රාම් රාම් රාම් ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
කුම්භ මාසය සදහා ඵල හටගැනීම
ලෝකායන ජ්‍යෝතිෂය ගැන උනන්දු බොහෝ දෙනෙක් කුතුහලයකින් ඉන්න මාතෘකාවක් මේ සදහා වැඩි විස්තර හා සටහන් තියෙන්නේ "වරහ මිහිර" යන්ගේ "වෘහත් සංහිතා" හි එහි සදහන් වන ආකාරයට කුම්භ මාසය සදහා ඵල හටගැනීමේ දී මෙන්න මේ ස්ලෝකය සදහන්,
"කුම්භේ ශලීලජඵල කුසුම රත්න චිත්‍රානි රූපානි ෴"
සරල අර්ථය ගත හොත් එහි සදහන් අයුරින්
"කුම්භය ජලජ ද්‍රව්‍ය, ගෙඩි, මල්, රුවන් හා දීප්තිමත් දේ සදහා අධිපති වන බව සිංහලෙන් ලියවුන "වෘහත් සංහිතා" හි සදහන් ය.
මෙම ස්ලෝකය "ශ්‍රී බලභද්‍රායන උපදේශ" අනුව සලකා බැලුවහොත්, ඒ ඒ වර්ෂයට ගොවිතැන සදහා ඵලදාව කෙසේද හා වෙළදපොල තුල සාර්ථකව හොද මිලක් ගත හැකි අයුරින් කෘෂි හා අනෙකුත් නිෂ්පාදන සිදු කරන්න හොද සහයෝගයක් ලබා දෙන්නේය.
අප ඉහත ස්ලෝකය අවබෝද කර ගැනීමට යම් උත්සාහයක් ගමු...
"කුම්භේ ශලීලජඵල .කුසුම රත්න චිත්‍රානි රූපානි ෴"
ලෙස සදහන් මෙහි ශලීලජ යනු ජල නිෂ්පාදන වන අතර , ඵල යනු පලතුරු වේ. මැණික් ගැනද සදහන්, මෙහිදී මැණික්, ඛනිජ තෙල් යනාදිය ද මේ කුම්භය හා සම්බන්දය.
මෙම පලතුරු වල විශේශත්වය වනුයේ වියලි කාළගුණයක සෑදෙන අතර ජලය බහුල වුවද පැසවීම් වලට ලක් කල හැකිවීම වේ. ප්ලෞම්ස්, පීච් වර්ග, මිදී, හා සමාන රට රට වල වල එකිනෙකට වෙනස් පලතුරු මෙයට සම්බන්ධය.
එනෙන්ම යම් උපක්‍රම මගින් කල් තබා ගත හැකි පලතුරු මෙම කාලවලදී නිපදවේ. දැන් මෙම කුම්භය තුල මල් හට ගැනීමෙන් ලැබෙන පලතුරු ඵල ලෙස භාහිරයට පැමිණෙන ආකාරය සදහන් "ශ්‍රී බලභද්‍රායන උපදේශ" නම් මාස 4 ක කාලයක් ගතවන බවවේ.
ඒ අනුව කුම්භයේ හට ගනන දේ හි ඵලය, වෘෂබ මාස (මැයි - ජුනි) හි දක්නට ලැබෙන්නේය.
මෙලෙස "ශ්‍රී බලභද්‍රායන උපදේශ" හි මිනිස් ගර්භයට මස 9කි. සත්ව ගර්භයනට වෙනස් වු කාලයන්ද වේ. "ශ්‍රී බලභද්‍රායන උපදේශ" අනුව කුම්භයේ හට ගන්න ඉතිරි දේ සදහා කාල නියමයන් සලක බැලියයුතුය . නමුත් පලතුරු සදහා කාලය මාස 4කි. පීඩනයකට හසුව වියලි කාලයක සෑදෙන මෙම පලතුරු තුල යම් උෂ්නඅදික ස්වභාවය ද ඇත. කුම්භය විසින් යම් යම් දේ වියලා දැමීම මේ අනුව ඔබට අවබෝද කරගත හැක.
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.03.14
ඉහත කරුණු ජ්‍යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්‍රණ පවත්වන ප්‍රදේශ
කළුතර -
කුරුණෑගල -
කොළඹ -
Subscribe to:
Post Comments (Atom)
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
Popular
-
විෂය නිර්දේශය - මාස 12 සඳහා නක්ර මාස මකර හා නක්ර දේව ගණයාගේ නව වසර දේව හා අසුර වක්‍ර රවි ජ්‍යෝතිෂ හා නක්ර 10 වන භාවය හා සම්බන...
-
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.