගනී. සත්‍ය වශයෙන්ම අප අත්විදින්නේ ත‍්‍රිමාණ ලෝකයක්ද? නැත අප බහුමාන ලෝකයක, නැතිනම් බහු තලයක් ඇති ලෝකයක ජීවත් වෙයි. එහෙත් ත‍්‍රිමාණය පමණක් පෙනෙයි.
ජ්‍යෝතිෂය අනුව ගතහොත් අප වාසය කරන පෘතුවිය "භූ" ලෝකය ලෙස හදුන්වයි. ඉන් ඉහල රාත්‍රී කාලයට වලාකුළු වලින් තොරව ඇති විට, අහස සිට ඈත පෙනෙන තරු පන්තිය දක්වා "භූව" හා මිනිස් ඇසට පෙනෙන තෙක් එම සීමාවේ පිහිටා ඇති තරු පන්තිය (වළල්ලක් සේ සලකන) "ස්වාහා" ලෝකය (ස්වර්ග ලෝකය) වන්නේය.

කෙසේ වුවද පොළවේ සිටින අප අවකාශය සමඟ ත‍්‍රිමාණ ලොවක් දකින අතර නොපෙනී, නොදැනී යන තවත් යම් තලයක් සමඟ ජීවත්වෙයි. ඒ කාළයයි. මෙහිදී මෙම ත‍්‍රිමාණයට කාළය එක්වීමක් සමඟ චතුර්මාණයක විදීමක් අප විසින් සිදුකරයි. අප විසින් අත්දකින සියලු සුන්දර අත්දැකීම්, මිහිරි අත්දැකීම්, අමිහිරි, කටුක අත්දැකීම්, දුක, සන්තාප,   කම්පන මේ සියල්ලම අප කාළය සමග අත්විදින්නේය...

ජ්‍යෝතිෂ චතුර්මාණය දකිනුයේ කෙසේද?
ජ්‍යෝතිෂයේදී අපි මෙම චතුර්මාණය ග‍්‍රහයන්ට ආදේශ කරයි. ජ්‍යොතිෂයේදී ග‍්‍රහයා යනු පෘථිවිය ආසන්නයේ සිටින පෘථිවියට සෑහෙන පමණ බලපෑමක් ඇති කළ හැකි වස්තූන්ය. ඒවා පියවි ඇසට පෙනෙන හා කල්පිත ගණිතමය ලක්ෂ දෙකක්ද ග‍්‍රහයන් ලෙස ජ්‍යොතිෂයේදී සළකයි. සූර්යයාගෙන් හා චන්ද්‍රයාගෙන් (ආලෝකමත් ග‍්‍රහයන්ගෙන්) බලපෑමට ලක්වූ අවකාශයේ පිහිටි ගණිතමය ලක්ෂයයන්  රාහු සහ කේතු සේ චායා ග්‍රහයන් ලෙස අප ජ්‍යෝතිෂයේදී සලකන්නේය.
ග‍්‍රහයන් අවකාශයේ ත‍්‍රිමාණව පිහිටයි. හැදෑරීම් පහසුව තකා ග‍්‍රහයන් ද්විමාන තලයක පිහිටියා සේ සළකා අංශක ගණනය සිදුකරයි. අප වටා ඇති විශ්වය තුල පිහිටි මනඃකල්පිත වෘත්තයක් කොටස් 12 කට මේෂ සිට මීනය දක්වා බෙදා ඇත. ඒවා රාශි ලෙස හඳුන්වයි. සළකන අවස්ථාවක් මුලකොට නැගෙනහිර ක්‍ෂිතිජයේ පෙනෙන රාශිය එම අවස්ථාවට අනුව එම ස්ථානයට උදාවූ ලග්නය ලෙසද ජ්‍යෝතිෂයේදී සළකයි.
චක‍්‍රාවාටය තුල සියළුම වස්තු ගමන් කරයි. අප පහසුව පිණිස ජ්‍යොතිෂයේදී මධ්‍යම ලෙස අප වසන පෘථිවිය සළකයි. එමෙන්ම අප වටා ග‍්‍රහයන් හා අනෙකුත් ආකාශ වස්තු ගමන් කරන්නේ යැයි සළකයි. පෘථිවියත් ග‍්‍රහයන් සියල්ලමත් සමඟ තලයේ (ද්විමාන තලයක) පිහිටා පෘථිවිය නිශ්චලව සළකා ග‍්‍රහයන් අප වටා ගමන් කිරීම ග‍්‍රහ ගමන ලෙසත්, ග‍්‍රහයකුගේ ආපසු ගමන වක‍්‍ර ගමන ලෙසත් සළකයි. (මෙය සිදුවනුයේ සත්‍ය වශයෙන්ම පෘථිවියද තම කක්‍ෂය තුල ගමන් කරන නිසාත්, අප වසන පෘථිවිය මධ්‍යය නොවන නිසාත්ය).
මුලින් කී ආකාරයට බහුමාන/බහුතල විශ්වයක ජීවියෙකු යනු විශ්වයේ ඉතාම කුඩා ඒකකයකි. එම ජීවියාට (ඔබට) ග‍්‍රහයන් බලපාන ආකාරය කෙසේදැයි බලමු. මූලිකවම සම්ප‍්‍රදාය තුල ග‍්‍රහයන්  ලෙස සලකනුයේ රවි, සඳු, අගහරු(මංගල්) , බුධ, ගුරු, ශුක‍්‍ර, ශනි, රාහු හා කේතු යන ග‍්‍රහයන් නවදෙනා පමණි. පලාපලයක් මෙම ග‍්‍රහයන් නවදෙනා හරහා කිසිදු අපහසුවකින් තොරව ප‍්‍රකාශ කල හැකි වීමත් විශිෂ්ඨය, මමද සාම්ප‍්‍රදායික වේදය මූලික ජ්‍යෝතිෂය අනුගමනය කිරීමට හේතුව  මෙයම වන්නේය.

ජ්‍යෝතිෂය හා ග‍්‍රහයන්
ජ්‍යෝතිෂයට අනුව  ග‍්‍රහයන් විසින් ලබාගත් පරමාර්ථ හා ජීවාත්ම සංයෝග කොටගෙන අප මෙම ලොව ඉපදේ. පරමාර්ථය සමඟ එක්වීම හෝ මෝක්ෂය අත්පත් කරගැනීම සිදු නොවුන කල අප යලිත් මෙලොව ඉපදේ. මෙම ඉපදීම සමඟ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය-ජීවාත්මය ලෙසද, මෙලොව ඉපදීම හේතුකොට ගෙන කුමක් කල යුතුද? කුමන කර්මයක් සිදුකිරීම සඳහා උපත ලැබුවාද, යන්න සඳහා වන පරමාර්ථ ප‍්‍රමාණයක්ද සමඟින් අපගේ උප්පත්තියන්  අපි ඇතිකර ගනී. මෙම පරමාර්ථ වැඩි ජීවියෙකු හඳුනා ගැනීමට විශේෂිකාම්ශ (මෙය පසු අවස්ථාවක පැහැදිලි කරනු ඇත) භාවිත කල හැකිය. ඔබ දෙවියන් වැනි මිනිසුන්ද, තිරිසනුන් වැනි මිනිසුන්ද අසා දැන ඇත්නම්, එය විශේෂිකාම්ශ හරහා පැහැදිලි වන බව ඉසි පැවසූ බසකි. ග‍්‍රහයන්ගේ වැදගත්කම පිළිබඳ සුළු අවබෝධයක් ඇති කරගත් අප, මෙම ග‍්‍රහයන් අප තුල ඇතිකරන ගුණාංග සළකා බලමු. එසේම, ශ්‍රී විෂ්ණු දෙවියන් අවතාර ලෙස මෙලොවට පැමිණීම හා ඒ අවතාරයන්ගේ ග්‍රහ නියෝජනයන් ද පහත දක්වා ඇත.

රවි/සූර්යයා   :-       ග‍්‍රහලොව ප‍්‍රධානියා රවිය. රවි පුද්ගලයෙකුගේ ආත්මය නියෝජනය කරයි. රවි පුද්ගලයන්ගේ ස්වභාවය, ඔහුගේ අභ්‍යන්තර යොමු කිරීම්, මනස හා සියළුම ග‍්‍රහයන්ද නියෝජනය කරයි. ශ්‍රී රාම අවතාරය.

Image result for sri rama

සඳු     :-       සඳු මනස නියෝජනය කරයි. චන්ද්‍රයාගේ ගමන අනුව මෙය 16 ආකාරවේ. (තිථි වලට අනුව) වර්ග චක‍්‍රවල භාවිතවන "ෂෝඩශාම්ශ  පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය (State of mind) පෙන්වයි. සඳු, ක‍්‍රියාවට නැංවු බුද්ධිය මත ක‍්‍රියාකරයි. එමඟින් එය බාහිරයට ප‍්‍රකාශවේ. ශ්‍රී ක‍්‍රිෂ්ණ අවතාරය.

Image result for sri krishna


මංගල්/අගහරු/කුජ  :-       ජන්මියෙකුගේ මුල පිරීමේ හැකියාව, ඉදිරියට යෑම, ආවේගශීලිබව, යමක් කිරීමේ හැකියාව නියෝජනය කරයි. ශ්‍රී නරසිම්හ අවතාරය
Image result for sri narasimha

බුධ     :-       දැනුම අවබෝධකර එය ක‍්‍රියාවට නැංවීම සඳහා සූදානම් කරයි. ඉගෙනීමේ
හැකියාව, අවබෝධ ඥාණය ලබාදේ. නමුත් මුල පිරීමක් ලබා නොදේ. ශ්‍රී බුද්ධ අවතාරය.
Image result for sri buddha avatar

ගුරු    :-       බුද්ධිය, ඥාණය, යහපත හා අයහපත අතර වෙනස පිළිබඳ දැනුම පිළිබඳ
ගුරුවරයාය. දැනුම නැමැති සාගරයේ කිමිදීම. ආකාශ තත්ත්ව නියෝජනය කරන වාග් ශක්තිය හා ඥාණය සඳහා නියෝජනය කරයි. ශ්‍රී වාමන අවතාරය.
Image result for sri vamana avatar


ශුක‍්‍ර    :-       ජන්මියෙකු තුල වින්දන ශක්තිය නියෝජනය කරයි. භෞතික පහසුකම්, තෘප්තිය විනෝදය සඳහා නියෝජනය කරයි. ශ්‍රී පරුෂරාමා අවතාරය.

Image result for sri parashurama avatar


ශනි    :-       ජන්මියෙකු තුල ඇති දැරීමේ හැකියාව, කැපවී වැඩ කිරීමේ හැකියාව, හික්මීම. ශ්‍රී කුරුම අවතාරය.

Image result for sri kurma avatar



රාහු    :- ශ්‍රී වරහ අවතාරය
Image result for sri varaha avatar


කේතු :- ශ්‍රී මත්ස්‍ය අවතාරය
Image result for sri matsya avatar
















රූප ලබා ගැනීම අන්තර්ජාලයෙනි. ඒ සියල්ලේ අයිතිය මුල් අයිති කරුවන් සතුය

ක්‍රියාකාරකම් :- ග්‍රහයන්ගේ අනෙකුත් නියෝජනයන් සොයා ලැයිස්තු ගත කරන්න.

 ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744

2019.06.20

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular