මකර සංක්‍රාන්තිය

මකර සංක්‍රාන්තිය

නාරායන, නාරායන, නාරායන ෴

(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...


ආයුබෝවන් ඔබව ජෝතිෂ්‍ය නව වසරට සාදරයෙන් පිළිගන්නේ ය. ජ්‍යොතිෂ්‍යය නව වසර ආරම්භ වනුයේ මකර සංක්‍රාන්තිය සමගය. එනම් සූර්යයා මකර රාශියට  සංක්‍රමණය වූ විට ය. මෙම ලිපිය සංක්‍රාන්තිය පසු, දින කිහිපයක් ගතවී ඔබ වෙත ලගා වුවද එය ඔබට වැදගත් වනු ඇත. මකර  රාශිය රාශි වලය තුල මේෂයේ ♈  සිට සැලකූ කල දස වන රාශියයි. දසවැන්න අප "කර්ම භාව" ලෙස හඳුන්වයි. මෙහිදී මෙම මාසය තුලදී "කර්මයන්" "කර්මය" "රැකියාව" "වෘත්තීය" සිදුකරන ආකාරය යමේකු තමන්ගේ ජනප්‍රියතාවය පවත්වා ගැනීම මාතෘකා ජ්‍යොතිෂ්‍යය තුලින් අධ්‍යනය කිරීම වැදගත් වන්නේය.

ඔබ ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයකු නම් "අඳුරෙන් ආලෝකයට පැමිණීමද" මකර සංක්‍රාන්තියත් සමඟ සමරන්නේය. එහිදී වන්දනාමාන හා නියමිත පුද පූජා ඔබ විසින්  කළ යුතුය.

 "මකර සංක්‍රාන්තිය" රාජ්‍යයන්(රජය) හා එහි පාලකයන් සඳහා ඉතාම වැදගත්ය. එහි දී නව වර්ෂය සඳහා විශේෂ පූජාවන් සිදු කිරීම කළ යුතුය. රජුන්හට උපදේශනය වසරක් කරා සිදුකිරීමට හැකියාව ලබා ගැනීම ට උපකාරයක් ලෙස මෙම පූජාවන් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයන් විසින් සිදු කරන්නේය. මෙම මකර සංක්‍රාන්තිය සිදුවන දිනය ප්‍රමුඛව වර්ෂය පුරාවටම සංක්‍රාන්තිය සිදු වූ දිනය ජ්‍යොතිෂඥයා නියෝජනය කරන බැවින් මෙම දිනය රාජ්‍ය දිනය ලෙස ද ශාස්ත්‍රීයව නම් කරන්නේය.

සංක්‍රාන්තිය සිදුවන දිනය එනම් සතියේ දිනය සංක්‍රාන්තිය සිදුවන අවස්ථාව සලකා සටහන් කරනු ලබන සංක්‍රාන්ති ‍ප්‍රවේශ චක්‍රය ඉතා වැදගත් ස්ථානයක් ගනී. එම සටහන තුල සංක්‍රාන්ති දිනය අදිපති ග්‍රහයා හරහා මුළු වර්ෂය පුරාවටම රාජ්‍යයන් කවරක් සිදු කරන්නේ ද යන්න පවා බැලූ බැල්මට ම ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ද ඇත්තේ ය.

මෙම දිනය  රාජ්‍යයන්ට(රජය) වසර තුලදී කවරක් වේදැයි ඉඟි ලබා දෙයි.  උපදේශකයන් යහපත් උපදෙස් ලබා දෙන්නේ ද, අයහපත් උපදෙස් ලබා දෙන්නේ ද මේ සටහන හරහා සලකා බැලිය හැක. සියලුම ජ්‍යොතිෂඥයන් හා උපදේශකයන් මෙම එකම එක ග්‍රහයා හරහා නියෝජනය වන්නේ ය. එනම් රජයට උපදෙස් දෙන අනෙකුත් උපදේශකවරුන්  ද, මෙම මකර සංකාන්තිය සිදුවන දිනය අදිපති ග්‍රහයාට අනුවම එම වර්ෂය පුරාවටම හැසිරෙන්නේ ය. රාජ ජ්‍යෝතිෂඥයින් සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ද ලගාවීම මෙම ග්‍රහයා හරහා ම වන්නේ ය.

මෙම සූර්යයා මකරයට ප්‍රවේශවීම හරහා රටක් තුල ගොවිතැන, එනම් ආහාර නිෂ්පාදනය කෙලෙස මුළු වර්ෂය පුරාවටම එම රටට අදාලව සිදුවන්නේද බලාගත හැකිද  බව ශාස්ත්‍රීය ග්‍රන්ථ වල සදහන්ය.

මෙම මකර රාශිය නෛසර්ගික රාශි වලයෙදී ජ්‍යොතිෂ නියෝජනය කිරීම සඳහා ඇති විශේෂිත ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ, නෛසර්ගික රාශිවලයෙහි  දහවන භාවය නියෝජනය කරන මකර රාශිය පෙනීම නියෝජනය කිරීමය. මෙම පෙනීම ජ්‍යොතිෂය තුල තිබෙන විශේෂ හැකියාව හා ආශිර්වාදය ද වන්නේය. මෙලෙස අයෙකුට වඩා වැඩියෙන් යමක් දැකීමට හැකිවීම මෙහිදී නිවේදනය වේ..

ජ්‍යොතිෂ ලද දායාදය නම් ජීවිතය තුළ සැඟවුණු පැතිකඩ දැකිය හැකිවීම වන අතර, එසේ නොවුණහොත් පුද්ගලයා ම කර්මානුකූල ශක්‍යතාවයන් හරහා අස්වැන්න නෙළා ගැනීමේ දී අවහිර තාවයට ලක්වන අයුරුද දැකගත හැකිය. මෙම අවහිරතාවයන් යනු විවිධ බාධාවන්ය. බාධාවන් යනු ඔබට දැකිය නොහැකි දේය. නමුත් ජ්‍යෝතිෂ්  ශාස්ත්‍රඥයෙක් නම් ඔබට එය දැකිය හැකි වනු ඇත. එනම් ඔබගේ ද අන් අයගේ ද හැකියාවන් අවහිරතාවයන් ලක් කරන්නා වූ බාධාවන් දැකිය හැකි වීම ජ්‍යෝතිෂ්  ශාස්ත්‍රඥයෙක් ලබන්නා වූ දායාදය වේ.

උපදේශකයෙකු  ලෙස ජ්‍යෝතිෂය, ගුරු ග්‍රහයා හරහා නියෝජනය වන අතර,  එය සියලු ගුරුවරුන් හා උපදේශකයන්ය. මෙහිදී ජ්‍යෝතිෂඥයින් "සම්වත්සර්"  ලෙස වන්දනා කරන අතර එයට හේතුව විමසමු. ඒ "සංවත්සර" යනු වර්ෂයක් යන්නට සමාන පදයකි. ගුරු එක් රාශියකින් තව රාශියක් කරා යාමට ගත කරන කාලය වන වර්ෂයක ප්‍රමාණය මේ අනුව ගුරු ග්‍රහයා නියෝජනය කරයි. මේ තුළ අර්ථ දෙකක් ඇත සූර්යයාට රාශි 12ක් යාමට වසරක් ගතවීම ද,  ඒ අනුව "සංවත්සර" යනු "ගුරු" හෝ "සූර්යයා" යන්නට පර්යාය පදයක් ලෙස ක්‍රියා කරයි. එහිදී ගුරු හා සූර්ය යන දෙදෙනාම ජ්‍යෝතිෂඥයින් නියෝජනය කරයි. "ගුරු" නියෝජනය කරන ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගේ ස්වරූපය හා රවි නියෝජනය කරන ශාස්ත්‍රඥයන්ගේ ස්වරූප එකිනෙකට වෙනස් ය.

