ත්‍රික ස්ථාන
මෙය කලිං අසන ලද පැනයකට පිලිතුරක් ලෙස ලබා දුන්නේ වූවද සැම කෙනෙකුටම සෑමදිනකම වැදගත් වන බැවින් නැවත පල කලෙමි.
ඕම් ශාන්ති!
මා අසා ඉගෙනගත් අයුරින්,
සරලව කිවහොත් "ත්‍රික" යනු ඔබ විසින් සිදුකරනු ලබන ලද්දේය යන අරුත ඇත. ඒ අනුව ත්‍රික සදහා හේතුව ඔබමය."ත්‍රික" පැන නගිනුයේ "ත්‍රි" හා "ක" අක්ෂරයන්ගෙන් "ක" යනු බ්රහ්මා අක්ෂරයයි ප්‍රථම ව්‍යංජන අක්ෂරයයි. ව්‍යංජන අක්ෂරයන්ට ශරීරයක් ඇත. ස්වර තුල ශරීරයක් නැත. එම ස්වර ශරීරය තුළට බද්ධව පවතී. ව්‍යංජන හෙවත් ශරීරය ට, ජීවය බද්ධව ඇත්තේය. ව්‍යංජන අක්ෂර තනිව උච්චාරණය කල නොහැක. උච්චාරණය කරන විට ස්වර සමගම උච්චාරණය කරනු ලබයි. "ක" පළමු ව්‍යංජන යයි. බ්‍රහ්ම අක්ෂරයයි එය තුලම නිර්මාණය ඇත.
එබැවින් "ත්‍රික" හි "ක" පෙන්වනුයේ ඔබ යමක් උත්පාදනය කරන බවයි. ඒ අනුව 3, 6,11 යන "ත්‍රික" භාවයන්, ඔබ යමක් නිර්මාණය කරන බව කියාපායි. ඔබ යමක් උත්පාදනය කරන බව වේ. නෛසර්ගික රාශිවලයේ මෙම භාවයන් හා සබඳතාවය පවත්වන රාහු, මිතුනයේ උච්චව, කන්‍යාව තුල මූල ත්රිකොණව හා කුම්භයේ දී ස්වක්ෂෙත්ර ද වන්නේය.
මේ අනුව ඔබගේ නිර්මාණය සඳහා රාහු දායක වේ. රාහු මෙම ස්ථාන සමඟ බොහෝ සම්බන්ධ ය. රාහු ගේ දායකත්වය ඉතා වැදගත් වන්නේ මේ නිසාය. විශ්වයේ නිර්මාණය මෙන්ම ජන්මියා සිදු කරන නිර්මාණයන් ද මෙම ස්ථාන හරහා දැකිය හැක. ඔබ කුමන ආකාරයේ කර්ම නැවත නැවත උපදවන්නේ ද මෙහිදී සලකා බලන්නේය.
"වරහ" අවතාරය යනු රාහුගේ යහපත් හා සුභ තත්ත්වය නියෝජනය කරන දේව අවතාරයයි. වරහ අවතාරය සිදු කරනුයේ පෘථිවිය මහ සයුරෙන් පිටතට ඇද දැමීමයි. එය ඔබ මවගේ ගර්භාෂය බිහිවනවා හා සමානයි
*****ජන්ම සටහනේ "ත්‍රික" ස්ථාන හරහා සලකා බැලිය හැක්කේ ජන්මියා විසින් සිදු කළ හැකි කර්මයන්ගේ ප්‍රවණතාවය පමණි. (සත්‍ය ආකාරය සැලකීමට මෙම සටහනට අමතරව තම ගුරු උපදේශ හරහා ප්‍රගුණ කල යුතු ක්‍රියාමාර්ග අසා දැන ගත යුතුය.)
එබැවින් "ත්‍රික" හා එහි අදිපතියන් ඔබගේ හදහන තුල ඔබ කුමක් කරන්න යන්නේදැයි පෙන්වා දෙන්නේය. (මෙම සටහන අවබෝධ නොවුනේ නම්, ඔබ එහි සදහන් දේ අධ්‍යයනය කරමින් හෙමින් ඉගෙන ගන්න. යම් දිනක මෙම සටහන නිවැරදි බව අවබධ වනු ඇත.එතෙක් අධ්‍යයනය කරන්න)
Kumar Wellalage
0712758744
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.