ජීවිකයෝග - जीविकायोगा - ජීවත්වීමට ධන උපයන මාර්ග ලඟා කරගන්නා වූ යෝග

"ජීවිකයෝග, ජීවිකායෝග, කර්මජීවයෝග"

නාරායන, නාරායන, නාරායන ෴

(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...

जीविकायोगा
"ජීවීකයෝග"

අපව ජීවනෝපාය සඳහා අදාල වන යෝග සැලකීමේදී නැතිනම් වෘත්තීය යන්න සලකා බැලීමේදී ජ්‍යෝතිෂ යොදන වචන අතර "ජීව" "ජීවි" "ජීවික"   යන වචන වඩාත්ම වැඩියෙන් සටහන් කර ඇති බව දැකගත හැක.

මෙහිදී මෙම වචන වලට අමතරව පැරණි ගුරුවරුන් විසින් වෙනත් වචන යොදා ගත හැකිව තිබියදී එනම් උදාහරණ ලෙස "කාර්ය" "කර්මස්තාන" "කර්ම" "වෘත්තිය" යන වචන වෙනුවට මෙම "ජීව" "ජීවි" "ජීවික"  යන වචන යෙදුවේ ඇයි?

"වෘහත් ජාතකය - වරහමිහිර" යන ජ්‍යෝතිෂ ග්‍රන්ථය ඔබ ලග  තිබෙන්නේ නම් සිංහල පොතේ අංක 150 පිටුවේ එහිදී සඳහන් ව ඇත්තේ "කර්ම ජීව" ලෙසය. මෙලෙස සෑම තැනකම "ජීව" යන වචනය පාවිච්චි කරනුයේ ඇයි?

මෙන්ම "ජීව" "ජීවි" "ජීවික"  යන වචනවල අර්ථය ජීවත්වීමේ එනම් මෙහිදී ජීවත්වීම පිණිස සිදු කරනු ලබන දේ යන අර්ථයක් මෙම ජීවික ජීවි ජීව යෝග යන්නෙන් අර්ථවත් වේ.

ශාස්ත්‍රීයව බ්‍රහ්ම අක්ෂරය යනුවෙන් සඳහන් වනුයේ  "ක" අක්ෂරයයි. එනම් බ්‍රහ්ම නිවේදනය කරනුයේ "ක" අක්ෂරයයි. මෙම "ක" හි දීර්ඝ ආකාරය "කා" වේ."ජීවී" සදහා "ක"යෙදුන විට ලැබෙන"ජීවික" හි  අර්ථය නම් ජීවත්වීම පිණිස සිදු කරන කාර්යයන්ය. ජීවී සමග එක්ව මෙම "ක" හා "කා" එක්ව  "යෝග" සමග එක වූ විට "ජීවිකයෝග, ජීවිකායෝග" යන දෙයාකාරය ව්‍යුත්පන්න වේ.

 ඒ අනුව "ජීවිකයෝග" සහ "ජීවිකායෝග" ලෙස යෝගයන් දෙකකි. මෙහිදී "ජීවික+යෝග" යන්නද "ජීවික+අයෝග" ලෙස මෙම ස්වභාවය න් අප සැලකුවොත් එහිදී අපට "යෝග" හා "අයෝග" වෙන් කරගත හැකිය.

ඒ අනුව "ජීවි" වෙන් කරගත් කරගත් පසු ඉතුරු වනුයේ "යෝග" හා "අයෝග" යන වචන දෙකවේ. ඒ අනුව ජීවික යෝග හා ජීවික අයෝග ලෙස දෙයාකාරය හරහා අප -  "ජීවික+යෝග" - ජීවත්වීමට ධන උපයන මාර්ග ළඟා කිරීම ද, "ජීවික+අයෝග' ජීවත්වීමට  ජීවත්වීමට ධන උපයන මාර්ග නොමැතිවීමද නිවේදනය කරයි.

මේ අනුව ගුරුවරුන් විසින් එක් පේලියක් තුල "ජීවිකයෝග" ලෙස  ජීවත්වීමට ධන උපයන මාර්ග ළඟා කරගන්නා වූ යෝග හා  ජීවත්වීමට ධන උපයන මාර්ග නොමැති යෝග ගැන එක පේලියක සඳහන් කර ඇත්තේය.

විවරණය
අප "ජීව" යනු "ජීවිතය හෝ ජීවත් වීම" ලෙස දන්නේය. "ජීව" යනු ගුරු ග්‍රහයාට පර්යාය නාමයකි. ඒ අනුව "බෘහස්පති හෙවත් ගුරු ග්‍රහයා" සියලුම ජීවත්වන සතුන්ගේ පාලකයා ලෙස මෙලොව දී එම ජීවීන්ගේ සතුට සහතික කරවයි යනුවෙන් අපට ප්‍රකාශ කළ හැක්කේය. මෙම කුඩා ස්ලෝකය තුළ සැඟවුණු අර්ථය "ගුරු හෙවත් බෘහස්පති ග්‍රහයා" හරහා ජීවත්වීමට හඳහන තුළ ඇති ධන උපයන මාර්ග විශ්ලේෂණය කළ යුතු බවවේ.

