මේෂ රාශිය සදහා අමතර නම්: රාශින් - 02

 

ඕම් තත් සත් ෴
රාශින් - 02

මේෂ රාශිය සදහා අමතර නම්,

මේෂ - අජ, විශ්ව,ක්රියා,තුඹුරු, අද්
අජ යනු එළුවාය එහිදී සළකනුයේ කඳුකර එළුවෙක්මය.
විශ්ව - යනු ලෝකයයි. එය අපගේ විශ්විය දර්ශණයයි. අප සමස්ථ ලෝකය පිළිබඳ දරණ මතය වේ. එය පළමුවන භාවයද වේ. ජන්මියා ලෝකය ගැන සිතන අයුරුද පළමු වන භාවය හරහා අප පරික්ෂා කර බලන්නේය.
ක්රියා - යනු සියළුම ක්රියාවන් ආරම්භ වනුයේ පළමු වන භාවය හරහාය. මේෂය නෛසර්ගික රාශි වලයේ පළමු වැන්නවේ. ඕනෑම ජන්මියෙකුගේ සළකන රාශියක් සළකන ක්රියාව ක්රියාත්මක කිරීමේදී කවරක්වේද යන්න නියෝජනය කරන්නේය.
තුඹුරු - යනු කොත්තමල්ලි වේ. මෙය ඖෂධයකි. එය ඖෂධ නියෝජනය කරයි. එය ශරීරයේ සෞඛ්ය සඳහා ඉතාමත් යහපත්ය. ශරීරය සුවපත් කරන, ජීවය නැවත පණ නංවන , ශරීරය තිරියහන් කරන ඖෂධයකි. මෙය හනුමාන් හිමාලයට ගොස් සංජීවනී ඖෂධ සහිත පොළවෙන් කොටසක් රැගෙන ගොස් නැවත ජීවය ලබාදීමට ක්රියාකළා හා සමානය.
අද්ය - යනු ප්රතාපය, තත්ත්වය , කීර්තිය වේ. පළමු භාවය ජන්මියාගේ ප්රතාපවත් බව මෙන්ම ජීවයේ ආරම්භය නියෝජනය කරයි.
 
ජ්යෝතිෂය ලැදි ඔබ වෙත ගුරු ඇසුරින් ලද දැනුමෙන් බිඳක්.
නිවැරදි දැනුම ඔබව විශිෂ්ඨයෙක් කරනු ඇත.
 
කුමා වෙල්ලාල
0712758744
(මතු සබැදි)

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular