බුධ ආදිත්‍ය යෝගය,නිපුණ යෝගය, ඥාන යෝගය -



බුධ ආදිත්‍ය යෝගය 

ජ්‍යෝතිෂයේ යෝගයන් - 01

බුධ ආදිත්‍ය යෝගය,නිපුණ යෝගය, ඥාන යෝගය  -

හදහනක සූර්යා හා බුධ එක්ව එක රාශියක සිටීනම් එය බුධ ආදිත්‍ය යෝගය, නිපුණ යෝගය, ඥාන යෝගය  ලෙස හැදින්වේ. කෙසේ කිව්වත් ග්‍රහයන් පිහිටීම එකමය. 

නිපුණ යන්නෙහි අර්ථය, ඔබ යමකින් අති විශිෂ්ට දැනුමක් ලැබීම වන්නේය. මෙම සූර්යා හා බුධ එක්ව එක රාශියක සිටීම  "පණ්ඩිත යෝගයක්" ලෙසද සලකන්නේය.

මෙය යෝගය "කාරක යෝගයකි". කාරක යෝග සලකන කල්හි "භාව කාරක" හා "නෛසර්ගික කාරක" යෝග ප්‍රමුඛ වන්නේය. නෛසර්ගික රාශි වලයේ 5 වැන්න සිංහය වේ. අධිපති සූර්යයාය.  නෛසර්ගික රාශි වලයේ 3 වැන්න හා 6 වැන්න මිතුනය හා කන්‍යාව වේ. අධිපතිත්ව දරන්නේ බුධ  ග්‍රහයාය. උපදින බොහෝ දෙනා හට මෙම බුධ ආදිත්‍ය යෝගය ඇත්තේය. නමුත් කියන තරම් නිපුණතා  නැත. ඥානය ක්‍රියාත්මක නැත. කිසිම දෙයකට නිපුණතාවක් නැත. ඒ ඇයි? මෙයට හේතුව ඔබ ජ්‍යෝතිෂඥයන් ගෙන් විමසු විට පිළිතුර ලැබෙන්නේය. (ජ්‍යෝතිෂය ඉගෙන ගන්න ඔබ ඔබගේ ගුරුවරයාගෙන් මෙම යෝගය ක්‍රියාත්මක වෙන හැටි උදාහරණ කිහිපයක් ඇසුරෙන් ඉගෙන ගැනීම බොහෝ පලදායකය)

මෙම බුධ ආදිත්‍ය යෝගය භාව කාරක යෝගයකි. එහිදී මෙම යෝගය ක්‍රියාත්මක වීමට විශේෂ අවශ්‍යතා ඇත්තේය. උදාහරනෙට මෙම ග්‍රහයන් දෙදෙනාගෙන් ඉදිරියෙන් සිටින ග්‍රහයාද වැදගත්ය. මෙම යෝගය තුල විවිධ මට්ටම් ඇත. ඉගෙනීම හා සබැදි නම් ඒ සදහා "ධිමන්ත යෝගයක්" තිබීමද වැදගත්ය. මෙලෙස යෝගයේ ගුණාත්මක භාවය සදහා මෙම විශේෂිත අවශ්‍යතා විවිධ මට්ටම් වලින් සලකා බැලිය යුතුය. එවිට පොදුවේ ශතාදික (සියය ඉක්මවූ) වෙනස් කම් තිබෙන බව අවබෝද වනු ඇත.

එසේම ග්‍රහයන්ගේ බල - ෂඩ් බල, විම්ශෝපාක  බල, රශ්මි බල හා ග්‍රහ අවස්ථා යෙදුම් ගැන මනා අවබෝදයක් තිබිය යුතුවේ.


 

බුධ ආදිත්‍ය යෝගය යෙදෙන තැන අනුව ඔබ කවර දෙයක් සදහා නිපුණ වන්නේද යන්න කියා පාන්නේය, 

උදාහරණ ලෙස ඔබ ජ්‍යෝතිෂය ඉගෙන ගන්නේ නම්, ඔබ නිපුණ වන්නේ 

  • "පරිසරය හා ලෝකායන ජ්‍යෝතිෂය සදහාද"
  •  "පවුල් සංස්ථා උපදේශන ජ්‍යෝතිෂය සදහාද", 
  • "ජ්‍යෝතිෂය හරහා ශාන්තිකර්ම උපදේශනයෙන් මිනිසුන් සුවපත් කිරීමටද", 
  • "ජනප්‍රිය රූපවාහිනී හා මාද්‍ය හරහා ජ්‍යෝතිෂය පතුරවාලීමටද", "ජ්‍යෝතිෂ සංගම් දීර්ග කාලීනව පවත්වා ගනිමින් ජ්‍යෝතිෂයේ පැවැත්ම තහවුරු කරන්නද", 
  • "පූර්ව ඥාතීන්, ඍෂින් ගේ දැනුම හරහා උපදෙස් දෙන අයෙක් වන්නටද", 
ආදී ලෙස ජ්‍යෝතිෂය ඉගෙන ගන්නා දෙදෙනෙකු පවා, මෙම නිපුණතාවය වර්ධනය කරගන්නේ වෙනස් ලෙසටය. 

තවත් අතකට ඔබ, රජයේ සේවයේ දී සිටින එකම ධුරයේ සිටින 4 දෙනෙක් සලකන්න, ඔවුන් කරනුයේ එකම සේවය වුවද, 

  • අයෙක් තරග විභාගයකින් පැමිණීම, 
  • අයෙක් උසස් අධ්‍යාපනය නිසා තනතුර දැරීම, 
  • අයෙක් දේශපාලනය නිසා තනතුර දැරීම, 
  • අයෙක් දීර්ග කාලයක් සේවයේ යෙදීම නිසා උසස් වීම් ලබා තනතුරට පත්වීම 
ආදී ලෙස එකම තනතුරට පත්ව, එකම ආකාරීය දෙයක නිරත වන්නේ නම්, එකම රැකියාව ලැබීමට හේතුව යෝගයට බලපාන ලද සාධක වල වෙනස් කමයි. 

මෙලෙස මේ දේවල් හි වෙනස්කම්, වේදාංග ජ්‍යෝතිෂය හරහා ඔබට ඉගෙන ගත හැක්කේය. අනිවාර්යයෙන්ම පරම්පරා ඉගෙනීමක් නැතිව කිසිම යෝගයක මූලය හදුනා ගත නොහැක්කේය. යෝගය ක්‍රියාත්මක වන ආකාරය ගැනද වැටහීමක් නොලබන්නේය. එබැවින්, පාරම්පරික දැනුම දන්නා ගුරුවරෙක් ඇසුරින් පමණක් ඉගෙන ගැනීමට උත්සුක වන්න, නැත්නම් ජ්‍යෝතිෂය තුලින්, ආලෝකය දෙසට යනවා වෙනුවට, ඔබ අවසානයේ වික්ෂිප්තව, අඳුරටම ගමන් කරණු ඇත. එබැවින් ජ්‍යෝතිෂය ඉගෙන ගැනීමේදී, ගුරුවරයා තෝරා ගැනීමේදී බුද්ධිමත් වන්න.

බෝහෝ දෙනෙක්ගේ  ජන්මපත්‍ර වල, එලෙසම ඔබගේ ජන්ම පත්‍රයේ පවා "ගජකේෂරි", "ධර්මකර්මාධිපති" වැනි යෝග ඇත්තේය. මේවා ක්‍රියාත්මක නොවීමට හේතුව ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. ඔබට මේ යෝග ගැන වැටහීමක් අවශ්‍ය නම්, ඔබගේ ජ්‍යෝතිෂ ගුරුවරයාගෙන් විමසා බලන්න. උදාහරණ ඇසුරින් වටහා ගැනීමට ඔබම හඳහන් කිහිපයක් ගුරුවරයා හට ඉදිරිපත් කරන්න. ඔහු දක්ෂ ලෙස ඒවා ප්‍රයෝගිකව විසදුවේ නම්, ඔබ විසින් ගුරුවරයා තෝරා ගැනීම සාර්ථකය.

බුධ ආදිත්‍ය යෝගය සැලකු කල, මෙම යෝගය විවිධ මට්ටම් වල ක්‍රියාත්මක වන්නේය. යම් විටෙක යෝගය හඳහන් තුල තිබුනද එය නිෂ්පලය. එහිදී යෝගය ක්‍රියාත්මක කිරීම සඳහා, ඔබ විසින් කලයුතු ක්‍රියාවන් ඇත්තේය. ඔබගේ ගුරුවරයාට, මෙය කියාදීම පහසු වුවද, ඒ සදහා කාල නිර්ණය සදහා උදු දශාවන් භාවිත කල යුතු වන්නේය. එයද ඉතා පහසු යෙදුමකි, මහත් පලදායකය. කෙසේ වුවත් ඔබගේ ජීවිතයේ තේමාව, මෙම බුධ ආදිත්‍ය යෝගය සමග ගැලපේ නම්, කාල නිර්ණය සදහා වෙනත් දසා භාවිත කිරීම වඩා යහපත්ය.

(ජ්‍යෝතිෂ යේ යෝගයන් ගැන කතා කරන කල්හි, "යෝග" සදහන්ව පොත් මුද්‍රනය වී තිබ්බද, ඒවායේ කිසිදු ශාස්ත්‍රීය වටිනකමක් නැත්තේය. "ජ්‍යෝතිෂ්‍"ය යන ලේබලය යටතේ  ශාස්ත්‍රීය දේ සමාජ ගත කිරීමක් සිදුව ඇත්දැයි සැක  සිතෙන්නේ. ඒ පොත් අවර ගනයේ වන බැවිනි. එබැවින් කරුණාකර කතෘ විමසමින්, කතෘ පරිවර්ථන පමණක් කලාද? නැත්නම් ජ්‍යෝතිෂ අර්ථය සහිතව, පොත පල කළා දැයි, සැක හැර දැනගන්න. එහිදී  අසන ප්‍රශ්න වලට පවා පිළිතුරු දෙන්නට බැරිව කතුවරුන් ලතවන හැටි ඔබටම අත්දැකීමෙන්ම වටහා ගත හැකිවනු ඇත.)

මතු සබැදි 

ජ්‍යෝතිෂ ලැදි 

කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.

කුමා වෙල්ලාලගේ - 0712758744

2018.11.19 දින පලකරන ලද ලිපියක් ඇසුරෙන් 


පූර්ව අවශ්‍යතා හෙවත් දිනපතා ජ්‍යොතිෂඥයා ගේ සූදානම් වීම.

ඕම් ගුරවේ නමඃ ෴

පූර්ව අවශ්‍යතා හෙවත් දිනපතා  ජ්‍යොතිෂඥයා  ගේ සූදානම් වීම.

ජ්‍යෝතිෂඥයන් තමන් තුළ ජීව බලය වර්ධනය කරගැනීම සඳහා හැකිනම් පැය දෙකක පමණ කාලයක් කැප කළ යුතුය. මෙය සිදුකළ හැක්කේ දිනපතා පුරුදු කිරීමෙනි. එහිදී, 

1. උදෑසන පිබිදීම. 

2. කුල දේවතා නැමදීම. 

3. ශරීරය පිරිසුදු කරගැනීම. 

4. නිත්‍ය කර්ම  - එහිදී ගුරු උපදෙස් අනුව දෙවියන් නැමදීම, මන්තර ජප  හා සන්සුන් ව භාවනාවේ යෙදීම. 

5. පංචාංග ලිත භාවිත කර එදින පංචාංගය හැදෑරීම හෝ යහපත් ජෝතිෂ්‍යය මෘදුකාංගයක් භාවිතකර එදින පංචාංග පිළිබඳව අවබෝධය ලබාගන්න. 

ඉහත සියල්ල සදහා පැය දෙකක පමණ කාලයක් ගතවේ.

Kumar Wellalage
0712758744

කළු මොට්ටුව හා ඉන බදින කළු නූල - විජයගෙ රට වන බංගලි තෑග්ගක්ද?

බංග්ලාදේශ සංස්කෘතියේ හා උරුමයේ හදවත

ජන විශ්වාසය හා භාවිතයන් (මිථ්‍යා විශ්වාස)

ජන විශ්වාස සහ මිථ්‍යා විශ්වාස බංග්ලාදේශයේ ජනප්‍රවාදයේ කොටසකි.  මෙම විශ්වාසයන් අමරණීයභාවය, සතුරු බලවේග, එදිනෙදා ක්‍රියාකාරකම්, චාරිත්‍ර, සතුන්, ප්‍රජාවන්, ඇස්වහ, කටවහ ආදිය කෙරෙහි අවධානය යොමු කර ඇත.

ආත්මයේ අමරණීයභාවය පිළිබඳ විශ්වාසය පැමිණෙන්නේ පුරාණ කාලයේ සිට ය.  එය අවතාර පිළිබඳ විශ්වාසයක් ද ඇති කළේය.  ග්‍රාමීය බංග්ලාදේශයේ "ෂක්චුන්නි"," පෙට්නි", "මැම්ඩොවුට්" වැනි නපුරු ආත්ම හෝ අවතාර පිළිබඳව විවිධ විශ්වාසයන් ඇත. අස්වාභාවික මරණයක් හෝ අවාසනාවන්ත ලෙස මිය යන අය නපුරු ආත්ම හෝ අවතාර බවට පත්ව විවිධ රෝග ඇති කරන බව ජනප්‍රිය ය.

හින්දු හා මුස්ලිම් ප්‍රජාව තුළ වැන්දඹු හෝ දරුවන් නොමැති කාන්තාවන් සම්බන්ධ ජන විශ්වාස ඇත.  සමහර ආගමික චාරිත්‍ර ඉටු කිරීමේදී ඔවුන් අශෝභන ලෙස සලකනු ලබන අතර විවාහ මංගල්‍යයකට සහභාගී වීම තහනම් කර ඇත.  ඔවුන්ගේ පැමිණීම අලුත විවාහ වූ යුවළට අවාසනාවක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ, නැතහොත් ඔවුන්ගෙන් එක් අයෙකු ඉක්මනින් මිය යා හැකිය, නැතහොත් ඔවුන් දරුඵල රහිත විය හැකිය (දරුවන් නොමැති).  එවැනි විශ්වාසයන්ට විද්‍යාත්මක සාක්ෂි නොමැති වුවද ග්‍රාමීය ජනතාව වසරක් පාසා මේවා ඉතා ආදරයෙන් අනුගමනය කරති.

දුෂ්ඨ බැල්මෙන් ඔවුන්ව ගලවා ගැනීම සඳහා මව්වරුන් තවමත් දරුවන්ගේ නළලෙහි විශාල වටකුරු කළු සලකුණක් තබා ඇත.

 ඇස්වහ පිළිබඳ විශ්වාසය ග්‍රාමීය බංග්දේශයේ ඉතා ශක්තිමත් ය.  නූතන, සාක්ෂරතා සමාජයේ පවා දුෂ්ඨ බැල්මෙන් (ඇස්වහ) ඔවුන්ව ගලවා ගැනීම සඳහා මව්වරුන් තවමත් දරුවන්ගේ නළලෙහි විශාල වටකුරු කළු සලකුණක් තබා ඇත.  ග්‍රාමීය ගම්මානවල දරුවාගේ ඉණට බැඳ ඇති කළු පැහැති නූලක් හොඳ යැයි විශ්වාස කරන අතර දුෂ්ඨ බැල්ම (ඇස්වහ) බිඳ දැමිය හැකිය.

විද්‍යාව සහ බොහෝ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් එවැනි විශ්වාසයන් බොහොමයක් සනාථ කර ඇති අතර ඒවායින් බොහොමයක් ක්‍රමයෙන් ඔවුන්ගේ භූමිය අහිමි වෙමින් පවතී. එහෙත් ඒවා තවමත් බංග්ලාදේශයේ ග්‍රාමීය හා නූගත් ජනගහනයේ ජිවිතයේ බහුලව දක්නට ලැබේ.

ඉතින්, බංග්ලාදේශයේ ජනප්‍රවාද මූලික වශයෙන් බංග්ලාදේශ ග්‍රාමීය ජනතාවගේ නිර්මාණාත්මක හා පරිකල්පනීය ස්වභාවය අවධාරණය කරයි.  එහි ආයාචනය හා පොහොසත්කම, තේමාත්මක විවිධත්වය සහ මිශ්‍රණය, සරල බව සහ සුවිශේෂත්වය, සියල්ලටත් වඩා, සාම්ප්‍රදායික හා සදාචාරාත්මක වටිනාකම් එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පරිවර්තනය කිරීමට එහි වයනයෙහි ශක්තිය විශ්මය ජනක ය.  සම්ප්‍රදායන් සහ සාරධර්මවල වැදගත්කම ද එය අපට උගන්වයි.  එබැවින්, අපගේ අනාගත පරම්පරාව සඳහා අපගේ සංස්කෘතියේ හා උරුමයේ මුල හා හදවත වන අපගේ වටිනා ජන වත්කම් සංරක්ෂණය කිරීමේදී අප අවධානයෙන් හා ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුය.

(බංග්ලාදේශයේ සම්ප්‍රදායික ජන විශ්වාස පිළිබඳව අන්තර් ජාලයෙන් සොයාගත් ලිපියක පරිවර්තනය ක් බව කරුණාවෙන් සලකන්න)

ඉහලම දෙවියන්ගේ ස්වරූපය ෴

2018 අගෝස්තු 17, ලිපියක්


ඕම් ගුරවේ නමඃ ෴

කිසිම ආගමක ඉහලම දෙවියන් ගැන ස්වරූපයක් (පෙනුම, දිග, පළල, ආයුධ, වස්ත්‍ර) කියන්නේ නැහැ... එය ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙව්, සනාතන ධර්මා (දැන් ජනප්‍රිය ලෙස කියන හින්දු) හි ඉහලම දෙවියන් ගැන කිසිම ස්වරූපයක් ගැන සදහන් නැහැ. ඒ නිසා එක එක එක්කෙනාගේ දැනුම අනුව කියන වචන වල පැටලෙන්න එපා. රූපයක් තිබේනම් එය භෞතික වියුත්පන්නයක් දෙවියන් පන්චභූත(අපෝ තේජෝ වායෝ පටවි අකාශ්) නොවේ. දෙවියන් ත්‍රි හෝ චතුර් ගුණයි. ඉන් ඉහලට යන විට ඔවුන් නිර්ගුනයි... ඉන් ඉහලට ඔව් දැනගන්න ඕන නම් ඔබගේ ගුරුවරයාගෙන් විමසන්න. මේ ශාස්ත්‍රය දිනපතාම ඉගෙන ගන්න අයටයි. තමන්ට හිතෙන හිතෙන දේ කියා මිනිසුන් නොමග යවන අය බෝ වීම මේ ශාස්ත්‍ර සියල්ලටම හානියක්. 

ගුරු ඇසුරක් අවශ්‍ය ඒ නිසයි. මාසෙට දෙකට අවුරුද්දකින් අවුරුදු 10 කින් මේවා ඉගෙන ගෙන ඉවර කරන්න බැහැ. මෙය විභාග ප්‍රශ්න පත්තරයකින් පාස් වීමක් නොවේ. ශිෂ්‍යයාගේ පරිනතය අනුව ගුරුවරයා ලබාදෙන දැනුමක්. එකයි ගුරුවරුන් හිටපු ගමන් කියන්නේ ඒ කාලේ කියපුව දැන් තමා තේරෙන්නේ කියල. 

දෙවියන්ටත් පරම්පරාවක් නැත්නම් වංශයක් තියෙනවා ඒවා පුරාණ පොත පතේ සදහන්. මේවා දන්නා ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ලැබීමත් වාසනාවක්. එත් ඔවුන් කියන්න කට අරින්නේ කලාතුරකින්. මේවා ක්‍රියාත්මක කරන විධි ක්‍රම පවා සදහන්.

ලංකාවේදී දෙවියන් කියන්නේ වෙනස් අරුතකිනි. ලංකාවේදී ඉහත සදහන් දෙවියනුත්,  ප්‍රාදේශීය අයත්, ගමේ අයත්, මලගිය ප්‍රාණ කාරයාත් (යක්ෂ ප්‍රේත වී ආරූඩ යට ආවොත්) දෙවියන්ය. 

යක්ෂයන් පිසාචයන් දෛත්‍යයන් දෛන්යයන් ආදී බොහෝ අය සිටි. ඒ ගැන හදාරන්න. ඔවුන් මේ භූ ලෝකය හා සබැදිය දෙවියන් එයට ඉහළිනි. 

සැලකිය යුතුය : කවදා හෝ  අවබෝධ වෙනතෙක් ආගම් හා පටලවා නොගන්න.

කුමා වෙල්ලාලගේ
0712758744

සැරද, George II මහ රජ !

සැරද, George II  මහ රජ !

 1752 හි සිත්ගන්නාසුලු, රසවත් ඉතිහාස කථාව.

 1752 සැප්තැම්බර් මාසය සඳහා දින දර්ශනය දෙස බලන්න. ඒ සදහා
 Google සෙවුම් වෙත ගොස්  "1752 සැප්තැම්බර් මාසයේදින දර්ශනය" වෙත ගොස් ඔබම බලන්න.
එහිදි දින 11 ක් අතුරුදහන් බව ඔබ දකිනු ඇත,

පැහැදිලි කිරීම:
1752 දී එංගලන්තය රෝම ජූලියන් දින දර්ශනයේ සිට ග්‍රෙගෝරියන් දින දර්ශනයට මාරු වූ මාසය මෙයයි.

ජූලියන් වසර, ග්‍රෙගෝරියානු වසරකට වඩා දින 11 ක් දිගු විය.  ඉතින්, එංගලන්තයේ රජු එම මාසයේ දින 11 ක් අතුගා දැමීමට නියෝග කළේය.

කම්කරුවන් එම මාසයේ දින 11 ක් අඩුවෙන් වැඩ කළ නමුත් මුළු මාසය සඳහාම වැටුප් ලැබුණි.  "වැටුප් සහිත නිවාඩු" සංකල්පය බිහි වූයේ එලෙසිනි.  

රජතුමා දිනේවා !!! George II රජතුමා දිනේවා !!! (පඩි සහිත නිවාඩු ලබන අය සුද්දට පිං දෙන්න)

 රෝමානු ජූලියන් දින දර්ශනයේ, අප්‍රෙල් මාසය වසරේ පළමු මාසය විය;  නමුත් ග්‍රෙගෝරියන් දින දර්ශනය ජනවාරි පළමු මාසය ලෙස සැමරීය.  ග්‍රෙගෝරියන් දින දර්ශනයට මාරුවීමෙන් පසුව පවා බොහෝ දෙනෙක් පැරණි සම්ප්‍රදායන් අත්හැරීම ප්‍රතික්ෂේප කළ අතර අප්‍රේල් 1 වන දින අලුත් අවුරුදු දිනය ලෙස සැමරූහ.  

සරල නියෝග ක්‍රියාත්මක නොවූ විට, රජු අවසානයේ රාජකීය නියෝගයක් නිකුත් කළේය.  නව වසරේ දිනය ලෙස අප්‍රේල් 1 වන දින සැමරූ අය මෝඩයන් ලෙස හංවඩු ගසන බව එම නියෝගයේ සඳහන් විය.
April Fools එලෙස බිහිවිය.

සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ 02

සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ වලදී සිදුකරන පූජාවන් වල ප්‍රතිඵල

 

 බොහෝ දෙනෙකුට අද දවසේ ඇති ගැටලුව පූජාවන් සිදුකරන විධික්‍රම ගැනය.සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ වලදී සිදුකරන පූජාවන් වල ප්‍රතිඵලයන් මොනවාදැයි දැන ගැනීමටය. ඒවායේ ප්‍රතිඵලයන් දැනගැනීමටය. කිසිවෙකු ග්‍රහණ පිලිබදව ඇති ශාස්ත්‍රීය කරුණු කාරණා ඉගෙනුමට යොමු වීමක් දක්නට නැත්තේය.


පළමුව කිව යුත්තේ හැම කෙනාම තමන්ගෙ අත්දැකීම් බෙදා ගැනීමට කැමති නැත. නමුත් මේ අහන දුහුණන්ගේ ගේ දැන ගැණීම පිණිස හා හුදෙක් ශාස්ත්‍ර නොදන්නා හා විශ්වාසයකින් තොරව කටයුතු කරන මෙන්ම නිවරදි,  පුද පූජා විධි ක්‍රම නොදන්නා අයගේ දැනගැනීම පිණිස මේ සටහන තබමි.

මේ ගරහන අවස්ථාවක තම ප්‍රාර්ථනය අන් අයගේ දන ගැනීම පිණිස පලකරන මෙන් සිය කැමැත්තෙන් මා වෙත යොමු කරන ලද සටහනක්, ඔබ සැම හමුවේ මෙසේ පළකරන්නට කරුණු කාරණාවිය.

මෙහිදී කිව යුතු කාර්යය නම්, 2019 දෙසැම්බර් මස 18, දී තම කලත්‍රයා හදිසි අනතුරකට පත්වූ අවස්ථාවකදී, ඔහු ගැන දයාබරිතව  සහ ඔහුගේ සුවය පතා යමෙකු ලියූ සටහනක් මෙහෙ ඔබට දැකගත හැක. නමුත් මෙහිදී පූජා විධි ක්‍රමය කරන ලද්දාවූ ඉතුරු සටහන් පල නොකරන බව කරුණාවෙන් සලකන්න. අනතුරට පත් අය සසුගාමී ව ඖෂද ලබා ගැනීමට යොමු නොවීම නිසා, නැවත නිවැරදිව සිතා බලා කටයුතු කරන්නට යොමු කිරීමද මෙහි අන්තර්ගතය.

මෙහි විශේෂත්වය නම් මේ ලියූ තැනැත්තා අනතුරට පත් අයගේ හදහන වෙනුවෙන් සුවිශේෂී කොට පුද පූජා ක්‍රමයක් සිදුකළ අතර, ඔබලාට අවශ්‍ය නම් වැඩි විස්තර සදහා, අන්තර්ජාලයෙන්  අනතුර සිදු වූ ගන්නෝරුව, පේරාදෙණිය සඳහන් කරන ලද දිනය අනුව ඔබට එම අනතුර පිළිබඳ විස්තර ද දැකගත හැක.

මෙහිදී අනතුරට ලක්වූ පුද්ගලයාගේ කශේරුවේ අස්ථි භග්න විය. පූර්ණකාලීනව ආබාධිතාවයකට ද ලක් වීමට සිදු වීම හැකිව තිබිණ. මෙම පුද්ගලයාගේ කශේරුවේ Thorasic 7 (T 7) කශේරුකාව භග්න වී තිබින.

මෙයට අමතරව ඔහුට ලබා දුන් මන්ත්‍ර අනුව ඔහුගේ සුවවීම වේගවත් වීම ද සිදුවිය. වර්තමානයේ අනතුරකට ලක්ව සයනයේ වැතිර සිටිය යුතු මට්ටමේ ආබාධයකට ලක්ව සිටියහු, මේ මස පළවෙනිදා සිට රැකියාවට වාර්තා කරන ලද බව දැන ගැනීමටද  හැකි විය.

හුදෙක් ග්‍රහණ අවස්ථා වලදී, සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ අවස්ථාවලදී නියමිත ලෙස ඔබ ගුරු උපදේශනයක් ලදහොත් ඔබගේ ප්‍රාර්ථනාවන් වසරක් යාමට මත්තෙන් සාර්ථක කරගත හැක. එබැවින් සුදුසු ශාස්ත්‍ර දන්නා ශාස්ත්‍රවන්තයන්ගෙන් උපදේශනය ලබා ගැනීම මනාකොට වටින්නේය. ඔබ සැමට ජය.

බලබලා කල් මරමින් නොසිට, සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව සදහා වේදාංග දන්නා අයෙක් හරහා වේදීය ශාන්තිකර්ම සදහා යොමුවන්න. මීලග චන්ද්‍ර ග්‍රහණය 2020.07.05 දින සිදුවන්නේය.

සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ 01

සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ

මෙකල බොහෝ දෙනෙක් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ගැන සාකච්ඡා කරන අතර, අපි බලමු ඔවුන් ශාස්ත්‍රීයව කොපමණ කරුණු සංඛ්‍යාවක් දැන සිටිය යුතු ද කියා.

චන්ද්‍රග්‍රහනය සිදුවන්නේ පුර පසළොස්වක දින, සූර්ය ග්‍රහණ සිදුවන්නේ අමාවශ්‍ය දින. එවැනි දේ හා ඒ සඳහා පිහිටීම්, වසරකට කීවරක් සිදුවේද? යනාදී දේ මෙන්ම, ග්‍රහනයන් සදහා වර්ථමානයේ භාවිත වන පුර්ණ ග්‍රහන (Total eclipse), වලයාකාර ග්‍රහන (Annular eclipse), අර්ධ ග්‍රහණ (Partial eclipse), දෙමුහුන් ග්‍රහණ (Hybrid eclipse),  ඕනෑම අයෙකුට පහසුවෙන් දැනගත හැකිය. එය Central line හි හෝ එසේ නොවීමද දැනගත හැක. ඒවා ජ්‍යෝතිෂමව සලකා බලන මිනුම් දඬු ද?

අප ශාස්ත්‍රීයව මෙය අධ්‍යයනයේදී දැනගත යුතු කරුණු ගැන විමසා බලමු. මෙම ගැටලුවලට පිළිතුරු සෙවීම ඔබ කල යුත්තේ ඔබගේ ගුරුවරුන් සමඟය, ඒ ඔවුන් දන්නා බැවිනි. ඒ හරහා බොහෝ ජ්‍යෝතිෂ රහස් ඉගෙනුමට හැකියාව ලැබේ. ඒ මොනවාද සලකා බලමු.

ග්‍රහනයන් ඇතිවිට 
1. එවන් දිනවල දී චන්ද්‍රයා මූලිකව නම් කරන රාශියේ සුවිශේෂී නාමය හා එහි සිටින දේවතාවා ලෙස සදහන් වන්නේ කවුරුන්ද?

2. පුර පසළොස්වක හා අමාවශ්‍ය දින සදහා දේවතාවුන් කවුද?

3. උච්චය අනුව ග්‍රහන ප්‍රධාන ලෙස කොටස් කීයකට බෙදා දැක්විය හැකිද? ඒවා ජ්‍යෝතිෂයමව නම් කරන්න.

4. දුර ප්‍රමාණය අනුව ග්‍රහන ප්‍රධාන ලෙස කොටස් කීයකට බෙදා දැක්විය හැකිද? ඒවා ජ්‍යෝතිෂයමව නම් කරන්න.

5. ග්‍රහණය පවතින කාලය සදහා භාවිත වන ජ්‍යෝතිෂ නාමය කුමක් ද?

6. ග්‍රහණය එක් එක් ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අනුව වෙනස් වන ආකාරයන් කීයක් තිබේද? ඒ මොනවාද?

7. පොදුවේ හා විශේෂ ජන්මීන්ට සුර්ය ග්‍රහනය බලපාන්නේ කෙසේද?

8. පොදුවේ හා විශේෂ ජන්මීන්ට චන්ද්‍ර ග්‍රහනය බලපාන්නේ කෙසේද?

9. ග්‍රහණ අවස්ථාවන් අනුව ඒ ඒ රටට හා ජනතාවට, සමස්ථ ලෝකයටම බලපාන අයුරු විග්‍රහය කිරීමෙ විශේෂිත කරුණු කීයක් තිබේද? ඒ මොනවාද?

10. ඔබට සූර්ය ග්‍රහණ හා චන්ද්‍ර ග්‍රහණ අවස්ථාවන් ජන්ම සටහන් සමඟ ලබාදුනහොත් ඒ ඒ ජන්මීන්ට ඒ ග්‍රහණ අවස්ථාවන් සඳහා පලාපල කථනය කල හැකි ද?

ඉහත ඉතා කෙටියෙන් ඔබ ග්‍රහණ ගැන අනිවාර්යෙන්ම දැන ගත යුතු ප්‍රධාන ලක්ෂණ ගැන ප්‍රශ්න කර ඇත. ඉහත කරුණු අනුව යමින් එකිනෙකට වෙනස් වන අවස්ථා අනුව ශාන්තිකර්ම හා වත්පිළිවෙත් කිරිම සඳහා වේදාංග දැනුම භාවිතය ද ඔබ ගුරු ඇසුරින් දැනගෙන සිටීම වඩා යහපත් බවද සිහි තබා ගන්න.

රාජා ජනක සහ සුඛදේව.

රාජා ජනක සහ සුඛදේව.

“සුඛදේව” ශ්‍රේෂ්ඨ රිෂි වේද ව්‍යාසගේ පුත්‍රයා වූ අතර, ඔහුගේ පෙර සම්සාරීය පුන්‍ය නිසා, ඔහුට මවගේ ගර්භාෂයේ සිටියදී පවා සත්‍ය දැනුම ලැබුණි. කුඩා කාලයේ දී ඔහු තම පියාගේ ආරාමය අසල වනාන්තරයේ භාවනා කරමින් කාලය ගත කළේය.

දිනක්,  “සුඛදේව”  භාවනා කරමින් සිටියදී, විෂ්ණු දෙවියන් දැකීම සඳහා වෛකුන්තය  වෙත යාමට, ඔහුගේ සිතේ ආශාවක් ඇති විය. ඔහු වෛකුන්තය  වෙත පැමිණි විට, දොරටු පාලකයෝ විෂ්ණු දෙවියන්ට දන්වා සිටී අතර ශ්‍රී විෂ්ණු දෙවියන් පැවසුවේ , “අපට කණගාටුයි, ඔබට ගුරු කෙනෙකු නොමැති බැවින් ගුරුවරයෙක්  නොමැති අයට කිසි විටෙකත් වෛකුන්තය  වෙත ඇතුළු විය නොහැක.ලෙසය “සුඛදේව”  සිය පියා වන වේද ව්‍යාස වෙත ආපසු ගොස්, වෛකුන්ත දොරටුව අසලදී ඔහු වෙත පැවසූ දේ සිය පියාට කීවේය. 

“සුඛදේව”   මහ රිෂිගේ පුතෙකු යැයි සිතමින් තරමක් නිෂ්ඵල හා ආඩම්බර අයෙකු විය, ඔහු ඒ වන විටත් වසර ගණනාවක් තපස් ප්‍රගුණ කර ඇති බවත්, ඒ නිසා ගුරුවරයෙකුගේ  අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු සිතුවේය. කෙසේ වෙතත්, ගුරුවරයෙකුගේ  අවශ්‍ය යැයි විෂ්ණු දෙවියන් විසින්ම පවසා ඇති බැවින්, “සුඛදේව”   තම ගුරු ලෙස තෝරා ගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තම පියාගෙන්  උපදෙස් ලබා ගත්තේය. “සුඛදේව”   හට පියා කීවේ, “ඔබට තෝරා ගැනීමට ඇත්තේ ඒ සදහා සුදුසුකම් ලත් එකම  ගුරු කෙනෙකු පමණක් වන අතර ඒ  විදේහ හි ජනක රජු ය. රිෂි වේද ව්‍යාසගේ පිලිතුර විය.පියාණෙනි, ඔබේ මනස විකල් වී තිබේද? රජෙකු සහ සන්‍යාසි වරයෙක් අතර පොදු ලක්ෂණ මොනවාද? මම ඔහුව මගේ ගුරු ලෙස  පිළිගන්නේ කෙසේද? “සුඛදේව”   ඇසීය. ඔබේ ගුරු විය හැකි වෙනත් කිසිවෙකු නොමැතියැයිරිෂි වේද ව්‍යාස පිළිතුරු දුන්නේය.

රිෂි වේද ව්‍යාසයන් දොළොස් වතාවක් “සුඛදේව”  පිරිමි ළමයා ජනක රජු වෙත යවා ඇති අතර, ඔහු එහි ඇතුළුවීමට පෙර දොළොස් වතාවක් ආපසු පැමිණියේය. වරක් ඔහු මාළිගාවට ළඟා වූ නමුත් මාළිගාවේ පොහොසත්කම සහ ලෞකික ජනයාගේ එක්රැස්වීම දුටු විට ඔහු සිතුවේ රජතුමා කාමුක සතුටක් ලබා දෙන කෙනෙකු විය යුතු බවත්, එබැවින් ඔහු තම ගුරුවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැති බවත්ය. ගුරු. යනු යථාර්ථවාදී අවබෝදයක් සහිත අයෙක් විය යුතු බවය. යමෙකුට තම ගුරුවරයා පිළිබඳව ඇති සැකය හා සැකයන් වැඩි වන තරමට තමාටම හානියක් සිදු වන බව ඔහු (“සුඛදේව”) ට අමතක විය . “මහාත්මා” ගැන සැක කිරීම හෝ අපහාස කිරීම කෙනෙකුගේ කුසලතා විනාශ කරයි. ඔහුගේ පූර්ව පුන්‍යද විනාශ කරන්නේය.

දහතුන්වන වරටත්  “සුඛදේව” නැවත රජු වෙත යවන විට සිත්ගන්නාසුළු  දෙයක් සිදුවියයමෙක් මැදිහත් විය. ඒ මෙසේය, 

දහතුන්වන වරටත් “සුඛදේව”, ජනක රජු වෙත යවන ලද විට, ඔහුට අනුකම්පා කළ ‘නාරද රිෂි’,  වයස්ගත බ්‍රාහ්මණයෙකු ලෙස වෙස්වලාගත් නාරද රිෂි, ඔහුගේ හිස මත පස් කූඩයක් රැගෙන “සුඛදේව”  අසලින් ගියේය .එසේ ගොස් ඒ අසබඩ ගලා බසින කුඩා ගඟක් වෙත  ගොස්, එම පස් ගඟට විසි කළේය . ගඟට විසි කරණ ලද පස්, ජලයට හසුව ගසාගෙන යන්නේය.  මෙය දුටු “සුඛදේව”, වෙස්වලාගත් රිෂිට චෝදනා කරමින්, “මහල්ල මේ බලන්න, ඔබගේ වෑයම අසාර්ථකයි, ඔබට අවශ්‍ය ගඟ හරහා වේල්ලක් ඉදිකිරීමට නම්, පළමුවෙන්ම දිය දහර හරහා සැරයටි කිහිපයක් ද ඉන්පසු විශාල ගල්  කිහිපයක් ද තබා පස්  ඒ මතට විසි කරන්න. එසේ නොවුවහොත් ඔබගේ  වෑයම නිෂ්ඵල වනු ඇත”. පිළිතුරු ලෙස  නාරද රිෂි  පැවසුවේ මට මගේ දවසේ වෑයම පමණක් අහිමි වී ඇත, නමුත් මට වඩා විශාල මෝඩයෙකු වන තරුණයෙක් සිටී, ඔහු වේද ව්‍යාසගේ පුත් “සුඛදේව” ය. මක්නිසාද යත්, ඔහු සතුව තිබූ අවස්ථා  දහහතරෙන් 12 ක් දැනටමත් ඔහුට අහිමි වී ඇති බැවිනි. ඔහුට ඉතිරිව ඇත්තේ තව අවස්ථා දෙකක් පමණි. මෙය ඇසූ “සුඛදේව”  ක්ලාන්තව වැටී ගියේය. ඔහුට සිහිය එන විට, ඔහු තනිවම සිටියේය, නමුත් ඔහු මහල්ලාගේ වචන සිහිපත් කර ජනක රජුගේ මාළිගාවට දිව ගියේය.

මාලිගාව දොරටුව අසලදී, තමන්  වේද ව්‍යාස ගේ  පුත්‍රයා යැයි පවසා, රජු බැහැදැකීමට පැමිණිබව පවසයි. ඉන් පසු ඔහු දොරටුවෙන් බැහැරව වෙනත් තැනකට වී බලා සිටී. යම් ආඩම්බරයක් ඇති ඔහු සිතුවේ රජතුමා පැමිණ මඟදී ඔහුව මුණගැසෙනු ඇති බවය. නමුත් කිසිවෙකු ඔහුව හමුවීමට පැමිණියේ නැත. “සුඛදේව” ගේ  පැමිණීම ජනක රජුට දැනුම් දුන් විට, “ඔහු සිටින තැන සිටගෙන සිටීමට ඔහුට ඉඩ දෙන්නයැයි කියා අණ කළේය. අහෝ! නියෝගය ලැබෙන කල,  මාලිගාවේ, එකතු කරණ කසල විසි කළ බිත්තිය ආසන්න ස්ථානයේ සිටගෙන සිටීමට “සුඛදේව” හට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු විසි කරණ ලද කුණු කසළ වලට යටව  වැළලී යාමට වැඩි වේලාවක් ගත නොවීය.

මාව බැහැදැකීමට පැමිණි  “සුඛදේව” හට සිදුවූයේ කුමක්දැයිකියා රජතුමා විමසා සිටින විට දින හතරක් ගතව තිබිණ. සේවකයෙක් පිළිතුරු දෙමින්, “ඔහුට සිටින්නට කියන ලද ස්ථානයේම සිටින්නෙයයි” පැවසීය. විස්තරය ඇසු රාජා ජනක,  “ඔහුව කසල කන්දෙන් බේරාගෙන, ස්නානය කරවා, සුදුසු වස්ත්‍ර ලබා දී මෙහි ගෙන එනු ලැබේවා යයි නියෝග කළේය. 

“සුඛදේව” විසින් නෛෂ්ක්‍රමණය (සියල්ල අත හැරීම)   පුරුදු කර සිටීම ගැන ඔහුම යම් ආඩම්බරයකින්  වන බව දැනගත් ජනක රජ මායාවක් ඇති කළේය. 

එහිදී “සුඛදේව”  රජතුමා බැහැදැකීමට ශාලාවට ඔහු  ඇතුළු වූ විගසම, මුළු නගරයම ගිනිගෙන ඇති බවට වාර්තාවක් රැගෙන සේවකයෙක් පැමිණියේය. මේ සියල්ලම දෙවියන්ගේ කැමැත්තයි,” ජනක රජ පැවසීය. තවත් ටික වේලාවකට පසු තවත් වාර්තාවක් පැමිණියේ රජුගේ සියලු ප්‍රධාන විනිශ්චය ශාලාවන් අළු බවට පත් වූ බව දන්වමිනි. එහිදීද  දෙවියන්ගේ කැමැත්තකියා රජතුමා පවසයි. මීළඟට, රජුගේ මාළිගාව ගිනිගෙන ඇති බවට ආරංචි විය. සියලු දේම දෙවියන්ගේ කැමැත්තකියා රජ නැවත නැවතත් පවසා සිටී. ගින්න ගැන කිසිවක් නොකිරීමට තරම් රජු මොන තරම් මෝඩයෙක්දැයි “සුඛදේව”  සිතමින් සිටියේය.  එක වර “සුඛදේව”   ඔහුගේ ඔලොගුව අතින් අල්ලාගෙන ගින්නෙන් බේරීමට පලා යන්නට පටන් ගත් නමුත්, රජු ඔහුගේ අත තරයේ අල්ලා ගත්තේය. බලන්න, මගේ සියලු ධනය හා දේපළ දවා අළු වී ගොස් ඇත, නමුත් මම ඒ ගැන කරදර වී නැත. දැන් ගින්න මාළිගාවට පැමිණ ඇති බැවින්, ඔබ සතුව ඇති මෙම කුඩා වත්කම් මල්ල බේරා ගැනීමේ අදහසින් ඔබ එය අල්ලාගෙන ඇත” යැයි “සුඛදේව”  වෙත පැවසීය.

ඇත්තෙන්ම, ඔබට අයත් දේවල් මොනවාද? දැන්, වඩා හොඳ නෛෂ්ක්‍රමණය (සියල්ල අත හැරීම) කරණ පුද්ගලයා කවුද - ඔබද? මමද? ” රජතුමා සැබෑ ලෙස සියල්ල ඇත හැර ඇති අයෙක් බවට “සුඛදේව”  වැටහී ඔහුගෙන් ‘උපනයනය’   (කුලවද්දවා ගැනීම, initiation)
 බලාපොරොත්තු වූ නමුත් ජනක රජු පැවසුවේ
ඔබ එයට සුදුසු නැතයනුවෙනි.

ඉනික්බිති, රජතුමා නියෝග කළේ “සුඛදේව” යන්  නගරයට පැමිණීම වෙනුවෙන් ගරු කිරීමක් ලෙස, ‘මහා උත්සවයක්’ පැවැත්විය යුතු බවයි. ඒ සදහා උත්සව, නැටුම්, නාට්‍ය හා විවිධ කුටි සකස් කරන ලදී. සියල්ල “සුඛදේව”  හට විනෝද වීම සැලැස්වීම සදහාම මේවා අරමුණු විය. 

සියල්ල සුදානම් වූ විට, රජු “සුඛදේව” වෙත ගොස් නගරය හරහා ගොස් සියල්ල භුක්ති විඳින්නැයි ඉල්ලා සිටියි. ඒ එක කොන්දේසියකට යටත්වය. 

ඔබ යන ඕනෑම තැනක කරුණාකර මෙම සම්පූර්ණ කිරි/තෙල්  කුසලානය (කෝප්පය) ඔබ සමඟ රැගෙන යන්න. (මෙය යම් ද්‍රවයක් දැමු බදුනකි. තැනක කිරි තැනක තෙල් ලෙස දක්වා ඇත.)  

ඉන්පසු රජු “සුඛදේව” සමඟ පැමිණ සිටි සෙබළුන්ට කියා සිටියේ  “සුඛදේව”  නගරයේ සෑම ප්‍රදේශයකින්ම රැගෙන යන්න. ඔහුට සෑම දෙයක්ම දැකීමට ඉඩ දෙන්න. නමුත් ඔහු මේ කුසලානෙන් ද්‍රව බිදුවක් වත් බිම හැළුවොත්, මගේ නියෝගය නම් ඔබලා ඔහුව එම ස්ථානයේදීම හිස ගසා දැමිය යුතු බවයි”. “සුඛදේව” සොල්දාදුවන් සමඟ පිටතට ගොස් සවස් වරුවේ ආපසු පැමිණියේය. 

මට විශ්වාසයි ඔබට හොඳ විනෝදාත්මක කාලයක් ලැබුණා කියලා? ඔබ සියල්ල භුක්ති වින්දාද ? ” රජ විමසීය.  

පිළිතුරු දුන් “සුඛදේව” රජතුමනි, මම කිසිවක් දුටුවේ නැත. මක්නිසාද යත්, සෑම මොහොතකම මගේ සිතුවිලි සියල්ලම මෙම කුසලානය කෙරෙහි යොමු වී තිබුනේ, ඒ මගේ ජීවිතය නැති කර නොගන්නා පිණිසයැයි “පැවසීය.

“සුඛදේව” යනි, මේ සියලු සුඛෝපභෝගී හා උත්කර්ෂවත් බව මධ්‍යයේ මම ජීවත් වන්නේ එලෙසයි. මට කිසිවක් පෙනෙන්නේ නැත. මක්නිසාද සෑම මොහොතකම මාගේ සිතුවිලි දෙවියන් කෙරෙහි කේන්ද්‍රගත වී ඇත්තේය, මාත් මගේ ජීවිතය නැති කර නොගන්නා පිණිසය. 

 කුසලානය - මරණය, කිරි/තෙල්  - ඔබේ මනස යැයි සිතන්න. උත්සව යනු ලෝකයේ ආශ්වාදයන් සහ අලංකාරයන් ය”. රජා ජනක “සුඛදේව”  හට පැවසීය.

රජු තවදුරටත් “මම මේ ලෝකය හරහා ඉතා පරිස්සමින් ගමන් කරමි, එවිට මනසෙහි කිරි විසිරී හෝ කලබල නොවී, සෑම මොහොතකම දෙවියන් කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මක්නිසාද දෙවියන් ගැන නොසිතමින් මොහොතක් හෝ ගත කිරීම මට මරණයකි.

“සුඛදේව”යන් අවබෝදය ලැබූ බව වටහා ගත්, රජු හට දැක ගත හැකි වූයේ “සුඛදේව” යන්ගේ මනස ආඩම්බරයෙන් තොරව පවිත්‍ර වී ‘උපනයනය’ සදහා  සූදානම්ව සිටින බවය, එබැවින් ඔහු “සුඛදේව”  ‘උපනයනය’ සදහා  සූදානම් කළේය

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular