රාම් රාම් රාම් ෴
හදහන් විශ්ලේෂණය සදහා අනුගමනය කලයුතු සරල ක්රමයන්...
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
විවිධ ගුරුකුලවල විවිධ නීති රීති හරහා හදහන් විශ්ලේෂණය කල යුතු අකාරය කියා දෙන්නේය.. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක්ට අනුව පලාපල කථනය ඉගැන්විය නොහැක... එසේම කොපමන සහතික, උපාධි, විවිධ පද්ධති ක්‍රම ඉගෙන ගත්තද පලාපලයක් කියන්නට නොහැකිය.... තවත් ජාම බේරා ගන්නා ක්‍රමයක් නම් පලාපල ප්‍රසිධියේ කීම නොකළ යුතුය යනාදී ශේප් න්‍යාය භාවිතයයි ...
නමුත් ඉන්දියාවේ - ඔරිස්සා ගුරුකුලය, බෙංගාලි ගුරුකුලය, දකුණු ඉන්දියානු ගුරුකුලයන් දැනට ඉදිරියෙන් සිටින ජ්‍යෝතිෂ පරම්පරා ලෙස දක්වා සිටිය හැක. මේ අතරින් බෙංගාලි ගුරු කුලය නියෝජනය කල "B.V. රාමන්" මහතා කීර්තිමත් ජ්යෝතිෂඥවරයෙක් විය. ඔහු නාඩි සිද්ධාන්ත භාවිත කල බව ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම දකුණු ඉන්දීය ගුරුකුලයන් ද "චන්ද්‍ර කලා නාඩි" භාවිත කරන්නේය. ඉදිරි අවස්ථාවක මේ ගැන කතා කරමු.
ඔබටත් හදහනක් විශ්ලේෂණය හොදින් කිරීමට අවශ්‍ය නම්, පහසුවෙන් අනුගමනය කලහැකි ප්‍රසිද්ධ රහසක් වන පහත සදහන් දේ ප්‍රගුණ කිරීම වටින්නේය. එය ඉතා සරලය, පහසුය.
1. තැන්පත් ග්‍රහයන්
2. රාශි අධිපතියන්
3. කාරකයන්
4. ග්‍රහ දෘෂ්ටි
5. රාශි දෘෂ්ටි
6. අර්ගලා
දින කිහිපයක උත්සාහයකින් මෙය අවබෝධ කරගත හැකිය. එහෙත් මූලිකවම ඉහත සඳහන් කළ කාරණා පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුමය.
ඔබ කොතරම් පත්පොත් පරිශීලනය කළ ද, ජ්‍යොතිෂය හැදෑරීමට පංති ගොස් අවුරුදු ගණන් ගත කළ ද, මූලික සිද්ධාන්ත භාවිතය ගැන අවබෝධයක් නැතිවුවහොත් ලබාගත් දැනුම හරහා තමාට තම කේන්ද්රයවත් විග්රහ කොට ගතහැකි නොවනු ඇත. එසේම කේන්ද්‍ර විමසීම අවුරුදු ගණනාවක් සිදුකළ පසුව ද තම දැනුම පිළිබඳව වික්ෂිප්තභාවයකට පත් වූ අය ඕනෑ තරම් ඇත. අවුරුදු 8 ක් පංති ගොස් ඇතිමුත් මෙම තත්ත්වය වික්ෂිප්ත වූ දැනුම අයෙක් හමු වී ඇත.
මා ඉගෙන ගත් ගුරුවරයාගේ දෙපා නැමැද ගෞරව කරමින්, මෙම උතුම් ශාස්ත්‍රය ඔබ වෙත සරලව ඉදිරිපත් කරන්නට උත්සහ ගන්නම්.
ශාස්ත්‍රීය කරුණු දන්නා (එනම්, අවමයෙන් ග්‍රහයන් හා රාශීන්) ඔබ වෙත මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට අත්වැලක් වේවා යැයි ද, මාගේ ගුරුවරුන් මා හට ලබාදුන් මෙම ශාස්ත්‍රය මටත් වඩා හොඳට පිහිටන්නට ඔබ සැමට වාසනාව ලඟා වේවායිද මුලින්ම ආශිර්වාද කරමි.
පාරම්පරික ක්‍රමවේදයට අනුව කේන්ද්‍රයේදී මූලිකවම සැලකිය යුතු කාරණාවට අදාල වර්ග චක්‍රය පරීක්ෂා කරන්න.
උදා:- රාශි, නවාම්ශ ආදී ලෙස ඉන් පසු කාරණාවට අදාල භාවය සළකන්න. උදා:- 2 වැන්න, 4 වැන්න ආදී ලෙස. ඉන් පසුව ඉහත සදහන් කල
1. තැන්පත් ග්‍රහයන්
2. රාශි අධිපතියන්
3. කාරකයන්
4. ග්‍රහ දෘෂ්ටි
5. රාශි දෘෂ්ටි
6. අර්ගලා
කේන්ද්‍රයක ඇති භාවයන් (1-12 දක්වා) ජීවිතයේ විවිධාකාර පැතිකඩයන් දක්වයි.
