ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ඇති හැකියාව හා සුදුසුකම හඳහන තුළින් කියවෙන්නේ කෙසේද?
නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ඇති හැකියාව හා සුදුසුකම හඳහන තුළින් හදුනා ගැනීමේදී, ඒ පිළිබඳව විවිධ ගුරුකුල හි විවිධ මතයන් තිබේ. මේ මා ඉගෙන ගත් ගුරුකුල මතයයි. මෙහිදී අවශ්‍යනම් හදහන හරහා විශ්ලේෂනයද කල හැකි වීම විශේෂත්වයකි. එනම් ප්‍රායෝගික ක්රමයකි.
1). ඔබගේ පස්වැන්නාධිපති ග්‍රහයා හා රවී, මංගල් (කුජ), කේතු යන ග්‍රහයන් දොළොස්වැන්න සමග යම්කිසි සම්බන්ධයක් තිබිය යුතුමය.
2).රාජ ජ්‍යොතිෂඥයන් හට නම් ගුරු හා ශුක්‍ර අතර යෝගයන් තිබිය යුතුය. ගුරු ග්‍රහයා යම්කිසි යෝගයක් සමඟ සැබැඳි ද එය දිගින් දිගටම පවත්වා ගෙන යා හැකි ය.
3). ජ්‍යොතිෂ්‍යය සඳහා කැප විය හැකි ජ්‍යෝතිෂඥයන්ගේ හඳහන් වල සාමාන්‍යයෙන් සූර්යයාගේ සිට හතරවැන්නාධිපති අග්නි ග්‍රහයන් වන රවී, මංගල් (කුජ), කේතු සමඟ සම්බන්ධ විය යුතුය. මේ සඳහා ඔබ සියලුම ව්‍යාතිරේඛයක් දැන ගන්නේ නම් පහසුවෙන් අධ්‍යනය කළ හැකිය.
4). අවසානයේ දී ජ්‍යෝතිෂය සඳහා වඩාත්ම වැදගත් සීමා නිර්ණය වන්නා වූ එකොළොස් වැනි භාවය හා ආත්ම කාරකයා සමඟ වන්නාවූ සම්බන්ධයයි, එවන් සම්බන්ධයක් ඇත්තේ නම් ජන්මියා දිගින් දිගටම ජ්‍යෝතිෂය වෙනුවෙන් කැපවේ.
5). එලෙසම ජ්‍යොතිෂය හරහා ඔබගේ වෘත්තීය ලඟා කර ගැනීමට අවශ්‍ය නම්, එනම් වෘත්තීමය ජ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වීම සඳහා මේ ඉහත කාරණා සියල්ල කරණාධිපති සමඟ සම්බන්ධ විය යුතු ය.
ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.02
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.