 ජීවත්වීමට ධන උපයන මාර්ග ලගා කිරීමේදී ද, ඒ ගැන යමෙක් විමසන කල්හි ද වඩාත්ම වැදගත් ග්‍රහයා ගුරු ම වීමට මේ අනුව වැඩිම හැකියාවක් ඇති බවද හැඟවෙන්නේ ය. මෙය ඉතාමත් විශේෂිතය. අපගේ පැරණි ගුරුවරු  මෙලෙස අර්ථය රාශියක් මෙම කෙටි ස්ලෝකය තුළ සඟවා ඇත්තේ ය. සත්‍ය ලෙස මෙය ස්ලෝකයක් නොව පරිච්චේදය සදහා මාතෘකාවකි. මෙලෙස බොහෝ සගවුනුදේ ස්ලෝක හා වචන තුල පවා ඇත්තේය. ඔබ යහපත් උගත් ගුරුවරයෙක් ඇසුරින් මේවා අධ්‍යයනයට යොමු වීම හරහා ඔබව ක්‍රමක්‍රමයෙන් පිරිපුන් ජ්‍යෝතිෂඥයෙකු බවට පත් කරවනු ඇත.

ගුරු ග්‍රහයා ජීවත්වීමට ධන උපයන මාර්ග සඳහා වැදගත් වනුයේ ඇයි?

ඔබ ජීවත්වීමට ධන උපයන මාර්ග හරහා  යම් ඉපයීමක් කරන්නේය. එම ඉපයීම ඔබගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යෑම නැත්නම් ඔබගේ ජීවිතය පවත්වාගෙන යෑමට උපකාර වේ.යමකු මෙය  වැටුප ලෙස සැලකුවද මෙය වැටුප නොවේ. මෙම ජීවත්වීමට ධන උපයන මාර්ග යනු බොහෝ කාලයක් ඔබ ළඟ තබා ගන්නා ධනය ද වන්නේය.  මේ සියල්ල නිවේදනය කිරීම මෙම ගුරු ග්‍රහයා හරහා සිදුවේ.

"ජීවික+යෝග" ළඟා කරනුයේ ගුරු ග්‍රහයා නම්, "ජීවික+අයෝග"  හෙවත් ජීවත්වීමට  ජීවත්වීමට ධන උපයන මාර්ග නොමැතිවීම නිවේදනය කරනුයේ කවරෙකු විය හැකිද?

අප "ජීව" ලෙස හැඳින්වූයේ ගුරු ග්‍රහයා ය. එසේ නම් ගුරු ග්‍රහයා "ජීවික" ලෙස හැඳින්වුව හොත් මිනිසුන් ජීවත් කරවීමට හේතු වන ග්‍රහයාය. නමුත් ගුරු ග්‍රහයාට විරුද්ධ ඵලය ගෙන එනුයේ ග්‍රහයෙක්වේ නම්, එම ග්‍රහයා නෛසර්ගිකව ජන්මීන්ට ජීවත්වීමට උපයන මාර්ග නොමැතිවීම නිවේදනය කල යුතුය. ඒ  බව මෙම ශ්ලෝකය තුලවන සැඟවුණු අර්ථයක්ය.මෙහි අරුමය නම් මෙය ස්ලෝකයක් ද නොවේ. එය යම් පරිච්ඡේදයක සඳහා මාතෘකාව පමණි. මේ අනුව අපට වෘත්තීය සදහා සැලකීමේදී ගුරු ග්‍රහයා මෙන්ම වෘත්තීන් ළඟා නො කරන්නා වූ ගුරු ග්‍රහයාට විරුද්ධ නිවේදනය සිදු කරන ග්‍රහයා ද වැදගත් බව මේ අනුව පසක් වන්නේ ය.

මෙම ග්‍රහයා වෙන අන් කවුරුවත් නොව ගුරුට විරුද්ධ දේ ලඟා කරන්නා වූ ශනි ග්‍රහයාය. ඒ අනුව ජීවත්වීමට යම් ධනයක් උපයා ගැනීම සදහා  ගුරු හා ශනි  යන ග්‍රහයන් හද තුළ පරික්ෂා කලයුතු බව මෙම කෙටි සංස්කෘත පාටය හරහා ගම්‍ය වන්නේය...

ඔබට හැකියාවක ඇත්නම් ඔබගේ ගුරුවරයාගෙන් "වෘහත් ජාතකය - වරහමිහිර"  හි දසවන පරිච්චේදය හෝ ජාතක පරිජාත හි 15 වන ආධ්‍යාය ඉගෙන ගන්න මෙහි ඇති විශ්මිතය හරහා ඔබට වෘත්තීය මාර්ග උපදේශනය් සදහා ඔබට යොමු විය හැකිවනු ඇත.


ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.25

ඉහත කරුණු ජ්‍යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්‍රණ සදහා ඔබට සහභාගී විය හැක.

ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744



දැනට සම්මන්ත්‍රණ පවත්වන ප්‍රදේශ

කළුතර -
කුරුණෑගල -
කොළඹ -

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular