රාජා ජනක
සහ සුඛදේව.
“සුඛදේව”
ශ්‍රේෂ්ඨ රිෂි
වේද ව්‍යාසගේ පුත්‍රයා වූ අතර,
ඔහුගේ පෙර සම්සාරීය පුන්‍ය නිසා, ඔහුට මවගේ
ගර්භාෂයේ සිටියදී පවා සත්‍ය දැනුම ලැබුණි. කුඩා කාලයේ දී ඔහු තම පියාගේ ආරාමය
අසල වනාන්තරයේ භාවනා කරමින් කාලය ගත කළේය.
දිනක්, “සුඛදේව” භාවනා කරමින් සිටියදී,
විෂ්ණු දෙවියන් දැකීම සඳහා වෛකුන්තය වෙත යාමට, ඔහුගේ සිතේ ආශාවක් ඇති විය. ඔහු වෛකුන්තය
වෙත පැමිණි විට, දොරටු
පාලකයෝ විෂ්ණු දෙවියන්ට දන්වා සිටී අතර ශ්‍රී විෂ්ණු දෙවියන් පැවසුවේ , “අපට
කණගාටුයි, ඔබට
ගුරු කෙනෙකු නොමැති බැවින් ගුරුවරයෙක් නොමැති අයට කිසි විටෙකත් වෛකුන්තය වෙත ඇතුළු විය නොහැක.” ලෙසය “සුඛදේව”
සිය පියා වන වේද ව්‍යාස වෙත ආපසු ගොස්, වෛකුන්ත
දොරටුව අසලදී ඔහු වෙත පැවසූ දේ සිය පියාට කීවේය.
“සුඛදේව” මහ
රිෂිගේ පුතෙකු යැයි සිතමින් තරමක් නිෂ්ඵල හා ආඩම්බර අයෙකු විය, ඔහු ඒ වන
විටත් වසර ගණනාවක් තපස් ප්‍රගුණ කර ඇති බවත්,
ඒ නිසා ගුරුවරයෙකුගේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු සිතුවේය. කෙසේ
වෙතත්, ගුරුවරයෙකුගේ
අවශ්‍ය යැයි විෂ්ණු දෙවියන් විසින්ම පවසා
ඇති බැවින්, “සුඛදේව”
තම ගුරු ලෙස තෝරා ගත යුත්තේ කවුරුන්ද යන්න
පිළිබඳව තම පියාගෙන් උපදෙස් ලබා ගත්තේය. “සුඛදේව”
හට
පියා කීවේ, “ඔබට
තෝරා ගැනීමට ඇත්තේ ඒ සදහා සුදුසුකම් ලත් එකම ගුරු කෙනෙකු පමණක් වන අතර ඒ විදේහ හි ජනක රජු ය.” රිෂි වේද
ව්‍යාසගේ පිලිතුර විය.
“පියාණෙනි,
ඔබේ මනස විකල් වී තිබේද? රජෙකු සහ සන්‍යාසි වරයෙක් අතර පොදු ලක්ෂණ මොනවාද? මම ඔහුව
මගේ ගුරු ලෙස පිළිගන්නේ කෙසේද?
“සුඛදේව” ඇසීය. “ඔබේ
ගුරු විය හැකි වෙනත් කිසිවෙකු නොමැතියැයි”
රිෂි වේද ව්‍යාස පිළිතුරු දුන්නේය.
රිෂි වේද ව්‍යාසයන්
දොළොස් වතාවක් “සුඛදේව” පිරිමි ළමයා ජනක
රජු වෙත යවා ඇති අතර,
ඔහු එහි ඇතුළුවීමට පෙර දොළොස් වතාවක් ආපසු පැමිණියේය.
වරක් ඔහු මාළිගාවට ළඟා වූ නමුත් මාළිගාවේ පොහොසත්කම සහ ලෞකික ජනයාගේ එක්රැස්වීම
දුටු විට ඔහු සිතුවේ රජතුමා කාමුක සතුටක් ලබා දෙන කෙනෙකු විය යුතු බවත්, එබැවින්
ඔහු තම ගුරුවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැති බවත්ය. ගුරු. යනු යථාර්ථවාදී අවබෝදයක්
සහිත අයෙක් විය යුතු බවය. යමෙකුට තම ගුරුවරයා පිළිබඳව ඇති සැකය හා සැකයන් වැඩි වන තරමට
තමාටම හානියක් සිදු වන බව ඔහු (“සුඛදේව”) ට අමතක විය . “මහාත්මා” ගැන සැක කිරීම හෝ
අපහාස කිරීම කෙනෙකුගේ කුසලතා විනාශ කරයි. ඔහුගේ පූර්ව පුන්‍යද විනාශ කරන්නේය.
දහතුන්වන
වරටත් “සුඛදේව” නැවත රජු වෙත යවන විට
සිත්ගන්නාසුළු දෙයක් සිදුවිය… යමෙක්
මැදිහත් විය. ඒ මෙසේය,
දහතුන්වන
වරටත් “සුඛදේව”, ජනක රජු වෙත යවන ලද විට, ඔහුට අනුකම්පා කළ ‘නාරද රිෂි’, වයස්ගත බ්‍රාහ්මණයෙකු ලෙස වෙස්වලාගත් නාරද රිෂි,
ඔහුගේ හිස මත පස් කූඩයක් රැගෙන “සුඛදේව” අසලින් ගියේය .එසේ ගොස් ඒ අසබඩ ගලා බසින කුඩා
ගඟක් වෙත ගොස්, එම පස් ගඟට විසි කළේය . ගඟට
විසි කරණ ලද පස්, ජලයට හසුව ගසාගෙන යන්නේය. මෙය දුටු “සුඛදේව”, වෙස්වලාගත් රිෂිට චෝදනා
කරමින්, “මහල්ල
මේ බලන්න, ඔබගේ වෑයම අසාර්ථකයි, ඔබට අවශ්‍ය ගඟ හරහා වේල්ලක් ඉදිකිරීමට නම්, පළමුවෙන්ම
දිය දහර හරහා සැරයටි කිහිපයක් ද ඉන්පසු විශාල ගල් කිහිපයක් ද තබා පස් ඒ මතට විසි කරන්න. එසේ නොවුවහොත් ඔබගේ වෑයම නිෂ්ඵල වනු ඇත”. පිළිතුරු ලෙස නාරද රිෂි පැවසුවේ “මට
මගේ දවසේ වෑයම පමණක් අහිමි වී ඇත,
නමුත් මට වඩා විශාල මෝඩයෙකු වන තරුණයෙක් සිටී, ඔහු වේද
ව්‍යාසගේ පුත් “සුඛදේව” ය. මක්නිසාද යත්,
ඔහු සතුව තිබූ අවස්ථා දහහතරෙන් 12
ක් දැනටමත් ඔහුට අහිමි වී ඇති බැවිනි. ඔහුට ඉතිරිව ඇත්තේ තව අවස්ථා දෙකක් පමණි. ” මෙය ඇසූ “සුඛදේව”
ක්ලාන්තව වැටී ගියේය. ඔහුට සිහිය එන විට, ඔහු තනිවම
සිටියේය, නමුත්
ඔහු මහල්ලාගේ වචන සිහිපත් කර ජනක රජුගේ මාළිගාවට දිව ගියේය.
මාලිගාව
දොරටුව අසලදී, තමන් වේද ව්‍යාස ගේ පුත්‍රයා යැයි පවසා, රජු බැහැදැකීමට පැමිණිබව
පවසයි. ඉන් පසු ඔහු දොරටුවෙන් බැහැරව වෙනත් තැනකට වී බලා සිටී. යම් ආඩම්බරයක් ඇති
ඔහු සිතුවේ රජතුමා පැමිණ මඟදී ඔහුව මුණගැසෙනු ඇති බවය. නමුත් කිසිවෙකු ඔහුව
හමුවීමට පැමිණියේ නැත. “සුඛදේව” ගේ
පැමිණීම ජනක රජුට දැනුම් දුන් විට,
“ඔහු සිටින තැන සිටගෙන සිටීමට ඔහුට ඉඩ දෙන්න” යැයි කියා
අණ කළේය. අහෝ! නියෝගය ලැබෙන කල, මාලිගාවේ,
එකතු කරණ කසල විසි කළ බිත්තිය ආසන්න ස්ථානයේ සිටගෙන සිටීමට “සුඛදේව” හට සිදු වූ
අතර, එහි
ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු
විසි කරණ ලද කුණු කසළ වලට යටව වැළලී යාමට වැඩි
වේලාවක් ගත නොවීය.
“මාව
බැහැදැකීමට පැමිණි “සුඛදේව” හට සිදුවූයේ
කුමක්දැයි” කියා
රජතුමා විමසා සිටින විට දින හතරක් ගතව තිබිණ. සේවකයෙක් පිළිතුරු දෙමින්, “ඔහුට
සිටින්නට කියන ලද ස්ථානයේම සිටින්නෙයයි” පැවසීය. විස්තරය ඇසු රාජා ජනක, “ඔහුව කසල කන්දෙන් බේරාගෙන, ස්නානය කරවා, සුදුසු
වස්ත්‍ර ලබා දී මෙහි ගෙන එනු ලැබේවා ”යයි
නියෝග කළේය.
“සුඛදේව” විසින්
නෛෂ්ක්‍රමණය (සියල්ල අත හැරීම) පුරුදු කර සිටීම ගැන ඔහුම යම් ආඩම්බරයකින් වන බව දැනගත් ජනක රජ මායාවක් ඇති කළේය.
එහිදී “සුඛදේව”
රජතුමා බැහැදැකීමට ශාලාවට ඔහු ඇතුළු වූ විගසම, මුළු නගරයම ගිනිගෙන ඇති බවට වාර්තාවක් රැගෙන සේවකයෙක්
පැමිණියේය. “මේ
සියල්ලම දෙවියන්ගේ කැමැත්තයි,”
ජනක රජ පැවසීය. තවත් ටික වේලාවකට පසු තවත් වාර්තාවක්
පැමිණියේ රජුගේ සියලු ප්‍රධාන විනිශ්චය ශාලාවන් අළු බවට පත් වූ බව දන්වමිනි.
එහිදීද “දෙවියන්ගේ කැමැත්ත”
කියා රජතුමා පවසයි. මීළඟට, රජුගේ මාළිගාව ගිනිගෙන ඇති බවට
ආරංචි විය. “සියලු
දේම දෙවියන්ගේ කැමැත්ත”
කියා රජ නැවත නැවතත් පවසා සිටී. ගින්න ගැන කිසිවක්
නොකිරීමට තරම් රජු මොන තරම් මෝඩයෙක්දැයි “සුඛදේව” සිතමින් සිටියේය. එක වර “සුඛදේව” ඔහුගේ ඔලොගුව
අතින් අල්ලාගෙන ගින්නෙන් බේරීමට පලා යන්නට පටන් ගත් නමුත්, රජු ඔහුගේ අත තරයේ අල්ලා
ගත්තේය. “බලන්න, මගේ සියලු
ධනය හා දේපළ දවා අළු වී ගොස් ඇත,
නමුත් මම ඒ ගැන කරදර වී නැත. දැන් ගින්න මාළිගාවට පැමිණ
ඇති බැවින්, ඔබ
සතුව ඇති මෙම කුඩා වත්කම් මල්ල බේරා ගැනීමේ අදහසින් ඔබ එය අල්ලාගෙන ඇත” යැයි “සුඛදේව”
වෙත පැවසීය.
ඇත්තෙන්ම, ඔබට අයත් දේවල්
මොනවාද? දැන්, වඩා හොඳ නෛෂ්ක්‍රමණය
(සියල්ල අත හැරීම) කරණ පුද්ගලයා කවුද - ඔබද? මමද? ” රජතුමා සැබෑ ලෙස සියල්ල ඇත හැර ඇති අයෙක් බවට “සුඛදේව” වැටහී ඔහුගෙන් ‘උපනයනය’ (කුලවද්දවා
ගැනීම, initiation)
බලාපොරොත්තු වූ නමුත් ජනක රජු පැවසුවේ “ඔබ එයට සුදුසු නැත” යනුවෙනි.
බලාපොරොත්තු වූ නමුත් ජනක රජු පැවසුවේ “ඔබ එයට සුදුසු නැත” යනුවෙනි.
ඉනික්බිති,
රජතුමා නියෝග කළේ “සුඛදේව” යන් නගරයට
පැමිණීම වෙනුවෙන් ගරු කිරීමක් ලෙස, ‘මහා උත්සවයක්’ පැවැත්විය යුතු බවයි. ඒ සදහා උත්සව, නැටුම්, නාට්‍ය හා
විවිධ කුටි සකස් කරන ලදී. සියල්ල “සුඛදේව” හට විනෝද වීම සැලැස්වීම සදහාම මේවා අරමුණු විය.
සියල්ල
සුදානම් වූ විට, රජු
“සුඛදේව” වෙත ගොස් නගරය හරහා ගොස් සියල්ල භුක්ති විඳින්නැයි ඉල්ලා සිටියි. ඒ එක
කොන්දේසියකට යටත්වය.
ඒ “ඔබ යන
ඕනෑම තැනක කරුණාකර මෙම සම්පූර්ණ කිරි/තෙල් කුසලානය (කෝප්පය) ඔබ සමඟ රැගෙන යන්න.” (මෙය යම්
ද්‍රවයක් දැමු බදුනකි. තැනක කිරි තැනක තෙල් ලෙස දක්වා ඇත.)
ඉන්පසු රජු
“සුඛදේව” සමඟ පැමිණ සිටි සෙබළුන්ට කියා සිටියේ ““සුඛදේව”
නගරයේ සෑම ප්‍රදේශයකින්ම රැගෙන යන්න. ඔහුට
සෑම දෙයක්ම දැකීමට ඉඩ දෙන්න. නමුත් ඔහු මේ කුසලානෙන් ද්‍රව බිදුවක් වත් බිම
හැළුවොත්, මගේ
නියෝගය නම් ඔබලා ඔහුව එම ස්ථානයේදීම හිස ගසා දැමිය යුතු බවයි”. “සුඛදේව” සොල්දාදුවන්
සමඟ පිටතට ගොස් සවස් වරුවේ ආපසු පැමිණියේය.
මට විශ්වාසයි ඔබට හොඳ විනෝදාත්මක කාලයක්
ලැබුණා කියලා? ඔබ
සියල්ල භුක්ති වින්දාද ?
” රජ විමසීය.
පිළිතුරු
දුන් “සුඛදේව” “රජතුමනි, මම
කිසිවක් දුටුවේ නැත. මක්නිසාද යත්,
සෑම මොහොතකම මගේ සිතුවිලි සියල්ලම මෙම කුසලානය කෙරෙහි
යොමු වී තිබුනේ, ඒ
මගේ ජීවිතය නැති කර නොගන්නා පිණිස”
යැයි “පැවසීය.
“සුඛදේව” යනි, මේ සියලු
සුඛෝපභෝගී හා උත්කර්ෂවත් බව මධ්‍යයේ මම ජීවත් වන්නේ එලෙසයි. මට කිසිවක් පෙනෙන්නේ
නැත. මක්නිසාද සෑම මොහොතකම මාගේ සිතුවිලි දෙවියන් කෙරෙහි කේන්ද්‍රගත වී ඇත්තේය,
මාත් මගේ ජීවිතය නැති කර නොගන්නා පිණිසය.
“කුසලානය
- මරණය, කිරි/තෙල්
- ඔබේ මනස යැයි සිතන්න. උත්සව යනු ලෝකයේ ආශ්වාදයන්
සහ අලංකාරයන් ය”. රජා ජනක ““සුඛදේව”
හට පැවසීය.
රජු
තවදුරටත් “මම මේ ලෝකය හරහා ඉතා පරිස්සමින් ගමන් කරමි, එවිට
මනසෙහි කිරි විසිරී හෝ කලබල නොවී,
සෑම මොහොතකම දෙවියන් කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ.
මක්නිසාද දෙවියන් ගැන නොසිතමින් මොහොතක් හෝ ගත කිරීම මට මරණයකි. ”
“සුඛදේව”යන් අවබෝදය ලැබූ බව වටහා ගත්, රජු හට දැක
ගත හැකි වූයේ “සුඛදේව”
යන්ගේ මනස ආඩම්බරයෙන් තොරව පවිත්‍ර වී ‘උපනයනය’ සදහා සූදානම්ව සිටින බවය, එබැවින්
ඔහු “සුඛදේව” ‘උපනයනය’ සදහා සූදානම් කළේය…
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.