උදා:- 7 වැන්න විවාහය, 10 වැන්න රැුකියාව ලෙස
මෙම භාවයක් යනු ඔබගේ ජීවිතය හා බැඳුනු එක් විශේෂිත කාර්යක් සඳහා සැකසුන ව්‍යාපෘතියක් ලෙස සලකන්න. මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් ගමු. ඉතා සියුම්ව නොගොස් මූලිකවම නවාම්ශයේ 7 වැන්න විවාහය සේ සලකා එය ඔබේ ජීවිතයේ ව්‍යාපෘතියක් මෙන් විග්රහ කරමු.
ඔබට විවාහයක් අවශ්‍ය නම්, ඔබට සහකරුවෙකු සිටිය යුතුය. එමෙන්ම විවාහය සඳහා මූලිකව පසුබිම සකස් කරන අයෙකු (ඔබ හෝ කපුමහතෙකු) සිටිය යුතුය. ඔබගේ දෙමාපියන් හා සහකරුගේ දෙමාපියන් පහසු විවාහක් හා විවාහ ජීවිතය සඳහා සදාකාලිකවම බලපාන සාධකයක් වේ. එමෙන්ම එම පවුලේ සිටින සහෝදර සහෝදරියන් හා ළඟම ඥාතීන් විවාහය සම්බන්ධව යම් යම් බලපෑම් කරන පුද්ගලයන්ය. ඔබගේ සහ සහකරුගේ පෙර සබඳතා තිබූ පුද්ගලයන් අසල්වැසියන් තවත් ඔබගේ විවාහයට බලපෑම් ඇති කළ හැකි පුද්ගලයන්ය.
සාමාන්‍ය ජීවිතයේ සිදුවන සෑම සිදුවිමක්ම ජෙයාතිෂ්යානුකූල බැවින් ඉහත සඳහන් කළ පාරම්පරික ක්‍රමවේදය හරහා, මෙම විවාහය නැමැති අවස්ථාව විග්රහ කොට බලමු. විවාහ සහකරු භාවයේ අධිපති වැනිය. (7 වැන්නේ අධිපති) විවාහය සඳහා මුලපුරන ඒ සඳහා පසුබිම පහසු කිරීමට දායක වන්නා කාරකයාය. දෙමාපියන් සදාකාලිකවම බලපෑමක් ඇති කරන රාශි දෘෂ්ටි වැනිය. සහෝදර සහෝදරියන් ඥාතීන් භාවයක තැන්පත් ග්‍රහයන් වැනිය. ඔවුන්ගෙන් වැඩක් තිබීම හෝ නොතිබීමට හැකිය. පෙර මිත්‍රයන් හා අසල් වැසියන් දෘෂ්ටි දෙන ග්‍රහයන් වැනිය. විවාහ දිනයට හා විවාහයට මේ කාරණා සියල්ල යහපත් ලෙස තිබුණ ද එය පසුබිම පමණි. එනම් ඔබට විවාහ සහකරුවෙක් සොයා ඇත. සහකරු ඔබ හා විවාහයට එකඟය. දෙමාපියන් ද අවසරය දී ඇත. දෙපස ඥාතීන් සහෝදර සහෝදරියන් ද ඔබට ආශිර්වාද කරයි. එමෙන්ම අසල්වැසියන් හා අනෙකුත් මිත්‍රයන්ගෙන් ද බාධා කිරීම් නැත. එසේ නම් අවශ්‍ය කුමක්ද? ඔව් විවාහයට අවශ්‍ය ‘අර්ගලා’ යකි. එනම් තීරණාත්මක අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කි්රයාවකි. මේ විවාහය සම්බන්ධයෙන් ඇතිවිය හැකි අරගලය නම් ඔබගේ විවාහය ලියාපදිංචි කරන රෙජිස්ටාර්වරයා හා ඔහුගේ කාර්යභාරයයි.
ඉහත මා උත්සාහ ගත්තේ, ජ්‍යොතිෂය යනු වෙන කිසිවක් නොව, අප විඳිමින් සිටින සත්‍ය බවත්, මෙය තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන සරලව භාවිත කළ හැකි, එහෙත් පුදුම එළවනසුළු ශාස්ත්‍රයක් බව ප්‍රකාශ කිරීමටය.
ඉතිං මෙම ශාස්ත්‍රය හැදෑරීමට මෙන්ම විග්රහයට ද මූලිකවම අප දැනගතයුතු සරළ සිද්ධාන්ත අවබෝධ කොට සොයා බැලීමට ප්‍රථම ග්‍රහයන් හා ඔවුන්ගේ ගුණ අවබෝධ කර ගත යුතුය.
ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.06.26
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.