සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ 01

සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ

මෙකල බොහෝ දෙනෙක් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ගැන සාකච්ඡා කරන අතර, අපි බලමු ඔවුන් ශාස්ත්‍රීයව කොපමණ කරුණු සංඛ්‍යාවක් දැන සිටිය යුතු ද කියා.

චන්ද්‍රග්‍රහනය සිදුවන්නේ පුර පසළොස්වක දින, සූර්ය ග්‍රහණ සිදුවන්නේ අමාවශ්‍ය දින. එවැනි දේ හා ඒ සඳහා පිහිටීම්, වසරකට කීවරක් සිදුවේද? යනාදී දේ මෙන්ම, ග්‍රහනයන් සදහා වර්ථමානයේ භාවිත වන පුර්ණ ග්‍රහන (Total eclipse), වලයාකාර ග්‍රහන (Annular eclipse), අර්ධ ග්‍රහණ (Partial eclipse), දෙමුහුන් ග්‍රහණ (Hybrid eclipse),  ඕනෑම අයෙකුට පහසුවෙන් දැනගත හැකිය. එය Central line හි හෝ එසේ නොවීමද දැනගත හැක. ඒවා ජ්‍යෝතිෂමව සලකා බලන මිනුම් දඬු ද?

අප ශාස්ත්‍රීයව මෙය අධ්‍යයනයේදී දැනගත යුතු කරුණු ගැන විමසා බලමු. මෙම ගැටලුවලට පිළිතුරු සෙවීම ඔබ කල යුත්තේ ඔබගේ ගුරුවරුන් සමඟය, ඒ ඔවුන් දන්නා බැවිනි. ඒ හරහා බොහෝ ජ්‍යෝතිෂ රහස් ඉගෙනුමට හැකියාව ලැබේ. ඒ මොනවාද සලකා බලමු.

ග්‍රහනයන් ඇතිවිට 
1. එවන් දිනවල දී චන්ද්‍රයා මූලිකව නම් කරන රාශියේ සුවිශේෂී නාමය හා එහි සිටින දේවතාවා ලෙස සදහන් වන්නේ කවුරුන්ද?

2. පුර පසළොස්වක හා අමාවශ්‍ය දින සදහා දේවතාවුන් කවුද?

3. උච්චය අනුව ග්‍රහන ප්‍රධාන ලෙස කොටස් කීයකට බෙදා දැක්විය හැකිද? ඒවා ජ්‍යෝතිෂයමව නම් කරන්න.

4. දුර ප්‍රමාණය අනුව ග්‍රහන ප්‍රධාන ලෙස කොටස් කීයකට බෙදා දැක්විය හැකිද? ඒවා ජ්‍යෝතිෂයමව නම් කරන්න.

5. ග්‍රහණය පවතින කාලය සදහා භාවිත වන ජ්‍යෝතිෂ නාමය කුමක් ද?

6. ග්‍රහණය එක් එක් ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අනුව වෙනස් වන ආකාරයන් කීයක් තිබේද? ඒ මොනවාද?

7. පොදුවේ හා විශේෂ ජන්මීන්ට සුර්ය ග්‍රහනය බලපාන්නේ කෙසේද?

8. පොදුවේ හා විශේෂ ජන්මීන්ට චන්ද්‍ර ග්‍රහනය බලපාන්නේ කෙසේද?

9. ග්‍රහණ අවස්ථාවන් අනුව ඒ ඒ රටට හා ජනතාවට, සමස්ථ ලෝකයටම බලපාන අයුරු විග්‍රහය කිරීමෙ විශේෂිත කරුණු කීයක් තිබේද? ඒ මොනවාද?

10. ඔබට සූර්ය ග්‍රහණ හා චන්ද්‍ර ග්‍රහණ අවස්ථාවන් ජන්ම සටහන් සමඟ ලබාදුනහොත් ඒ ඒ ජන්මීන්ට ඒ ග්‍රහණ අවස්ථාවන් සඳහා පලාපල කථනය කල හැකි ද?

ඉහත ඉතා කෙටියෙන් ඔබ ග්‍රහණ ගැන අනිවාර්යෙන්ම දැන ගත යුතු ප්‍රධාන ලක්ෂණ ගැන ප්‍රශ්න කර ඇත. ඉහත කරුණු අනුව යමින් එකිනෙකට වෙනස් වන අවස්ථා අනුව ශාන්තිකර්ම හා වත්පිළිවෙත් කිරිම සඳහා වේදාංග දැනුම භාවිතය ද ඔබ ගුරු ඇසුරින් දැනගෙන සිටීම වඩා යහපත් බවද සිහි තබා ගන්න.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular