මානව හිතවාදීන් බිහිකරණා... ආශිර්වාදාත්මක කුම්භ මාසය

රාම් රාම් රාම් ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...

ආශිර්වාදාත්මක කුම්භ මාසය

ලොව පුරාවටම දයානුකම්පාව දක්වන පුද්ගලයන්ගේ උප්පත්තිය කුම්භ රවිය තුළ සිදුවන බවට සැකයක් නැත.
ඔබට අද මම ගෙනෙනුයේ මාගේ උගත් ගුරු ශිෂ්‍ය පරම්පරා දැනුමෙන් බිඳකි.

පරම්පරා දැනුමක් ඔබ ලබන්නේ ගුරුවරයන්ගේ ඉගැන්වීමට අනුව නම්,  ඔබ හට ප්‍රකාශ කළ හැක්කේ හෝ කියා දිය හැක්කේ ගුරුවරයන් විසින් ඔබ ට උගන්වන ලද දේ පමණි.

සැමවිටම අප අනුගමනය කළ යුත්තේ ගුරුපදේශ යි.
 යමෙක් තම, තමන්ගේ හිතලූ හෝ මවාගත් ලෝකයක ජීවත් වෙමින්, ඒවා උපදේශනය කරන්නේ නම්, ඒවා තමන්ගේම උපදේශ පමණි. ගුරුවරුන්ගේ උපදේශ  නොවේ..

ගුරු උපදේශය නම්, ගුරුවරයා ශිෂ්‍යයා වෙත ලබාදුන් දැනුම ඒ ආකාරයෙන්ම  ප්‍රකාශ කර සිටිය යුතුය. ගුරු උපදේශ ගැන සැක නැතිව ශිෂ්‍යයන්  කටයුතු කළ යුත්තේය. එය සිත්හි දරාගෙන ඉදිරියට යමු...

කුම්භ රාශිය තුල රවි සමඟ සිටින ග්‍රහයන් හරහා ජන්මියා හට විශේෂිත නිපුණතාවයන් හා හැකියාවන් ලබන බව ශාස්ත්‍ර හි සදහන් ය.
ඔබගේ හඳහනේ රවි කුම්භයේ හෝ වෙනත් ග්‍රහයෙකු කුම්භ රාශියේ වන්නේ ද, එම ජන්මියාගේ හැකියාවන් හා නිපුණතාවය සඳහා කුම්භ යේ වන ග්‍රහයන් බලපෑම් කරන්නේ නම්, එම ග්‍රහයන් හරහා ඔහුගේ වෘත්තිය අර්ථකථනය කළ යුතු බවද ශාස්ත්‍රයේ සඳහන් වේ.

ඒ අන් කිසිවක් නිසාම නොව, එය ජන්මියාගේ විශේෂිත හැකියාවක් බැවිනි. සූර්යයා එකොළොස් වැන්නේ නම් එය කුම්භ රාශිය නොවී නම්, එම හැකියාවන් ඔහු සතුව ඇති පුද්ගලිකව පෙන්වන හැකියාවන් පමණි.
එහිදී ඔහු ඒ රැකියාවක් ලෙස නොකරනු ඇත.

කුම්භ රාශිය සූර්යයා තැන්පත්වීම යනු, ඉතාමත්ම ඉහල මට්ටමේ මානව හිතවාදීන් බිහි වන බව වේ. විශාල ලෙස ලෝකෙට සේවයක් කිරීමට පැමිණි පුද්ගලයන් පැමිණෙනුයේ කුම්භ රාශිය තුල සූර්යයා තැන්පත්වීම හරහා ය. ඔවුන්ගේ හදහන තුල අනිවාර්යයෙන්ම සූර්යයා කුම්භ රාශිය තුල තැන්පත් විය යුතුමය.
මෙලෙස පමණක් මානව හිතවාදී වු, රාශිය හරහා මෙලොවට සම්පතක් වන ජන්මීන් ඉතා කැපවීමෙන් තම රාජකාරිය සිදු කරනු ලැබීම ද දැකිය හැකි විශේෂිත ලක්ෂණයකි. ඔවුන් කර්ම යෝගීන්ය. ඔවුන් අන් අය වෙනුවෙන් තම දිවි නොතකා කටයුතු කරයි. කැපවීමෙන් අන් අයගේ අභිවෘද්ධිය සඳහා ඔවුන් දිගින් දිගටම සිදු කරන්නා වූ කැපවීම අතිවිශිෂ්ඨය සමකළ නොහැකිය.

අපට මෙය ඔවුන්ගේ හඳහන් ඇසුරෙන් ඉතා පහසුවෙන්ම පරීක්ෂාකර බලා ගත හැක්කේ ය.

ඔබ කුම්භ රාශියේ සූර්යයා තැන්පත් ව ඉපදුනු පුද්ගලයකු නොවේ නම්, කණගාටු නොවන්න.
යම් හෙයකින් ඔබගේ හදහන තුල කුම්භ රාශියේ ග්‍රහයන් සිටින්නේ නම්, ඔබටද අන් පුද්ගලයන් වෙනුවෙන් මානව හිතවාදීව කටයුතු කිරීමට අවස්ථාව ඇත්තේය. එයද වාසනාවකි.
ඔවුන් ලොවට දැනුම දායාද කරනු ඇත. මිනිස්සුන්ට වන්දනාමාන කිරීමට පන්සල් පල්ලි කෝවිල් ගොඩ නගනු ඇත. ප්‍රජාවටම යහපත් දේ සිදුකරනු ඇත. ප්‍රජාව පෝෂණය කරනු ඇත.

මෙලෙස කුම්භ රාශිය ජනහිතකාමී රාශියක් වන්නේ ඇයි?

ඡන්දස් ශාස්ත්‍රය තුළ ප්‍රධානම ඡන්දස් සයකි. නැතිනම් රිද්මයන් හයකි. මෙම රිද්මයන්හි දෙවියන්ගේ ක්‍රියාකාරිත්වය ඇති බව ශාස්ත්‍රීයව සඳහන් වන්නේ ය.
කුමභ රාශියට අයත් ඡන්දස "බ්‍රිහති" වන්නේ ය.

මෙම ඡන්දස් තුළ සමස්ථ විශ්වයම නිර්මාණය වී ඇති බව ශාස්ත්‍රයෙහි සඳහන් වේ. එබැවින් සූර්යයා කුම්භයෙ හි තැන්පත් ව උපදින පුද්ගලයන්ට විශ්වවෙත ඉතාමත්ම විශිෂ්ට දේ කිරීමට අවශ්‍යව ඇත්තේ ය.

අලුත් ලෝකයක් අලුත් සමාජයක් ගොඩනඟන්නට උත්සාහ ගන්නේය. ඔවුන් නව දෙයක් නිර්මාණය කිරීම පිළිබඳ ඉතා උනන්දුය. ඔවුන්ට ලෝකය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට අවශ්‍යය ඔවුන් තුළ තිබෙන විශිෂ්ටත්වය ද එය ම වන්නේ ය.

මෙම කුම්භ හි සූර්යයා ගෙනෙන තවත් ආශිර්වාදයක් නම්, ඔවුන් සම්පූර්ණයෙන්ම එක් අංශයක් තුළ විශිෂ්ටයන් බවට පත් වන අතර ඔවුන් සමාජය තුළින් මුළු ලෝකයටම ආශිර්වාදයන් දායාද කරන්නේය.

ඔවුන්ගේ ආශිර්වාදය ලද්දාවු පරම්පරාවක් ඇත්තෙ නම්, ඔවුන් එම  පරම්පරාවන් රැකගෙන මතු පරපුරට දායාද කරනු දැකිය හැක.
එවන් විශිෂ්ට දෙයක් සිදු කිරීම සඳහා නම් අනිවාර්යෙන්ම සූර්යයා ජන්ම සටහන තුල කුම්භ රාශිය තුළ තැන්පත්ව සිටිය යුත්තේමය.
මහත් ආශිර්වාද ලද්දා වූ මානව හිතවාදීන් එසේමය.

එවන් මහත්වූ ආශිර්වාදයන්  ලගාකරන්නාවූ මානව හිතවාදීන් ලොවට දායාද කරන මෙම කුම්භයේ සූර්‍යා තැන්පත්වීම ගැන යන දැනුමක් ලගා කල හැකිවීමද මා ගුරු දැනුමෙන් පෝෂණය ලැබීමද මහත්වූ භාග්‍යයක් ලෙස දකින්නෙමි.


ජ්‍යෝතිෂ ලැදි

කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744

2019.03.13

ඉහත කරුණු ජ්‍යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්‍රණ පවත්වන ප්‍රදේශ

කළුතර -
කුරුණෑගල -
කොළඹ -

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular