මකර රාශිය - नक्र, मकर "මකර" යනු මුව හිසක් හා කිඹුල් ශරීරයක් සහිත සත්ත්වයෙකි
නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
මකර රාශිය
මකර සඳහා භාවිත නම් - මකර,නක්ර,ම්රිග, ම්රිගස්ය
මකර රාශිය සදහා බහුලවම භාවිතා වන නම "මකර" යන්න වෙයි. "මකර" යන්න මුව හිසක් හා කිඹුල් ශරීරයක් සහිත සත්ත්වයෙක් ලෙස දක්වා ඇත.
"නක්ර" යන්න ද කිඹුලාට පර්යාය නාමයකි.
ඒ අනුව මකර හා නක්ර යන නාමයන් මෙම රාශිය යම්කිසි අන්තරාදායක රාශියක් බවට ඉඟි සපයයි.
"නක්ර" යන්න නාසයේ රෝගයන්ද නියෝජනය කරන අතර නාසය, කන, උගුර තුළ රෝගයන් මේ හරහා නිවේදනය වන්නේය.
ඒ අනුව "නක්ර" පොදුවේ ශරීරය තුළ ඇති සියලුම පද්ධති වල යම්කිසි අන්තරාවක් සිදුවිය හැකි බව නිවේදනය කරන්නේ ය.
මේ අනුව ඔබගේ ලග්නය කුමක් වුවද, මකර රාශිය "කාල පුරුෂයාට" අනුව ඔබගේ ශරීරයේ යම්කිසි ඉන්ද්රිය පද්ධතියක් නිවේදනය කරයි ද, එම ඉන්ද්‍රියන් දුර්වල වී යා හැකි බවට ඉඟියක් මේ අනුව ඇත.
කිඹුලා සාමාන්‍යයෙන් සිටිනුයේ නිද්රාවේය. නැතිනම් නිද්‍රාවක සිටිනවා හා සමානව පෙන්වන්නේය, නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකිවීම දක්නට ඇත. මෙය "නක්ර" නැතිනම් "මකර" හී ස්වභාවය ද වන්නේය.
"වරුණ" හෙවත් මුහුදට අධිපති දේවතාවාගේ වාහනය ලෙස ද "මකර" සලකයි. එම "මකර" ගේ ස්වරූපය නම් කිඹුලෙකුගේ ශරීරයක් සහිත මුව හිසකින් යුතු සත්ත්වයෙ කි..
මකර රාශිය තුළ ඇති ග්‍රහයන් ප්‍රතිඵලයක් නොලබන, එනමුත් දිගින් දිගටම යමෙක් ප්‍රතිපල රහිත දෙයක් වෙනුවෙන් කරන්නාවූ උත්සාහයන් නිවේදනය කරයි. ප්රතිඵලයන් රහිත පුදපූජා, යාඥාවන්, භක්තිය නැතිකම ආදියද මෙම රාශිය හරහා නිවේදනය වන්නේය.
ශාස්ත්රීයේ සදහන් ආකාරයට "ඉන්ද්‍ර" හෙවත් "ශක්‍ර දේවෙන්ද්‍ර" ගේ කෝපය මකර රාශිය වෙත ඇත. එබැවින් මකර රාශිය ඔබගේ හඳහන තුළ යම්කිසි වැදගත් දෙයක් නිවේදනය සිදු කරන්නේ නම්, එම රාශිය හරහා ඔබ වෙත අයහපතක් ලඟා කර නොගැනීමට නම් ජ්‍යොතිෂ්‍යයම උපදෙස්, ප්‍රතිකර්ම ලබා ගැනීම වටිනා බව මෙහිදී මතක් කළ යුතුය....
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.26
ඉහත කරුණු ජ්යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්රණ පවත්වන ප්‍රදේශ
කළුතර -
කුරුණෑගල -
කොළඹ -
ජීවිකයෝග - जीविकायोगा - ජීවත්වීමට ධන උපයන මාර්ග ලඟා කරගන්නා වූ යෝග
නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
जीविकायोगा
"ජීවීකයෝග"
අපව ජීවනෝපාය සඳහා අදාල වන යෝග සැලකීමේදී නැතිනම් වෘත්තීය යන්න සලකා බැලීමේදී ජ්‍යෝතිෂ යොදන වචන අතර "ජීව" "ජීවි" "ජීවික" යන වචන වඩාත්ම වැඩියෙන් සටහන් කර ඇති බව දැකගත හැක.
මෙහිදී මෙම වචන වලට අමතරව පැරණි ගුරුවරුන් විසින් වෙනත් වචන යොදා ගත හැකිව තිබියදී එනම් උදාහරණ ලෙස "කාර්ය" "කර්මස්තාන" "කර්ම" "වෘත්තිය" යන වචන වෙනුවට මෙම "ජීව" "ජීවි" "ජීවික" යන වචන යෙදුවේ ඇයි?
"වෘහත් ජාතකය - වරහමිහිර" යන ජ්‍යෝතිෂ ග්‍රන්ථය ඔබ ලග තිබෙන්නේ නම් සිංහල පොතේ අංක 150 පිටුවේ එහිදී සඳහන් ව ඇත්තේ "කර්ම ජීව" ලෙසය. මෙලෙස සෑම තැනකම "ජීව" යන වචනය පාවිච්චි කරනුයේ ඇයි?
මෙන්ම "ජීව" "ජීවි" "ජීවික" යන වචනවල අර්ථය ජීවත්වීමේ එනම් මෙහිදී ජීවත්වීම පිණිස සිදු කරනු ලබන දේ යන අර්ථයක් මෙම ජීවික ජීවි ජීව යෝග යන්නෙන් අර්ථවත් වේ.
ශාස්ත්‍රීයව බ්‍රහ්ම අක්ෂරය යනුවෙන් සඳහන් වනුයේ "ක" අක්ෂරයයි. එනම් බ්‍රහ්ම නිවේදනය කරනුයේ "ක" අක්ෂරයයි. මෙම "ක" හි දීර්ඝ ආකාරය "කා" වේ."ජීවී" සදහා "ක"යෙදුන විට ලැබෙන"ජීවික" හි අර්ථය නම් ජීවත්වීම පිණිස සිදු කරන කාර්යයන්ය. ජීවී සමග එක්ව මෙම "ක" හා "කා" එක්ව "යෝග" සමග එක වූ විට "ජීවිකයෝග, ජීවිකායෝග" යන දෙයාකාරය ව්‍යුත්පන්න වේ.
ඒ අනුව "ජීවිකයෝග" සහ "ජීවිකායෝග" ලෙස යෝගයන් දෙකකි. මෙහිදී "ජීවික+යෝග" යන්නද "ජීවික+අයෝග" ලෙස මෙම ස්වභාවය න් අප සැලකුවොත් එහිදී අපට "යෝග" හා "අයෝග" වෙන් කරගත හැකිය.
ඒ අනුව "ජීවි" වෙන් කරගත් කරගත් පසු ඉතුරු වනුයේ "යෝග" හා "අයෝග" යන වචන දෙකවේ. ඒ අනුව ජීවික යෝග හා ජීවික අයෝග ලෙස දෙයාකාරය හරහා අප - "ජීවික+යෝග" - ජීවත්වීමට ධන උපයන මාර්ග ළඟා කිරීම ද, "ජීවික+අයෝග' ජීවත්වීමට ජීවත්වීමට ධන උපයන මාර්ග නොමැතිවීමද නිවේදනය කරයි.
මේ අනුව ගුරුවරුන් විසින් එක් පේලියක් තුල "ජීවිකයෝග" ලෙස ජීවත්වීමට ධන උපයන මාර්ග ළඟා කරගන්නා වූ යෝග හා ජීවත්වීමට ධන උපයන මාර්ග නොමැති යෝග ගැන එක පේලියක සඳහන් කර ඇත්තේය.
විවරණය
අප "ජීව" යනු "ජීවිතය හෝ ජීවත් වීම" ලෙස දන්නේය. "ජීව" යනු ගුරු ග්‍රහයාට පර්යාය නාමයකි. ඒ අනුව "බෘහස්පති හෙවත් ගුරු ග්‍රහයා" සියලුම ජීවත්වන සතුන්ගේ පාලකයා ලෙස මෙලොව දී එම ජීවීන්ගේ සතුට සහතික කරවයි යනුවෙන් අපට ප්‍රකාශ කළ හැක්කේය. මෙම කුඩා ස්ලෝකය තුළ සැඟවුණු අර්ථය "ගුරු හෙවත් බෘහස්පති ග්‍රහයා" හරහා ජීවත්වීමට හඳහන තුළ ඇති ධන උපයන මාර්ග විශ්ලේෂණය කළ යුතු බවවේ.
ජීවත්වීමට ධන උපයන මාර්ග ලගා කිරීමේදී ද, ඒ ගැන යමෙක් විමසන කල්හි ද වඩාත්ම වැදගත් ග්‍රහයා ගුරු ම වීමට මේ අනුව වැඩිම හැකියාවක් ඇති බවද හැඟවෙන්නේ ය. මෙය ඉතාමත් විශේෂිතය. අපගේ පැරණි ගුරුවරු මෙලෙස අර්ථය රාශියක් මෙම කෙටි ස්ලෝකය තුළ සඟවා ඇත්තේ ය. සත්‍ය ලෙස මෙය ස්ලෝකයක් නොව පරිච්චේදය සදහා මාතෘකාවකි. මෙලෙස බොහෝ සගවුනුදේ ස්ලෝක හා වචන තුල පවා ඇත්තේය. ඔබ යහපත් උගත් ගුරුවරයෙක් ඇසුරින් මේවා අධ්‍යයනයට යොමු වීම හරහා ඔබව ක්‍රමක්‍රමයෙන් පිරිපුන් ජ්‍යෝතිෂඥයෙකු බවට පත් කරවනු ඇත.
ගුරු ග්‍රහයා ජීවත්වීමට ධන උපයන මාර්ග සඳහා වැදගත් වනුයේ ඇයි?
ඔබ ජීවත්වීමට ධන උපයන මාර්ග හරහා යම් ඉපයීමක් කරන්නේය. එම ඉපයීම ඔබගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යෑම නැත්නම් ඔබගේ ජීවිතය පවත්වාගෙන යෑමට උපකාර වේ.යමකු මෙය වැටුප ලෙස සැලකුවද මෙය වැටුප නොවේ. මෙම ජීවත්වීමට ධන උපයන මාර්ග යනු බොහෝ කාලයක් ඔබ ළඟ තබා ගන්නා ධනය ද වන්නේය. මේ සියල්ල නිවේදනය කිරීම මෙම ගුරු ග්‍රහයා හරහා සිදුවේ.
"ජීවික+යෝග" ළඟා කරනුයේ ගුරු ග්‍රහයා නම්, "ජීවික+අයෝග" හෙවත් ජීවත්වීමට ජීවත්වීමට ධන උපයන මාර්ග නොමැතිවීම නිවේදනය කරනුයේ කවරෙකු විය හැකිද?
අප "ජීව" ලෙස හැඳින්වූයේ ගුරු ග්‍රහයා ය. එසේ නම් ගුරු ග්‍රහයා "ජීවික" ලෙස හැඳින්වුව හොත් මිනිසුන් ජීවත් කරවීමට හේතු වන ග්‍රහයාය. නමුත් ගුරු ග්‍රහයාට විරුද්ධ ඵලය ගෙන එනුයේ ග්රහයෙක්වේ නම්, එම ග්‍රහයා නෛසර්ගිකව ජන්මීන්ට ජීවත්වීමට උපයන මාර්ග නොමැතිවීම නිවේදනය කල යුතුය. ඒ බව මෙම ශ්ලෝකය තුලවන සැඟවුණු අර්ථයක්ය.මෙහි අරුමය නම් මෙය ස්ලෝකයක් ද නොවේ. එය යම් පරිච්ඡේදයක සඳහා මාතෘකාව පමණි. මේ අනුව අපට වෘත්තීය සදහා සැලකීමේදී ගුරු ග්‍රහයා මෙන්ම වෘත්තීන් ළඟා නො කරන්නා වූ ගුරු ග්‍රහයාට විරුද්ධ නිවේදනය සිදු කරන ග්‍රහයා ද වැදගත් බව මේ අනුව පසක් වන්නේ ය.
මෙම ග්‍රහයා වෙන අන් කවුරුවත් නොව ගුරුට විරුද්ධ දේ ලඟා කරන්නා වූ ශනි ග්‍රහයාය. ඒ අනුව ජීවත්වීමට යම් ධනයක් උපයා ගැනීම සදහා ගුරු හා ශනි යන ග්‍රහයන් හද තුළ පරික්ෂා කලයුතු බව මෙම කෙටි සංස්කෘත පාටය හරහා ගම්‍ය වන්නේය...
ඔබට හැකියාවක ඇත්නම් ඔබගේ ගුරුවරයාගෙන් "වෘහත් ජාතකය - වරහමිහිර" හි දසවන පරිච්චේදය හෝ ජාතක පරිජාත හි 15 වන ආධ්‍යාය ඉගෙන ගන්න මෙහි ඇති විශ්මිතය හරහා ඔබට වෘත්තීය මාර්ග උපදේශනය් සදහා ඔබට යොමු විය හැකිවනු ඇත.
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.25
ඉහත කරුණු ජ්යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්රණ පවත්වන ප්‍රදේශ
කළුතර -
කුරුණෑගල -
කොළඹ -
මකර සංක්‍රාන්තිය
නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
ආයුබෝවන් ඔබව ජෝතිෂ්‍ය නව වසරට සාදරයෙන් පිළිගන්නේ ය. ජ්‍යොතිෂ්‍යය නව වසර ආරම්භ වනුයේ මකර සංක්‍රාන්තිය සමගය. එනම් සූර්යයා මකර රාශියට සංක්‍රමණය වූ විට ය. මෙම ලිපිය සංක්‍රාන්තිය පසු, දින කිහිපයක් ගතවී ඔබ වෙත ලගා වුවද එය ඔබට වැදගත් වනු ඇත. මකර රාශිය රාශි වලය තුල මේෂයේ ♈ සිට සැලකූ කල දස වන රාශියයි. දසවැන්න අප "කර්ම භාව" ලෙස හඳුන්වයි. මෙහිදී මෙම මාසය තුලදී "කර්මයන්" "කර්මය" "රැකියාව" "වෘත්තීය" සිදුකරන ආකාරය යමේකු තමන්ගේ ජනප්‍රියතාවය පවත්වා ගැනීම මාතෘකා ජ්‍යොතිෂ්‍යය තුලින් අධ්‍යනය කිරීම වැදගත් වන්නේය.
ඔබ ජ්‍යෝතිෂ් ශාස්ත්රඥයකු නම් "අඳුරෙන් ආලෝකයට පැමිණීමද" මකර සංක්‍රාන්තියත් සමඟ සමරන්නේය. එහිදී වන්දනාමාන හා නියමිත පුද පූජා ඔබ විසින් කළ යුතුය.
"මකර සංක්‍රාන්තිය" රාජ්‍යයන්(රජය) හා එහි පාලකයන් සඳහා ඉතාම වැදගත්ය. එහි දී නව වර්ෂය සඳහා විශේෂ පූජාවන් සිදු කිරීම කළ යුතුය. රජුන්හට උපදේශනය වසරක් කරා සිදුකිරීමට හැකියාව ලබා ගැනීම ට උපකාරයක් ලෙස මෙම පූජාවන් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයන් විසින් සිදු කරන්නේය. මෙම මකර සංක්‍රාන්තිය සිදුවන දිනය ප්රමුඛව වර්ෂය පුරාවටම සංක්‍රාන්තිය සිදු වූ දිනය ජ්‍යොතිෂඥයා නියෝජනය කරන බැවින් මෙම දිනය රාජ්‍ය දිනය ලෙස ද ශාස්ත්‍රීයව නම් කරන්නේය.
සංක්‍රාන්තිය සිදුවන දිනය එනම් සතියේ දිනය සංක්‍රාන්තිය සිදුවන අවස්ථාව සලකා සටහන් කරනු ලබන සංක්‍රාන්ති ප්‍රවේශ චක්‍රය ඉතා වැදගත් ස්ථානයක් ගනී. එම සටහන තුල සංක්‍රාන්ති දිනය අදිපති ග්‍රහයා හරහා මුළු වර්ෂය පුරාවටම රාජ්‍යයන් කවරක් සිදු කරන්නේ ද යන්න පවා බැලූ බැල්මට ම ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ද ඇත්තේ ය.
මෙම දිනය රාජ්‍යයන්ට(රජය) වසර තුලදී කවරක් වේදැයි ඉඟි ලබා දෙයි. උපදේශකයන් යහපත් උපදෙස් ලබා දෙන්නේ ද, අයහපත් උපදෙස් ලබා දෙන්නේ ද මේ සටහන හරහා සලකා බැලිය හැක. සියලුම ජ්‍යොතිෂඥයන් හා උපදේශකයන් මෙම එකම එක ග්‍රහයා හරහා නියෝජනය වන්නේ ය. එනම් රජයට උපදෙස් දෙන අනෙකුත් උපදේශකවරුන් ද, මෙම මකර සංකාන්තිය සිදුවන දිනය අදිපති ග්‍රහයාට අනුවම එම වර්ෂය පුරාවටම හැසිරෙන්නේ ය. රාජ ජ්‍යෝතිෂඥයින් සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ද ලගාවීම මෙම ග්‍රහයා හරහා ම වන්නේ ය.
මෙම සූර්යයා මකරයට ප්රවේශවීම හරහා රටක් තුල ගොවිතැන, එනම් ආහාර නිෂ්පාදනය කෙලෙස මුළු වර්ෂය පුරාවටම එම රටට අදාලව සිදුවන්නේද බලාගත හැකිද බව ශාස්ත්‍රීය ග්රන්ථ වල සදහන්ය.
මෙම මකර රාශිය නෛසර්ගික රාශි වලයෙදී ජ්‍යොතිෂ නියෝජනය කිරීම සඳහා ඇති විශේෂිත ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ, නෛසර්ගික රාශිවලයෙහි දහවන භාවය නියෝජනය කරන මකර රාශිය පෙනීම නියෝජනය කිරීමය. මෙම පෙනීම ජ්‍යොතිෂය තුල තිබෙන විශේෂ හැකියාව හා ආශිර්වාදය ද වන්නේය. මෙලෙස අයෙකුට වඩා වැඩියෙන් යමක් දැකීමට හැකිවීම මෙහිදී නිවේදනය වේ..
ජ්‍යොතිෂ ලද දායාදය නම් ජීවිතය තුළ සැඟවුණු පැතිකඩ දැකිය හැකිවීම වන අතර, එසේ නොවුණහොත් පුද්ගලයා ම කර්මානුකූල ශක්‍යතාවයන් හරහා අස්වැන්න නෙළා ගැනීමේ දී අවහිර තාවයට ලක්වන අයුරුද දැකගත හැකිය. මෙම අවහිරතාවයන් යනු විවිධ බාධාවන්ය. බාධාවන් යනු ඔබට දැකිය නොහැකි දේය. නමුත් ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයෙක් නම් ඔබට එය දැකිය හැකි වනු ඇත. එනම් ඔබගේ ද අන් අයගේ ද හැකියාවන් අවහිරතාවයන් ලක් කරන්නා වූ බාධාවන් දැකිය හැකි වීම ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයෙක් ලබන්නා වූ දායාදය වේ.
උපදේශකයෙකු ලෙස ජ්‍යෝතිෂය, ගුරු ග්‍රහයා හරහා නියෝජනය වන අතර, එය සියලු ගුරුවරුන් හා උපදේශකයන්ය. මෙහිදී ජ්‍යෝතිෂඥයින් "සම්වත්සර්" ලෙස වන්දනා කරන අතර එයට හේතුව විමසමු. ඒ "සංවත්සර" යනු වර්ෂයක් යන්නට සමාන පදයකි. ගුරු එක් රාශියකින් තව රාශියක් කරා යාමට ගත කරන කාලය වන වර්ෂයක ප්‍රමාණය මේ අනුව ගුරු ග්‍රහයා නියෝජනය කරයි. මේ තුළ අර්ථ දෙකක් ඇත සූර්යයාට රාශි 12ක් යාමට වසරක් ගතවීම ද, ඒ අනුව "සංවත්සර" යනු "ගුරු" හෝ "සූර්යයා" යන්නට පර්යාය පදයක් ලෙස ක්‍රියා කරයි. එහිදී ගුරු හා සූර්ය යන දෙදෙනාම ජ්‍යෝතිෂඥයින් නියෝජනය කරයි. "ගුරු" නියෝජනය කරන ජ්යෝතිශ්ශාස්ත්රඥයින්ගේ ස්වරූපය හා රවි නියෝජනය කරන ශාස්ත්‍රඥයන්ගේ ස්වරූප එකිනෙකට වෙනස් ය.
"සූර්යයා" නියෝජනය කරන ජ්‍යෝතිෂඥයින් අප දන්නා සෑම ජෝති ශාස්ත්රඥයෙකු නියෝජනය කරන අතර "ගුරු" නියෝජනය කරනුයේ වේදාංග ජ්යෝතිෂඥයන්ය. ඔවුන් ඔබගේ හදහන පරීක්ෂාකර බලා, ඔබට ඇහුම්කන් දී ,ඔබගේ ප්‍රශ්න සියල්ල සලකා බලා ඔබ අවසානයේ නිර්වාණය/ජීවන් මුක්තා /දෙවියන් වෙත - ගමන් කරන බව සහතික වන්නාවූ උපදේශනයන් ලබාදෙන ජ්‍යෝතිෂඥයින් වන්නේය.
ජොතිෂ ග්රන්ථයක් වන ප්‍රශ්න මාර්ගයට අනුව ගුරු දෙවියන් නියෝජනය කරයි ගුරු නියෝජනය කරන ජෝති ශාස්ත්‍රඥ වරයෙකු වීම සඳහා ඔබ කැපවී මහන්සිවී විවිධ කර්මයන් කළ යුතුය. බොහෝ දේ ප්‍රගුණ කළ යුතුය, මෙහි දී මන්ත්‍ර ශාස්ත්‍ර ද ප්‍රගුණ කළ යුතු ය. එතැනදී එවන් ශාස්ත්‍ර වන්තයෙකු ලබාදෙන මන්ත්‍ර ඒවා දායකයාගේ පූර්වකර්ම ගෙවා දැමිය හැකි, අන් කිසිවෙකුට හානියක් නොවන උපදේශනයන්ය. එම උපදෙස් පූජකයෙක් හා සමානය නමුත් ධර්ම දේශනා කරන්නෙකු නොවේ. උපදේශනයක් පමණි.
ජ්‍යෝතිෂඥයින් අතරින් ගුරු නෙනිවේදනය කරන ජ්‍යෝතිෂඥයින්, නෛසර්ගික රාශි වලය තුල ගුරුට අයත් රාශි නිවෙදනය කරයි. ඒවා නම් ධනු හා මීන වන්නේය. එම රාශීන් නෛසර්ගික 9 හා 12 වැන්න වන්නේය. වහරන බසින් පන්සල හා ආරාමය බදුය. 9 වන්න රාජ පුරෝහිත හෙවත් පූජකවරයෙක් හා සමානය. 12 වන්න ජ්‍යෝතිෂඥයින් නිවේදනය කරනුයේ ඇයි? එයට හේතුව නිර්වාණය/ජීවන් මුක්තා /දෙවියන් වෙත ගමන් කිරීම /මෝක්ෂය 12 වන භාවය නිවේදනය කරන අතර, ජ්යෝතිෂඥයින්ට ඔබව ඒ කරා ලගා කිරීමට උපදෙස් ලබා දිය හැකි බැවින් 12 වන භාවය ජ්‍යෝතිෂඥයින් නිවේදනය කරන්නේය.
මෙලෙස ජ්‍යෝතිෂඥයින් ඔබ සසර පුරාවට කර ඇති කර්මයන් විශ්ලේෂණය කර ඔබ "නිර්වාණය/ජීවන් මුක්තා /දෙවියන් වෙත ගමන් කිරීම /මෝක්ෂය" වෙත කොපමණ ලගයි දැයි සොයා බලයි. ඉන්පසු ඔබ වෙත උපදේශනය කරන්නේය. ඒ කර්මා එකතු නොවන ලෙස කර්ම ගෙවා දැමීමටය. ජ්‍යෝතිෂඥයින් ලෙස ඔබට මෙම වගකීම ඔබ ජ්‍යෝතිෂය හදාරා තිබෙන පමණින් ඒ ඒ සීමාවට යටත්ව සිදුකල හැකිය. එය ජ්‍යෝතිෂඥයින් ලෙස ඔබ ලැබූ දායාදයක්මය.
ජ්‍යෝතිෂ ලැදි
කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.25
ඉහත කරුණු ජ්යෝතිෂයමව අවබෝධ කර ගැනීමට - සම්මන්ත්රණ සදහා ඔබට සහභාගී විය හැක.
ඔබගේ ප්‍රදේශයේත් මාසික ජ්‍යෝතිෂ සම්මන්ත්රණ ආරම්භ කිරීම සදහා වැඩි විස්තර විමසන්න - 0712758744
දැනට සම්මන්ත්රණ පවත්වන ප්‍රදේශ
කළුතර -
කුරුණෑගල -
කොළඹ -
ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ඇති හැකියාව හා සුදුසුකම හඳහන තුළින් කියවෙන්නේ කෙසේද?
ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ඇති හැකියාව හා සුදුසුකම හඳහන තුළින් කියවෙන්නේ කෙසේද?
නාරායන, නාරායන, නාරායන ෴
(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...
ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ඇති හැකියාව හා සුදුසුකම හඳහන තුළින් හදුනා ගැනීමේදී, ඒ පිළිබඳව විවිධ ගුරුකුල හි විවිධ මතයන් තිබේ. මේ මා ඉගෙන ගත් ගුරුකුල මතයයි. මෙහිදී අවශ්‍යනම් හදහන හරහා විශ්ලේෂනයද කල හැකි වීම විශේෂත්වයකි. එනම් ප්‍රායෝගික ක්රමයකි.
1). ඔබගේ පස්වැන්නාධිපති ග්‍රහයා හා රවී, මංගල් (කුජ), කේතු යන ග්‍රහයන් දොළොස්වැන්න සමග යම්කිසි සම්බන්ධයක් තිබිය යුතුමය.
2).රාජ ජ්‍යොතිෂඥයන් හට නම් ගුරු හා ශුක්‍ර අතර යෝගයන් තිබිය යුතුය. ගුරු ග්‍රහයා යම්කිසි යෝගයක් සමඟ සැබැඳි ද එය දිගින් දිගටම පවත්වා ගෙන යා හැකි ය.
3). ජ්‍යොතිෂ්‍යය සඳහා කැප විය හැකි ජ්‍යෝතිෂඥයන්ගේ හඳහන් වල සාමාන්‍යයෙන් සූර්යයාගේ සිට හතරවැන්නාධිපති අග්නි ග්‍රහයන් වන රවී, මංගල් (කුජ), කේතු සමඟ සම්බන්ධ විය යුතුය. මේ සඳහා ඔබ සියලුම ව්‍යාතිරේඛයක් දැන ගන්නේ නම් පහසුවෙන් අධ්‍යනය කළ හැකිය.
4). අවසානයේ දී ජ්‍යෝතිෂය සඳහා වඩාත්ම වැදගත් සීමා නිර්ණය වන්නා වූ එකොළොස් වැනි භාවය හා ආත්ම කාරකයා සමඟ වන්නාවූ සම්බන්ධයයි, එවන් සම්බන්ධයක් ඇත්තේ නම් ජන්මියා දිගින් දිගටම ජ්‍යෝතිෂය වෙනුවෙන් කැපවේ.
5). එලෙසම ජ්‍යොතිෂය හරහා ඔබගේ වෘත්තීය ලඟා කර ගැනීමට අවශ්‍ය නම්, එනම් වෘත්තීමය ජ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වීම සඳහා මේ ඉහත කාරණා සියල්ල කරණාධිපති සමඟ සම්බන්ධ විය යුතු ය.
ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744
2019.01.02
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...
Popular
-
විෂය නිර්දේශය - මාස 12 සඳහා නක්ර මාස මකර හා නක්ර දේව ගණයාගේ නව වසර දේව හා අසුර වක්‍ර රවි ජ්‍යෝතිෂ හා නක්ර 10 වන භාවය හා සම්බන...
-
විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...