ආයුෂ නිර්ණය
රාම් රාම් සත්‍ය හේ ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
පූර්විකාව
කුම්භ මාසය හා ආයුෂ-
කුම්භ මාසය සමග අප කතා කළ යුතු දේ අතරට ආයුෂ සඳහන් වේ. එනම් කුම්භය ආයුෂ සමග ගනුදෙනු කරන රාශියක් බවට මෙහි ඉඟියක් ඇත.එකළොස්වන භාවය, කුම්භ රාශිය - ආයුෂ සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?කුම්භය, එකළොස්වන භාවය ආයුෂ පාලනය කරන ස්ථානයයි. නමුත් ආයුෂ යන්න ව්‍යුත්පන්න වනුයේ, එකොළොස්වැනි භාවයෙන් දස වැන්න වන 8 වැන්න හරහා ය.
අප පෙර සඳහන් කළ ලග්නය, අටවැන්න, දසවැන්න සමග මෙම එකළොස්වන භාවය ආයුෂ සම්බන්ධව ඇති සබඳතාව පිළිබඳව ඉඟි - ඔබට "බෘහත් පරාසර හොරා" හි අටවැනි භාවය හා සම්බන්ධ පරිච්ඡේදය කියවන විට අවබෝධ වනු ඇත. එම පරිච්ඡේදයේ සඳහන් වන්නේ එකවර තේරුම්ගත නොහැකිවන සේ සඳහන් කර ඇති, නමුත් සුවිශේෂිතව ආයුෂය පිළිබඳ වන්නා වූ ස්ලෝක කිහිපයකි. මේ සඳහා සැලකිය යුතු අධිපතියන් ගැන ද එම පරිච්චේදය තුල සටහනක් ඇත්තේය.
ශිෂ්‍ය ආරාධනා ෴
ගුරුතුමනි කරුණාකර අප හට පොදුවේ දීර්ඝායු සඳහා වන ප්රමුඛව අදාළ වන්නා වූ කාරණා පහදා දුන මැනවි.
උදාහරණ ලෙස ලග්නය, 8, 10 භාවයන් සලකා බැලීම ආදිය සලකා බැලිය යුත්තේ කෙසේ ද? මේ සඳහා ඔබගේ කාලය වැය කරන්න හැකිනම් උත්කෘෂ්ටය. කරුණාකර අපට ඒ ගැන යම් අධ්‍යාපනයක් ලබා දෙනු මැනවි. මේ ගණනයන් පිලිබදව වඩා හොඳ අවබෝධයක්, පිණිස කරුණාකර මේ පහදා දෙන්න.
ගුරුතුමා ආරාධනාව පිළිගෙන ෴
ඔබ වඩා ගැඹුරින් වූ, ආයුෂය ගණනය ඉගෙන ගන්නා පාඨමාලාවකට සම්බන්ධ වූ කල්හි, ඉගෙන ගනුයේ ආයුෂය ගණනය පදනම්ව ඇත්තේ ප්‍රධානවම එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් තුනකින් බවය. ආයුෂ පිළිබඳ,ව අප අවබෝධ කර ගැනීම සඳහා, එකිනෙකට වෙනස් උපක්‍රම අප කතා නොකරන අතර ඒ පිළිබඳව ඇති අවබෝධය තුළම එකිනෙකට වෙනස් උපක්රමයන් ඇත්තේය.
අප ජෝතිශය ගැන කථා කරන කල්හි, ආයුෂය යන්න අවබෝධ කර ගැනීමට යෑමේ දී තුන් ආකාරයකට අප ආයුෂය යන්න අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්නා බවක් දක්නට ඇත. ඒ අනුව
1). පළමුව උපතත් සමඟ දායාද වූ ආයුෂ හෙවත් උපත සමඟ අපට ළඟා වූ ආයුෂ හෙවත් පාරම්පරික දෙමව්පිය උරුමයෙන් අපට ළඟා වූ ආයුෂ ගැන අවබෝධ කරගත යුතුය. මෙම ආයුෂ වර්ගය ඔබගේ උපත සමඟ පැමිණේ. ඔබගේ දෙමාපියන් කොපමන කල් ජීවත්වීද, ඔබගේ සහෝදර සහෝදරියන් කොපමණ කල් ජීවත් වීද, ඔබට බොහෝ කාලයක් ජීවත්වීම සඳහා ඔබගේ සෞඛ්‍ය ඔබට කොපමණ කාලයක් ලබා දෙන්නේද? අප මෙම ආයුෂ සරලව බ්‍රහ්මායු ලෙසද හඳුන්වයි.
2). මීළඟට සැලකියයුතු ආයුෂය අපගේ අවසානය හෙවත් මරණය පමා කර ආයුෂයයි. මේ ආයුෂය අප විසින් ආයුෂය වර්ධනය කරගන්නා වූ ආයුෂ ක්රමයකි. මෙහිදී ඔබගේ ජීවිතය අවසාන කිරීම පමා කිරීම සදහා ඔබ දිගින් දිගටම උත්සහ කරන්නේය.
උදාහරණ ලෙස යම් පුද්ගලයන් ඔවුන් සතුව ඇති ආයුෂ ප්‍රමාණය වර්ධනය කරගනී. ඒ මරණය ප්‍රමාද කරමිනි. එහිදී ඖෂධ භාවිත කරමින් රසායනික ද්‍රව්‍ය ආදිය භාවිත කරමින් ආයුෂය වර්ධනය කර ගනී. මේ සඳහා අවම වදනක් භාවිත කරන්නේ නම් එය ශිව ආයුෂ ලෙස දැක්විය හැක. ඒ ඔබගේ ජීවිතයේ අවසානය පමා කරන්නා වූ බැවිනි, මෙය අපට සරලව "රුද්‍රා ආයුෂ" ලෙස හැදින්විය හැක.
3). යෝග ආයුෂ - මෙම ආයුෂ ක්‍රමවේදය නම්, ඔබ ජීවත් වන්නේ, ඔබ විසින් කළයුතු කර්මයන් තිබෙන නිසාය. ඔබ විසින් කළයුතු කර්මයන් අවසන් වන තෙක් එහි දී ඔබ ජීවත් වෙනු ඇත. මෙම ආයුෂ ස්වභාවය "යෝග ආයුෂ" ලෙස ද හඳුන්වයි.
ඉහත දැක්වූ ,තුන් ආකාරයේ ආයුෂ ගණනය කිරීම් පිළිබඳ සංකීර්ණයන් අපට කියා දෙන්නේ, අප ජීවත් වන මූලික ජීවන රටාව පිළිබඳවය. මෙහිදී අපගේ ජීවන රටාව අනුව යමෙකුට අත්විය හැකි සියලුම ආකාරයේ මරණයන් විය හැකි විධික්රම මෙහිදී පෙළගස්වා ඇත.
එය තවදුරටත් සලකා බැලුවොත්, යමෙකු තම ජීවිතය පවත්වාගෙන යන්නට උත්සහ ගනියි. ඒ ඔහුගේ පාරම්පරික උරුමය අනුව නම්, එහි අරුත ඔහුට බලපාන්නාවූ අංශ පිළිබඳව සංකල්පය ගැලපෙනුයේ "පිණ්ඩ ආයුෂ දසා", නිසර්ග යුෂ දසා", " අම්ෂ ආයුෂ දසා" ආදිය හරහාය. මෙය පරාශර ඍෂි මෙන්ම සියලුම ඍෂීන් විසින්ද සඳහන් කරන ලද්දේය. මේ ගැන ඔබ හොඳින්ම දන්නවා විය හැක ඔබ ඉගෙන ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. එසේ නොවී නම් ඔබ ඉගෙන ගැනීම හෝ ඒ ගැන කියවීම වත් අඩුම තරමින් සිදුකරන්න.
යමකු ගේ මරණය ගැන හා ඒ විය හැකි ආකාරය ගැන අවබෝධයෙන් යුතුව මරණය සඳහා ගණනය කිරීමේ දී එකිනෙකට වෙනස් වූ තුන් ආකාරීය කාණ්ඩයන් හරහා මරණය තෙක්, යම් පුද්ගලයෙකු සතු ආයුෂය ගණනය කළ හැක. ඒ හරහා එකිනෙකට වෙනස් ක්‍රම සඳහා එකිනෙකට වෙනස් ගණනය කරන ශිල්ප ක්රමයන් ද ශාස්ත්‍රය තුල හුවා දක්වා ඇත.
ඔබ සම්ප්‍රදායානුකූල ජ්‍යෝතිෂ පරම්පරාවකට අනුගත වූ කල්හි, ඔබ ආයුෂය ගණනය ඉගෙන ගන්නා විට, ලග්නය, 8 වැන්න හා 10 වැන්න පරික්ෂා කරයි. එහිදී එම ලග්නාධිපති, 8 අධිපතියා සහ 10 අධිපතියා හරහා ආයුෂ නිර්ණය කිරීමට ඔබ යන්නේය. මෙලෙස කිරීමට හේතුව නම්, ඔබ මෙහි දී සලකා බලනුයේ යෝග ආයුෂ, රුද්‍රා ආයුෂ, බ්‍රහ්මායු මිශ්‍රණයකි.එය ඉතා හොද මිශ්‍රණයකි.මෙම තුන් ආකාරීය ක්‍රමයන්ම - ඉහත ලග්නාධිපති,අට අධිපතිත් හා 10 අධිපති යන්න හරහා විශ්ලේෂණය වන්නේ ය.
ප්රශ්නය
1). මෙහිදී ඔබ ඉගෙන ගත පරිදි - යෝග ආයුෂ, රුද්‍රා ආයුෂ හා බ්‍රහ්මායු හදහන තුල නිවේදනය වන භාවයන් මොනවාද?
2). එලෙසම එක් එක් ආයුෂ වර්ධනය කර ගැනීමට භාවිත කළ හැකි ජ්‍යෝතිෂ උපක්‍රම මොනවාද?
පසු සටහන
මේ සියල්ල නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා, ඔබ පරම්පරා හරහා ඉගෙන ගන්නා ගුරු උපදේශ හරහා ආයුෂය හා සබැදි පරිච්චේදය තුල අන්තර්ගත සියලුම දැනුම ඔබ ට දැනගත හැකිවනු ඇත. ඔබගේ ගුරුකුලය නැත්නම් ඔබගේ පරම්පරා ඉගැන්වීම අවබෝධ කර ගැනීම පළමුව කළයුතු වන්නේය.
එබැවින් දැන්ම ඔබේ ගුරුවරයා පාරම්පරික ගුරුවරයෙක් දැයි විමසීමට, පරීක්ෂා කිරීමට අවස්ථාව උදාවී ඇත. මේ අවස්තාව අපතේ නොහැර කටයුතු කරන්න...
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.02.24
ඉහත කරුණු ජ්යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්රණ පවත්වන ප්‍රදේශ
කළුතර -
කුරුණෑගල -
කොළඹ -
Subscribe to:
Post Comments (Atom)
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
Popular
-
විෂය නිර්දේශය - මාස 12 සඳහා නක්ර මාස මකර හා නක්ර දේව ගණයාගේ නව වසර දේව හා අසුර වක්‍ර රවි ජ්‍යෝතිෂ හා නක්ර 10 වන භාවය හා සම්බන...
-
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.