මකර රාශි
නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
මකර රාශිය
මකර සඳහා භාවිත නම් - මකර,නක්ර,ම්‍රිග, ම්‍රිගස්ය
මකර රාශිය සදහා බහුලවම භාවිතා වන නම "මකර" යන්න වෙයි. "මකර" යන්න මුව හිසක් හා කිඹුල් ශරීරයක් සහිත සත්ත්වයෙක් ලෙස දක්වා ඇත.
"නක්ර" යන්න ද කිඹුලාට පර්යාය නාමයකි.
ඒ අනුව මකර හා නක්ර යන නාමයන් මෙම රාශිය යම්කිසි අන්තරාදායක රාශියක් බවට ඉඟි සපයයි.
"නක්ර" යන්න නාසයේ රෝගයන්ද නියෝජනය කරන අතර නාසය, කන, උගුර තුළ රෝගයන් මේ හරහා නිවේදනය වන්නේය.
ඒ අනුව "නක්ර" පොදුවේ ශරීරය තුළ ඇති සියලුම පද්ධති වල යම්කිසි අන්තරාවක් සිදුවිය හැකි බව නිවේදනය කරන්නේ ය.
මේ අනුව ඔබගේ ලග්නය කුමක් වුවද, මකර රාශිය "කාල පුරුෂයාට" අනුව ඔබගේ ශරීරයේ යම්කිසි ඉන්ද්‍රිය පද්ධතියක් නිවේදනය කරයි ද, එම ඉන්ද්‍රියන් දුර්වල වී යා හැකි බවට ඉඟියක් මේ අනුව ඇත.
කිඹුලා සාමාන්‍යයෙන් සිටිනුයේ නිද්‍රාවේය. නැතිනම් නිද්‍රාවක සිටිනවා හා සමානව පෙන්වන්නේය, නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකිවීම දක්නට ඇත. මෙය "නක්ර" නැතිනම් "මකර" හී ස්වභාවය ද වන්නේය.
"වරුණ" හෙවත් මුහුදට අධිපති දේවතාවාගේ වාහනය ලෙස ද "මකර" සලකයි. එම "මකර" ගේ ස්වරූපය නම් කිඹුලෙකුගේ ශරීරයක් සහිත මුව හිසකින් යුතු සත්ත්වයෙ කි..
මකර රාශිය තුළ ඇති ග්‍රහයන් ප්‍රතිඵලයක් නොලබන, එනමුත් දිගින් දිගටම යමෙක් ප්‍රතිපල රහිත දෙයක් වෙනුවෙන් කරන්නාවූ උත්සාහයන් නිවේදනය කරයි. ප්‍රතිඵලයන් රහිත පුදපූජා, යාඥාවන්, භක්තිය නැතිකම ආදියද මෙම රාශිය හරහා නිවේදනය වන්නේය.
ශාස්ත්‍රීයේ සදහන් ආකාරයට "ඉන්ද්‍ර" හෙවත් "ශක්‍ර දේවෙන්ද්‍ර" ගේ කෝපය මකර රාශිය වෙත ඇත. එබැවින් මකර රාශිය ඔබගේ හඳහන තුළ යම්කිසි වැදගත් දෙයක් නිවේදනය සිදු කරන්නේ නම්, එම රාශිය හරහා ඔබ වෙත අයහපතක් ලඟා කර නොගැනීමට නම් ජ්‍යොතිෂ්‍යයම උපදෙස්, ප්‍රතිකර්ම ලබා ගැනීම වටිනා බව මෙහිදී මතක් කළ යුතුය....
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.26
ඉහත කරුණු ජ්‍යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්‍රණ පවත්වන ප්‍රදේශ
කළුතර -
කුරුණෑගල -
කොළඹ -
Subscribe to:
Post Comments (Atom)
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
Popular
-
විෂය නිර්දේශය - මාස 12 සඳහා නක්ර මාස මකර හා නක්ර දේව ගණයාගේ නව වසර දේව හා අසුර වක්‍ර රවි ජ්‍යෝතිෂ හා නක්ර 10 වන භාවය හා සම්බන...
-
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.