"සූර්යයා" නියෝජනය කරන ජ්‍යෝතිෂඥයින් අප දන්නා සෑම ජෝති ශාස්ත්‍රඥයෙකු නියෝජනය කරන අතර "ගුරු" නියෝජනය කරනුයේ වේදාංග ජ්‍යෝතිෂඥයන්ය. ඔවුන් ඔබගේ හදහන පරීක්ෂාකර බලා, ඔබට ඇහුම්කන් දී ,ඔබගේ ප්‍රශ්න සියල්ල සලකා බලා ඔබ අවසානයේ නිර්වාණය/ජීවන් මුක්තා /දෙවියන් වෙත - ගමන් කරන බව සහතික වන්නාවූ උපදේශනයන් ලබාදෙන ජ්‍යෝතිෂඥයින්  වන්නේය.

ජොතිෂ ග්‍රන්ථයක් වන ප්‍රශ්න මාර්ගයට අනුව ගුරු දෙවියන් නියෝජනය කරයි ගුරු නියෝජනය කරන ජෝති ශාස්ත්‍රඥ වරයෙකු වීම සඳහා ඔබ කැපවී මහන්සිවී විවිධ කර්මයන් කළ යුතුය. බොහෝ දේ ප්‍රගුණ කළ යුතුය,  මෙහි දී මන්ත්‍ර ශාස්ත්‍ර ද ප්‍රගුණ කළ යුතු ය. එතැනදී එවන් ශාස්ත්‍ර වන්තයෙකු ලබාදෙන මන්ත්‍ර  ඒවා දායකයාගේ පූර්වකර්ම ගෙවා දැමිය හැකි, අන් කිසිවෙකුට හානියක් නොවන උපදේශනයන්ය. එම උපදෙස් පූජකයෙක් හා සමානය නමුත් ධර්ම දේශනා කරන්නෙකු නොවේ. උපදේශනයක් පමණි.

ජ්‍යෝතිෂඥයින් අතරින් ගුරු නෙනිවේදනය කරන ජ්‍යෝතිෂඥයින්, නෛසර්ගික රාශි වලය තුල ගුරුට අයත් රාශි නිවෙදනය කරයි. ඒවා නම් ධනු හා මීන වන්නේය. එම රාශීන් නෛසර්ගික 9 හා 12 වැන්න වන්නේය. වහරන බසින් පන්සල හා ආරාමය බදුය. 9 වන්න රාජ පුරෝහිත හෙවත් පූජකවරයෙක් හා සමානය. 12 වන්න ජ්‍යෝතිෂඥයින් නිවේදනය කරනුයේ ඇයි? එයට හේතුව නිර්වාණය/ජීවන් මුක්තා /දෙවියන් වෙත ගමන් කිරීම /මෝක්ෂය 12 වන භාවය නිවේදනය කරන අතර, ජ්‍යෝතිෂඥයින්ට ඔබව ඒ කරා  ලගා කිරීමට උපදෙස් ලබා දිය හැකි බැවින් 12 වන භාවය ජ්‍යෝතිෂඥයින්  නිවේදනය කරන්නේය.

මෙලෙස ජ්‍යෝතිෂඥයින් ඔබ සසර පුරාවට කර ඇති කර්මයන් විශ්ලේෂණය කර ඔබ "නිර්වාණය/ජීවන් මුක්තා /දෙවියන් වෙත ගමන් කිරීම /මෝක්ෂය" වෙත කොපමණ ලගයි දැයි සොයා බලයි. ඉන්පසු ඔබ වෙත උපදේශනය කරන්නේය. ඒ කර්මා එකතු නොවන ලෙස කර්ම ගෙවා දැමීමටය. ජ්‍යෝතිෂඥයින් ලෙස ඔබට මෙම වගකීම ඔබ ජ්‍යෝතිෂය හදාරා තිබෙන පමණින් ඒ ඒ සීමාවට යටත්ව සිදුකල හැකිය. එය ජ්‍යෝතිෂඥයින් ලෙස ඔබ ලැබූ දායාදයක්මය.

ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.25

ඉහත කරුණු ජ්‍යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.

ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744



දැනට සම්මන්ත්‍රණ පවත්වන ප්‍රදේශ

කළුතර -
කුරුණෑගල -
කොළඹ -

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular