ආයුෂ, සතුටින් දිවි ගෙවීම හා මන්ත්‍ර ශාස්ත්‍ර

රාම් රාම් රාම් ෴

ජන්මය හා පූර්ව කර්ම


ඔබගේ ආයුෂය ඔබගේ ජන්ම නක්ෂත්‍ර මත පදනම් වන්නේය.  "ජන්ම නක්ෂත්‍ර" යනු ඔබගේ උපතේදී චන්ද්‍රයා තැන්පත් වූ නක්ෂත්‍රයයි. එය මෙලොව ඔබගේ  ආයුෂ ප්‍රමාණය මෙනම මෙම උප්පත්තිය තුළදී ඔබ ලබන දඬුවම් ප්‍රමාණය ද කියා පාන්නේය. ඔබ මෙලොවදී ජීවත් විය යුතුව ඇත්තේ පූර්ව ජන්ම වල දී සිදුකරන ලද යහපත් හා අයහපත් කර්ම පොදි බැද ගෙනය. එන කර්ම මේ ජන්මයේදී බලපාන අයුරුද හදහන හරහා විද්‍යාමාන වන්නේමය.

පූර්ව අයහපත් ක්‍රියා සඳහා දඬුවම් ප්‍රමාණයක් ඔබට ලැබෙන්නේ ය.  ඔබ මෙහිදී ජීවත් විය යුත්තේ එම විඳවීම සඳහාමය. මරණයට පත් වුවන් කිසිදිනක විඳවන්නේ නැත. එබැවින් මරණයට පත් වූවන් සඳහා අප ජ්‍යෝතිෂයේදී දශාවන් භාවිත නොකරන්නේ ය. ජීවත්වන්නන් සඳහා අප වර්ග චක්‍ර භාවිත කරයි. එසේ කර මේ ජීවිතයේදී  විවිධ පැතිකඩවල් තුල දී දඬුවම කොපමණ ප්‍රමාණයක් ඒ විවිධ ජීවිත පැතිකඩ වලදී විඳවන්නේ දැයි බලන්නේය.උදාහරණ: පාසැලේදී, රැකියාවේදී, විවාහයේදී, දරුවන් හරහා, ඔබේ රථවාහන, මොබයිල් ෆෝන් එක, ෆේස් බුක්,SMS ආදී දේ හරහාද ඔබ විදවිය හැක... 

 එසේම ජ්‍යෝතිෂය තුලින්  ජීවිතයේ විවිධ පැතිකඩ තුල, කොතරම් ප්‍රීතියෙන් ජීවිතය ගත කරන්නේද, කොපමණ නිදහසක් ඔබට තිබෙන්නේ දැයි අප සලකා බලන්නේද වර්ග චක්‍ර හරහාමය.  එය එලෙසම ඔබ අධ්‍යාත්මිකව සංවර්ධනය වන්නේ ද එහිදී ඔබට තීරණාත්මකව අධ්‍යාත්මික ගමනකදී ඉදිරියට යෑමට හැකි දැයි හා ඒ සඳහා උපකාර තිබේද? නැතිනම් යමෙක් වචන ප්‍රමාණයෙන් පමණක් අධ්‍යාත්මිකත්වය ගැන කතා කරමින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එලෙස හැසිරෙන්නේද? රහස් කණ්ඩායම් සාදා ගනිමින් අනෙකුන්ට කෙළවන්නට දත මදිමින් පුපුරමින් මේ අධ්‍යාත්මය ක් ගැන කතා කරන්නේද? මේ සියල්ලම අපට  වර්ග චක්‍රයක් හරහා ද විසඳා ගත හැක්කේය.

ශාන්තිකර්ම හා උපාය 


මිනිසුන් ලෙස උපත ලැබූ පසු ඔවුන් පෙර කරන ලද අයහපත් කර්ම නිසාවෙන් සිදුවන්නා වූ දේ, නැතිනම් ඔවුන්ට ලැබෙන දඬුවමින් ගැලවීමට ක්‍රමයක් තිබේද? මෙසේ ගැලවීමට ක්‍රමයක් තිබේ නම් ඒ කුමක්ද ? ජෝතිෂ්‍ය මෙහිදී පෙරට එන්නේය. එහිදී පළමුව ඔබට ලැබෙන්නට යන දඬුවම හඳුනාගත යුතුය. ඉන්පසු ඒ සඳහා පැරණි ග්‍රන්ථවල, විශේෂයෙන්ම වේදාංග ජ්‍යොතිෂය තුළ සඳහන් වන්නා වූ දැනුමෙන් එම දඬුවමින් මිදීමට විවිධ වූ මාර්ග ඇත්තේය.

යමෙක් මේවාට ශාන්තිකර්ම කියා කියයි. ශාන්තිය යනු ඔබ වෙනුවෙන් කෝපවූ ඔබට දඬුවම් ලැබීම, දඬුවම් දීම සඳහා ඉදිරිපත්ව ඇති ග්‍රහයන් ගේ කෝපය සිඳවාලීමය. එසේම එහිදී පෙර කර අයහපත් කර්ම වලට යම්කිසි ගෙවීමක්හෝ එය අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් විය යුතුදේ සදහා -  හානි, පාඩු පිරවීම සඳහා යම්කිසි වූ මාර්ගයක් කියා දෙන්නේය. මෙයට අමතරව උපාය හරහා කර්ම මගහරවා යෑමක් කල හැක. නමුත් ඒ සඳහා දඬුවම් නැවත ලැබෙන්නේ ගුණාකාරවය. දඬුවම් මගහරවා යාම සඳහා තිබෙන්නාවූ උපක්‍රමයන් අතරින් Lal Kithab ජ්‍යොතිෂය තුළ බහුලවම භාවිතා වන්නේය. එසේ  දඬුවමින් මගහැර ගිය ද යම් කිසි දිනෙක එයට මුහුණදීමට ඔබට සිදු වන්නේ ය.

මෙලෙස අප දඬුවම් විඳීමට පැමිණීම ඇත්නම්, අපි පෙර කරපු කර්මයන් සඳහා විඳවීමට අපේ ජීවිත කාලයම ගත කල යුතුද? මේ ගැන සදහන් දේ සොයා  බැලූ කල ශාස්ත්‍රීයව පූර්ව අයහපත් කාර්ම පලදීමට ආරම්භ වූ මොහොතේ සිට ඉදිරියට වර්ෂ 24ක් හෝ වර්ෂ 36 හෝ වර්ෂ 48ක් දක්වා ඉදිරියට විදවන්නට සිදුවන බව සඳහන්ය. කෙසේ වුවද මෙලෙස ජීවිතය පුරාවටම පීඩාවන් විදිමින් ඉදිරියට යනවාට වඩා මේය කෙටි කලකින් ගෙවා නිම කර ඉදිරි කාලය හොඳින් ගත කිරීමට හැකි ක්‍රමවේදයන් සඳහන්ය.

එහිදී ජීවිතය පුරා ඇති පීඩාව දින 40කින් හෝ  දින 50 කින් හෝ වසරකින් හෝ වසරක් හා දින 80කින් අවසන් කර සතුටින් ජීවිතයේ ඉතිරි කාලය නිදහසේ ගතකිරීමට හැකි "වෘත" යනාදිය ශාස්ත්‍රය තුළ සඳහන්ය.

කර්ම ගෙවීම සදහා මාර්ග 


මෙලෙස පීඩාවන් ඉවත්කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඔබ සොයා ගත යුත්තේ ග්‍රහයන් හා සම්බන්ධ වී ඇති ප්‍රධාන දෝෂයන් ය. ඒවා යම් කිසි විටෙක සාපයක් විය හැක. දේව කෝප විය හැක. භූත, පිසාච ගැටළු විය හැක. ඒ කුමක් වූවත් , එහිදී මෙම ප්‍රධාන ගැටලු පෙනෙන්නා වූ පීඩාකාරී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම කෙටිකාලීනව ගෙවා දැමීම  "ශක්ති යෝග" ලෙස හඳුන්වන්නේ ය. බලහත්කාරයෙන් විශේෂ "වෘත" සමාදන් වෙමින් ඔබ පීඩාකාරී කාලය කෙටි කරනු ලබයි. එහිදී ඔබ යාඥා කරන්නේය. මෙය මන්ත්‍ර හරහාද සිදු කළ හැක. මෙහිදී මේ ක්‍රමයන් හරහා කර්මය විදවිය යුතු කාලය සම්පිණ්ඩනය කර එය ගෙවා දැමීම සඳහා කටයුතු කරන්නේය. දැඩිව සවිමත්ව බලවත්ව ඔබ පූර්ව කර්ම සමඟ ගනුදෙනු කිරීම, කර්මයන්ට නිර්භීතව මුහුණ දීම මෙහිදී "ශක්ත" ලෙස හැඳින්වේ. සියලුම කර්මයන් දවා හරිමින් වසරක් තුළ ඉවත් කරන්නට යන්නේ නම් පීඩාව ඉතාමත්ම වේගවත්, තදබල, අධික වනු ඇත. ඔබට දැරීමට ඉතා අපහසු වනු ඇත. ඔබ එයට සූදානම් නම් "ශක්ති මාර්ගය" තෝරාගන්න. ඔබ එම මාර්ගය තෝරා ගැනීමට සූදානම් නොවේ නම් වෙනත් මාර්ග ඇත.

ඔබට දැඩි පීඩාවන්ද දැරීමට නොහැකිනම්, ඔබ දුර්වල යැයි සිතන්නේ නම්, දෙවියන් අයදින්න -

"දෙවියනි මේ මම නොව ඔබ ශක්තිමත්ම තැනැත්තාය, මාගේ මනස සියලු මායාවන්ගෙන් බැඳී පවතී, මම මෙම පීඩාවන්ගෙන් මිදීම සඳහා මාර්ගය නොදන්නේය, කරුණාකර මා කරා පැමිණ මට මාර්ගය පෙන්වා දෙන්න." 

එලෙස ඔබ දෙවියන්ට යටහත්ව පක්ෂව එක්සිත්ව අයැද සිටිය යුත්තේ ය. එහිදී ඔබ ඔබගේ ආරක්ෂාව සඳහා තෝරා ගන්නේ ඔබට කැමති මාර්ගයක් නොව වෙනත් මාර්ගයකින් ඔබව ආරක්ෂා කිරීමටය.ඒ ඔබට පීඩාවකින් තොරව ජීවිත ගමන ඉදිරියට යෑම සඳහාය. මෙලෙස  යදිමින් සිටීම "වෛෂ්ණව මාර්ග" ලෙස හැඳින්වේ. එහිදී ඔබ ජල පහරට හසු වූ ගසක් නැවී බේරෙන්න සේ කාලය ගත කර නැවත හිස වීම මෙහිදී අදහස් කෙරෙන්නේ ය.

මෙයට අමතරව තවත් මාර්ගයක් ඇත්තේය. එය "ශෛව මාර්ගය"  යි.  එහිදී කිසිවෙකුට බියනොවී මනස සමතුලිතව පවත්වා ගනිමින් සිටීම සිදුකල යුතුය. එහි දී මනස ප්‍රීතියෙන් හෝ අසතුට යන දෙයාකාරයම විඳ දරාගෙන සිටියි. මනස භාවනාව හරහා පාලනය කරන්නේය. එහිදී වේදනාව නොදැනේ යම්සේද, වින්දනයද නොදැනේ. කිසිදු සන්නිවේදනයක් සමඟ මනස කටයුතු නොකරයි. සතුට යනු ඔබගේ මනසේ ඇතිවන මෙම භෞතික ලෝකය තුළ වින්දනය ඇතිකරන්නාවූ රැලි පෙළක් මෙනි, ඔබ ඔබගේ මනස සතුට හා දුක නොවිඳින්නට පුරුදු කිරීම හරහා මෙම සතුට හා දුක තුළින් මනස හි ඇලීම වළක්වා ගැනීම "ශෛව මාර්ගය" වන්නේ ය.

මෙහිදී ඔබ ඔබගේ මේ ජන්මයේදී විවිධ කර්මයන් සමග අත්විදිය යුතු සියලුම ආකාරයන්, දුක පීඩාවන්ගෙන් මිදීම සඳහා ඔබ තෝරාගත යුතු මාර්ගය කෙලෙසද යන්න සලකා බැලීමට අතීතයේ සිටම භාවිතා කරේ ඔබගේ ජන්ම පත්‍රයයි.

වර්තමානයේ තම ජීවිතය අධික අවිවේකයකින් යුතුව කටයුතු කරන පුද්ගලයන්ට, මෙම මාර්ගයන් හරහා යෑමේදී ගැටළු ඇතිවන්නේය. එම නිසා මෙහිදී අප අද දින තත්වයට අනුව මෙම ශාන්තිකර්ම සිදුකරන්නේය. කෙසේ වුවද ඔබ මේ සදහා ඔබගේ හඳහනේ කේන්ද්‍ර ත්‍රිකෝණ භාවයන් හරහා උපකාර ලබන්නේය.

 උපකාර ලැබීමේදී කේන්ද්‍ර ස්ථානයක් වන හතරවැන්න මනසයි. එම මනස රැකීම සඳහා කටයුතු කරන්නේ හදහනේ පස්වන භාවය වන හදහනේ පස්වන භාවයයි. මනස ආරක්ෂා කරන බැවින් එය "මන්ත්‍ර භාව" ලෙසද හඳුන්වයි. මෙහිදී ඔබගේ සිතිවිලි හි  "බීජය" වන හතරවැන්න වන සිහිකල්පනාව ආරක්ෂා කරගැනීම නිවැරදි කල්පනාව ඇති කරමින්, පෝෂණය කරමින් පැමිණෙන්නා වූ අයහපත් දේවල් ඉවත් කරමින් යා යුතු මාර්ගය තීරණය කිරීමට හරහා ඔබගේ මනස ආරක්ෂා කරමින් ඔබව ආරක්ෂා කරගැනීමට උපකාර ලබාගත හැක. ඒ සඳහා "මන්ත්‍ර" භාවිතය අතිශයින්ම වැදගත්ය. පස්වැන්න යනු ඔබගේ අනාගතයයි. ඔබගේ අනාගතය නිවේදනය කරන බැවින් අනාගතය ආරක්ෂා කිරීමටද "මන්ත්‍ර" හට හැකියාවක් ලැබෙන්නේ ය.

මන්ත්‍ර ගැන සඳහන් කරන විට අප සලකනු ලබනුයේ "ශබ්දයන්" ය. විශ්වයම නිර්මිත ව ඇත්තේ ශබ්දයන්ගෙන් ය. ඔබ හා මා ද ශබ්දයන්ගෙන් නිර්මිතව ඇත. වේදය, බයිබලය හා බුද්ධ දේශනාවන්හිදී ද මෙය ප්‍රකාශ කෙරෙන්නේ ය.

මෙම ශබ්ද හරහා ගමන් කරන්නේ කෙසේද? ඔබ මෙලෙස සිතන්න නුගගසක් බලන්න එය විශාල වුවද "බීජ" ඉතාම කුඩාය. කුඩා නුග බීජයක් ගත හැකිනම්, එය නියමිත පොළොවේ රෝපණය කළ හැකි නම්, සෑම දිනම පෝෂණය කරන්නේ නම්, ඒ විශාල ලෙස වර්ධනය වු රුක්ෂයක්, වනස්පතියක් බවට පත්වන්නේය. එය වැඩි වැඩියෙන් හිරු ආලෝකය හා ජලය ලබා ගනිමින් වර්ධනය වනු ඇත්තේය. එයට අවශ්‍ය හිරු එළිය,පොහොර  හා ජලය පමණක්ය. මෙලෙස නොකඩවා අවශ්‍ය ආලෝකය, පොහොර  හා ජලය ලැබීමෙන් පසු එය විශාල වනස්පතියක් වනු ඇත.

මෙම අප මනුස්සයෙක්ගේ වර්ධනය සඳහා යොදන්නේ කෙසේද? මනුෂ්‍යයෙක් ගේ සත්‍ය වර්ධනයට  අත්‍යවශයෙන්ම  අවශ්‍ය වනුයේ එම මූලික බීජය පමණි. මෙම "බීජය" ශබ්දයකි සෑම මන්ත්‍රයක්ම, සෑම දෙවියන් සඳහාම ගැබ්ව ඇති මෙම "බීජ"- "බීජාක්ෂර", "බීජ මන්ත්‍ර" ලෙස අප හඳුන්වන්නේ ය. "බීජාක්ෂර" යමෙකු දන්නේ නම් පහසුවෙන්ම දෙවියන් වෙත ළඟාවිය හැක. දෙවියන්ගේ පූර්ණ ආකාරයෙන්ම තමන් ඉදිරියේ විද්‍යාමාන වන්නේය. එම අවස්ථාව හරහා තමන් හට අනාගතය පැහැදිලිවම දැක බලාගෙනිමින් ඒ කරා යනු ඇත්තේය.
දෙවියන්ගෙ සත්‍යම ස්වභාවයම බීජාක්ෂර තුළ තිබෙන්නේ නම්, මෙම දිව්‍යම තත්ත්වය පහළ කරගැනීම සඳහා අවශ්‍ය යතුර පවතින්නේය. මෙම තනි අක්ෂරයක් තුළ ය. ජන්මියකුට තමන්ට ගැලපෙන මෙම අක්ෂරය ගුරුවරයා ලබා දී නැති නම්, මන්ත්‍ර භාවිත කිරීම සදා නිෂ්ඵලය. මන්ත්‍ර ශාස්ත්‍රය තුළ මෙම තත්ත්වය ඉතාම තීරණාත්මකය. මේ බීජාක්ෂරය නොමැතිව මන්ත්‍ර ලැබීම යමෙකුට විශාල වෘක්ෂයක් දුන්නා හා සමානය. එම මන්ත්‍ර  ලැබූ තැනැත්තා බීජයේ සිට වර්ධනය නොකළ බැවින් වෘක්ෂයේ අයිතිය ඔහුට නැත.


මෙහිදී ඔබ යමෙකුගෙන් මන්ත්‍ර ඉගෙන ගත්තේ නම්, ගුරු උපදෙස්  ලැබුණේ නම්, එහිදී ඔබව පෝෂණය කිරීමට අවශ්‍ය වන උපදෙස් ඔබට ලැබෙන්නේ ය. එනම් වෘක්ෂක් වීමට "බීජයට" අවශ්‍ය වන්නාවූ ජලය, පොහොර සහ හිරු එළිය මෙන් ගුරු උපදෙස් හරහා ලබන්නා වූ දැනුම ඔබව රකී. එම "බීජ මන්ත්‍රය" මන්ත්‍රය හරහා ඔබගේ අභිවෘද්ධිය ළඟාකර ගැනීම සඳහා වන්නා වූ මාර්ගය විවෘත කර ගැනීමට අවකාශය විවෘත වන බව ඔබටම අත්දකිනු ලැබෙනු ඇත. නැවතත් මෙවන් කෙටි ලිපියකින් හමුවෙන තෙක් ඔබට ජය

ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744


2019.06.27

නක්ෂත්‍ර මූලික දසා - උදු දසා

රාම් රාම් රාම් ෴

නක්ෂත්‍ර මූලික දසා - උදු  දසා 

 
දශාවන් සඳහා පොදු අවශ්‍යතා

1. විම්ශෝත්තරී       - පොදුවේ සියලූම ජීවී හා අජීවී ද්‍රව්‍යයන්ට (මිනිසුන්ට, සත්වයන්ට, ආයුකාලයක් ඇති අජීවී ද්‍රව්‍යයන්ට සැලකිය හැකි අතර ඒ ඒ ද්‍රව්‍යයනට පරම ආයුකාලය සිද්ධාන්තානකුකූලව හැදිය යුත්තේය.)

      - මනුෂ්‍යයන් ට ආදේශ කිරීමේදී චන්ද්‍ර සථුටයට, ලග්න ස්ථුටයට, ගුලික, මාන්ධි අනුව සලකා බලා විශේෂ වූ ජීවතයේ පැතිකඩයන් විග‍්‍රහ කල හැක්කේය. පරම ආයුෂ කාලය අවු 120 දින 05. (බොහෝ දෙනා දන්නා කරුණු අතහැර දමන ලදි) ඉදිරියේදී විංශෝත්තරී ප‍්‍රභේද විස්තර කෙරේ.

2. අශ්ටෝත්තරී      - දශාවේ වර්ෂ ප‍්‍රමාණය අවු ඃ 108 වන අතර මෙම දශාවද පොදුවේ සෑම   ජන්මියෙකුටම භාවිත කල හැකියයි යම් යම් ආචාර්ය මත ඇති අතර, අනෙක් මතයන්ට අනුව අවපස රාත‍්‍රී හා පුරපස දහවල් උපත සඳහාද ආදේශ කරන අතරම, රාහු ලග්නය හැර කේන්ද්‍ර ගතව හෝ ත‍්‍රිකෝණගතව සිටිය යුතු බව බෘහත් පරාශර හෝරා හී සඳහන්ය.

3. ශෝදශෝත්තරී    - දෂාවේ වර්ෂ ප‍්‍රමාණය අවු ඃ 116. ඔත්තේ රාශිවල මුල් අර්ධය හා ඉරට්ටේ රාශිවල අවසාන අර්ධය රවි හෝරාවට අයත්ය. ඉතිරිය සදු හෝරාවට අයත්ය. මෙම දශාව අවපස සදු හෝරාවේ හා පුරපස රවි හොරාවේදී උපත ලද ජන්මීන් සදහා මෙම දශාව භාවිතා කළ හැකිය.

4. ද්වාදශෝත්තරී    - දශාවේ වර්ෂ ප‍්‍රමාණය වර්ෂ 112 කි.  ඕනෑම ලග්නයකම තුලා හෝ වෘෂභ නවාම්ශ හිමි ජන්මීන්ට මෙම දශාව භාවිතා කළ හැක.

5. පංචෝත්තරී       -  ඉහත පැහැදිලි කිරීමක් කර ඇත්තේය.

6. ශතාබ්ධික         - වර්ෂ ප‍්‍රමාණය අවු ඃ 100කි. ලග්නය වර්ගෝත්තම නම් භාවිතා කල හැක.

7. චතුරාසීති සම     - වර්ෂ ප‍්‍රමාණය 84කි. දහවැන්නාධිපති දහවැන්නේම තැන්පත් ජන්මීන්ට මෙම දශාව භාවිත කල හැක.

8. ද්වී සප්තති සම   - වර්ෂ ප‍්‍රමාණය 72කි. ලග්නාධිපති 7 වැන්නේ හෝ 7 වැන්නාධිපති ලග්නයේ නම් මෙම දශාව අදාල ජන්මීන් වෙනුවෙන් භාවිත කල හැක.

9. ශෂ්ටි හයානි     - වර්ෂ ප‍්‍රමාණය අවු 60කි. රවි ලග්නයේ නම් මෙම දශාව භාවිත කල හැක්කේය.
   (ශෂ්ටි දස සම)

10.ශට් ත‍්‍රිම්ස සම     - වර්ෂ ප‍්‍රමාණය අවු ඃ 36කි. දිවා මානය තුල රවි හෝරාව තුල හා රාත‍්‍රී මානයේ චන්ද්‍ර හෝරාව තුලත් උපන් ජනමීන් ස`දහා භාවිත කල හැක්කේය.

11.කාල චක‍්‍ර           - වර්ෂ ප‍්‍රමාණය රාශිය අනුව වෙනස් වේ.(අවු 83-100 අතර). මෙම දශාව පොදුවේ සියලූම ජන්මීන් සඳහා භාවිතා කල හැකි දශාවකි. ගණනය සඳහා සංකීර්ණ එහෙත් පුරුදු වූ පසු අපහසු නොවන ක‍්‍රම වේදයන්ගෙන් යුක්තය. ඉතාමත්ම ඉලක්ක ගතව ජීවිතයේ අවස්ථා ස`දහා පලාපල ප‍්‍රකාෂනයට භාවිතා කල හැකි ශ්‍රෙෂ්ඨ දශාවකි. මෙම දශාව ජෛමිණි සෘෂිගේ නක්‍ෂත‍්‍ර දශාව සමග ඉතා ආසන්න සමානකමකින් යුක්තය.

12.යෝගිනි            - වර්ෂ ප‍්‍රමාණය අවූ 36කි. පොදුවේ සෑම ජන්මියෙකු සඳහාම භාවිතා කල හැක.

ඉහත සදහන් දශා සියල්ලම මූලිකවම උප්පත්තියේදී සඳු සිටින නැකත අනුව ඉදිරියට ගණනය කරන බැවින් නක්‍ෂත‍්‍ර දසා ලෙස හැදින්වේ. එම සෑම දශාවකටම මහ දශා ගණනය පිලිබඳව වෙනස් වූ සිද්ධාන්ත ඇත. සෑම ජන්මියෙකුටම පොදුවේ භාවිතා කල හැක්කේ විම්ශෝත්තරී, කාල චක‍්‍ර, යෝගිනී යන දශාවන්ය. අනෙක් දශාවන් සඳහා ඉහත සදහන් ආකාරයට විශේෂිත කොන්දේසි භාවිතා කල යුත්තේය. ජන්මියෙකුට පලාපල කථනයකදී භවිතා කල යුතු දශාව පිලිබ`ද පොදු කොන්දේසි පහත පරිදි වේ.

1. යම් ආකාරයකට දශා කිහිපයක් ජන්මියෙකුට පලාපල ප‍්‍රකාශ කිරීම සඳහා යෝග්‍ය නම් වඩාත් සීමිත ප‍්‍රමාණයකට ගැලපෙන දශාව තෝරා ගන්න. (ජනගහනයේ අඩු ප‍්‍රතිශතයකට ගැලපෙන දශාව)

2.    ගැලපෙන දශාවන් එකම ප‍්‍රතිශතකයකට අයත් දශාවන් නම් වැඩි වර්ෂ ප‍්‍රමාණයක් ඇති දශාව භාවිත කරන්න.

මෙම රීතීන් සැලකූ කල්හී අන් විශේෂිත දශාවක් ගැලපේ නම් විම්ශෝත්තරී අතහැර එම දශාව භාවිත කර පලාපල කථනය කල යුතු බව සෘෂි මතය වන්නේය. සියලූම දශාවන් සඳහා සලකන අනෙකුත් සිද්ධාන්ත පොදු ආකාරයක් දක්නට ලැබෙන අතර විශේෂයෙන් සඳහන් කල යත්තේ ගැලපෙන කුමන දශාවකින් පලාපල ප‍්‍රකාෂ කලද ජීවිතයේ සිදුවීම් ඒ ආකාරයටම නියමිත වකවානු වලදී සිදුවෙන බව අත්දැකීමෙන්ම ඉහත දශා භාවිතා කිරීම හරහා වටහා ගත හැක්කේය.

උදා ඃ- පර දේශයක පදිංචියට යෑම.
දශාව - චතුරාසීති සම
12 වැන්නාධිපතිගේ මහ දශාවේ, 4වැන්න තැන්පත් බාධක ග‍්‍රහයාගේ අන්තර් හා ප‍්‍රථ්‍යන්ත දශාවේදී මව් රට හැර යයි.
දශාව    - විම්ශෝත්තරි.
කාරක මහා දශාවේදී ,4 වැන්නාධිපතිගේ අත්තර් දශවේ දී, 12 වැන්නාධිපතිගේ ප‍්‍රථ්‍යන්ත දශාවේදී රට හැර යයි.

මෙලෙස කුමන දශාවකින් සැලකුවද සිද්ධාන්ත ගත සම්බන්ධතා හරහා මෙම දශා ගැලපීම ශාස්ත‍්‍රයේ ඇති නිර්වද්‍යතාවය මනාකොට ප‍්‍රකාශවීමක්ම බව ඔබටද මෙම දශා භාවිත කර අත්දැකීමට හැකියාව ඇත. කෙසේ වුවද විශේෂිත තත්ත්ව දශා භාවිතා කරනවාට වඩා පහසුවට විංශෝත්තරී දශාව භාවිතා කලහැකි බැවින් පොදුවේ විංශෝත්තරී දශාව බහුලව භවිතා කරනු අද අද දවසේ දක්නට ලැබෙන අතර දශා බෙදීම් ගැන ලිත්වල ඇති සටහන්ද විම්ශෝත්තරී සදහාම පහසුකම් සලසාදීම මෙම අනෙකුත් දශා ප‍්‍රචලිත නොවීමට එක් හේතුවක් වී ඇති බවත් අද දක්නට ලැබෙයි. එහෙත් මෙම ඉහත සදහන් දශා (නක්‍ෂත‍්‍ර) පමණක් නොව අනෙකුත් රාශි මූලික හා විශේෂිත සිද්ධාන්ත මූලික දශාවන් පවා දැනුදු කිසිදු තාක්‍ෂණික මෙවලම් භාවිතා නොකර අතින්ම ගණනය කරන පාරම්පරික ශාස්ත‍්‍රඥයින් බොහෝ දෙනෙකු අප රටේ දැනුදු දක්නට ලැබුනද ඔවුන් එම විශේෂ ක‍්‍රම භාවිත කර ලද ප‍්‍රථිඵලය විම්ශෝත්තරී දශාවට අනුව අනුගත කොට ප‍්‍රකාශ කරමින් සිටීමක් දක්නට ඇත.
ඉහත මා විසින් සඳහන් කරන්නට යෙදුනේ නක්‍ෂත‍්‍ර දශා කිහිපය පමණක්ම විග‍්‍රහ කලේ විම්ශෝත්තරී දශාවද නක්‍ෂත‍්‍ර දෂාවක්ම වන බැවින්ය. අනෙකුත් රාශි මූලික දශාවන්ට වඩා මෙම නක්‍ෂත‍්‍ර දශා තමන්ටම පවා ගුරුවරයෙකු නොමැතිව ඉගෙනගත හැකිවා මෙන්ම මාස කිහිපයක් හැදෑරීම තුලින් ආධුනිකයෙකුට පවා අවබෝධ කරගත හැක්කේය. ඉතාමත්ම පහසුය එමෙන්ම සරලය.

ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744

2019.06.26

හදහන් විශ්ලේෂණය සදහා අනුගමනය කලයුතු සරල ක්‍රමයන්...

රාම් රාම් රාම් ෴



හදහන් විශ්ලේෂණය සදහා අනුගමනය කලයුතු සරල ක්‍රමයන්...


(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...

විවිධ ගුරුකුලවල විවිධ නීති රීති හරහා හදහන් විශ්ලේෂණය කල යුතු අකාරය කියා දෙන්නේය.. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක්ට අනුව පලාපල කථනය ඉගැන්විය නොහැක... එසේම කොපමන සහතික, උපාධි, විවිධ පද්ධති ක්‍රම ඉගෙන ගත්තද පලාපලයක් කියන්නට නොහැකිය.... තවත් ජාම බේරා ගන්නා ක්‍රමයක් නම් පලාපල ප්‍රසිධියේ කීම නොකළ යුතුය යනාදී ශේප් න්‍යාය භාවිතයයි ... 

නමුත් ඉන්දියාවේ - ඔරිස්සා ගුරුකුලය, බෙංගාලි ගුරුකුලය, දකුණු ඉන්දියානු ගුරුකුලයන් දැනට ඉදිරියෙන් සිටින ජ්‍යෝතිෂ පරම්පරා ලෙස දක්වා සිටිය හැක. මේ අතරින් බෙංගාලි ගුරු කුලය නියෝජනය කල "B.V. රාමන්" මහතා කීර්තිමත් ජ්‍යෝතිෂඥවරයෙක් විය. ඔහු නාඩි සිද්ධාන්ත භාවිත කල බව ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම දකුණු ඉන්දීය ගුරුකුලයන් ද "චන්ද්‍ර කලා නාඩි" භාවිත කරන්නේය.  ඉදිරි අවස්ථාවක මේ ගැන කතා කරමු.
  
ඔබටත් හදහනක් විශ්ලේෂණය හොදින් කිරීමට අවශ්‍ය නම්, පහසුවෙන් අනුගමනය කලහැකි ප්‍රසිද්ධ රහසක් වන පහත සදහන් දේ ප්‍රගුණ කිරීම වටින්නේය. එය ඉතා සරලය, පහසුය.
1. තැන්පත් ග්‍රහයන් 
2. රාශි අධිපතියන් 
3. කාරකයන් 
4. ග්‍රහ දෘෂ්ටි 
5. රාශි දෘෂ්ටි 
6. අර්ගලා 

 දින කිහිපයක උත්සාහයකින් මෙය අවබෝධ කරගත හැකිය. එහෙත් මූලිකවම ඉහත සඳහන් කළ කාරණා පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුමය.
ඔබ කොතරම් පත්පොත් පරිශීලනය කළ ද, ජ්‍යොතිෂය හැදෑරීමට පංති ගොස් අවුරුදු ගණන් ගත කළ ද, මූලික සිද්ධාන්ත භාවිතය ගැන අවබෝධයක් නැතිවුවහොත් ලබාගත් දැනුම හරහා තමාට තම කේන්‍ද්‍රයවත් විග‍්‍රහ කොට ගතහැකි නොවනු ඇත. එසේම කේන්‍ද්‍ර විමසීම අවුරුදු ගණනාවක් සිදුකළ පසුව ද තම දැනුම පිළිබඳව වික්‍ෂිප්තභාවයකට පත් වූ අය  ඕනෑ තරම් ඇත. අවුරුදු 8 ක් පංති ගොස් ඇතිමුත් මෙම තත්ත්වය වික්ෂිප්ත වූ දැනුම අයෙක් හමු වී ඇත.

මා ඉගෙන ගත් ගුරුවරයාගේ දෙපා නැමැද ගෞරව කරමින්, මෙම උතුම් ශාස්ත‍්‍රය ඔබ වෙත සරලව ඉදිරිපත් කරන්නට උත්සහ ගන්නම්.
 ශාස්ත‍්‍රීය කරුණු දන්නා (එනම්, අවමයෙන් ග‍්‍රහයන් හා රාශීන්) ඔබ වෙත මෙම ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමට අත්වැලක් වේවා යැයි ද, මාගේ ගුරුවරුන් මා හට ලබාදුන් මෙම ශාස්ත‍්‍රය මටත් වඩා හොඳට පිහිටන්නට ඔබ සැමට වාසනාව ලඟා වේවායිද මුලින්ම ආශිර්වාද කරමි.

පාරම්පරික ක‍්‍රමවේදයට අනුව කේන්‍ද්‍රයේදී මූලිකවම සැලකිය යුතු කාරණාවට අදාල වර්ග චක‍්‍රය පරීක්ෂා කරන්න. 
උදා:- රාශි, නවාම්ශ ආදී ලෙස ඉන් පසු කාරණාවට අදාල භාවය සළකන්න. උදා:- 2 වැන්න, 4 වැන්න ආදී ලෙස. ඉන් පසුව ඉහත සදහන් කල 
1. තැන්පත් ග්‍රහයන් 
2. රාශි අධිපතියන් 
3. කාරකයන් 
4. ග්‍රහ දෘෂ්ටි 
5. රාශි දෘෂ්ටි 
6. අර්ගලා 

කේන්‍ද්‍රයක ඇති භාවයන් (1-12 දක්වා) ජීවිතයේ විවිධාකාර පැතිකඩයන් දක්වයි.
උදා:- 7 වැන්න විවාහය, 10 වැන්න රැුකියාව ලෙස

 මෙම භාවයක් යනු ඔබගේ ජීවිතය හා බැඳුනු එක් විශේෂිත කාර්යක් සඳහා සැකසුන ව්‍යාපෘතියක් ලෙස සලකන්න. මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් ගමු. ඉතා සියුම්ව නොගොස් මූලිකවම නවාම්ශයේ 7 වැන්න විවාහය සේ සලකා එය ඔබේ ජීවිතයේ ව්‍යාපෘතියක් මෙන් විග‍්‍රහ කරමු.

ඔබට විවාහයක් අවශ්‍ය නම්, ඔබට සහකරුවෙකු සිටිය යුතුය. එමෙන්ම විවාහය සඳහා මූලිකව පසුබිම සකස් කරන අයෙකු (ඔබ හෝ කපුමහතෙකු) සිටිය යුතුය. ඔබගේ දෙමාපියන් හා සහකරුගේ දෙමාපියන් පහසු විවාහක් හා විවාහ ජීවිතය සඳහා සදාකාලිකවම බලපාන සාධකයක් වේ. එමෙන්ම එම පවුලේ සිටින සහෝදර සහෝදරියන් හා ළඟම ඥාතීන් විවාහය සම්බන්ධව යම් යම් බලපෑම් කරන පුද්ගලයන්ය. ඔබගේ සහ සහකරුගේ පෙර සබඳතා තිබූ පුද්ගලයන් අසල්වැසියන් තවත් ඔබගේ විවාහයට බලපෑම් ඇති කළ හැකි පුද්ගලයන්ය.

සාමාන්‍ය ජීවිතයේ සිදුවන සෑම සිදුවිමක්ම ජෙයාතිෂ්‍යානුකූල බැවින් ඉහත සඳහන් කළ පාරම්පරික ක‍්‍රමවේදය හරහා, මෙම විවාහය නැමැති අවස්ථාව විග‍්‍රහ කොට බලමු. විවාහ සහකරු භාවයේ අධිපති වැනිය. (7 වැන්නේ අධිපති) විවාහය සඳහා මුලපුරන ඒ සඳහා පසුබිම පහසු කිරීමට දායක වන්නා කාරකයාය. දෙමාපියන් සදාකාලිකවම බලපෑමක් ඇති කරන රාශි දෘෂ්ටි වැනිය. සහෝදර සහෝදරියන් ඥාතීන් භාවයක තැන්පත් ග‍්‍රහයන් වැනිය. ඔවුන්ගෙන් වැඩක් තිබීම හෝ නොතිබීමට හැකිය. පෙර මිත‍්‍රයන් හා අසල් වැසියන් දෘෂ්ටි දෙන ග‍්‍රහයන් වැනිය. විවාහ දිනයට හා විවාහයට මේ කාරණා සියල්ල යහපත් ලෙස තිබුණ ද එය පසුබිම පමණි. එනම් ඔබට විවාහ සහකරුවෙක් සොයා ඇත. සහකරු ඔබ හා විවාහයට එකඟය. දෙමාපියන් ද අවසරය දී ඇත. දෙපස ඥාතීන් සහෝදර සහෝදරියන් ද ඔබට ආශිර්වාද කරයි. එමෙන්ම අසල්වැසියන් හා අනෙකුත් මිත‍්‍රයන්ගෙන් ද බාධා කිරීම් නැත. එසේ නම් අවශ්‍ය කුමක්ද? ඔව් විවාහයට අවශ්‍ය ‘අර්ගලා’ යකි. එනම් තීරණාත්මක අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කි‍්‍රයාවකි. මේ විවාහය සම්බන්ධයෙන් ඇතිවිය හැකි අරගලය නම් ඔබගේ විවාහය ලියාපදිංචි කරන රෙජිස්ටාර්වරයා හා ඔහුගේ කාර්යභාරයයි.

ඉහත මා උත්සාහ ගත්තේ, ජ්‍යොතිෂය යනු වෙන කිසිවක් නොව, අප විඳිමින් සිටින සත්‍ය බවත්, මෙය තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන සරලව භාවිත කළ හැකි, එහෙත් පුදුම එළවනසුළු ශාස්ත‍්‍රයක් බව ප‍්‍රකාශ කිරීමටය.

ඉතිං මෙම ශාස්ත‍්‍රය හැදෑරීමට මෙන්ම විග‍්‍රහයට ද මූලිකවම අප දැනගතයුතු සරළ සිද්ධාන්ත අවබෝධ කොට සොයා බැලීමට ප‍්‍රථම ග‍්‍රහයන් හා ඔවුන්ගේ ගුණ අවබෝධ කර ගත යුතුය.



ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744


2019.06.26






ජ්‍යෝතිෂයේ යෙදෙන වචන කිහිපයක්


රාම් රාම් රාම් ෴

(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...


ජ්‍යෝතිෂ  ශබ්දකෝෂය


උද්‍යෝගයක් ඇති වී තිබෙන ක්‍ෂේත‍්‍රයක් ලෙස, වර්ථමානයේ අප සතුටු කරවන තත්ත්වයක් ජ්‍යෝතිෂය පිළිබඳ හදාරණ, උගන්වන අය කෙරෙහි පහළ වී ඇත. එහෙත් ලංකාව තුල ජ්‍යෝතිෂ පත්පොත්වල වැරදියට සටහන්කර ඇති නම් කිහිපයක් භාවිත කිරීම් පැටලිලි සහගතය. සියලූ දෙනාගේ යහපත පිණිස එහි අර්ථයන් මෙසේය.

සියලූ වර්ග චක‍්‍රවල භාවිතය පිණිස පොදුවේ මෙම නාමයෙන් භාවිත කෙරේ.


වර්ග    -

සළකන වර්ග චක‍්‍රයේ හෝ සියලූම වර්ග චක‍්‍ර (උදා:- රාශි චක‍්‍රය, නවාම්ශ, දශාම්ශ ආදී ලෙස)

යෝග -

යෝගයක් යනු සමාගමය/සේවනය කි. මේ සඳහා අවම ලෙස දෙදෙනෙකු සිටිය යුතුය. භාව හෝ රාශි සම්බන්ධව, ග‍්‍රහයන් දෙදෙනෙකු 
  •  එක්ව සිටීම, 
  •  අන්‍යෝන්‍ය දෘෂ්ටි සහිතව සිටීම,
  • නක්‍ෂත‍්‍රය හෝ රාශි හුවමාරු කරගෙන සිටීම, 
  • එකිනෙකාගේ රාශීන් වලට දෘෂ්ටි/තැන්පත්ව සිටීම.


අම්ශ  -

රාශියක තුළ කොටසක්/බෙදීමක් හැදින්වීමට මෙය භාවිත කරයි.  උදා:- රාශියක් 10 බෙදා සාදන වර්ග  චක‍්‍රය දස  අම්ශ  = දශාම්ශ 

සුභපති -

මෙය සුභයෙකු යන අර්ථ ඇතිමුත් විශේෂයෙන්ම චන්‍ද්‍රයා සලකයි. එයට හේතුව ජීවිතයට පෝෂකයා වන බැවිනි. චන්‍ද්‍රයා වෙනුවට ආදේශ වන සුභපතියා වර්ග චක‍්‍රවලදී එහි ක්‍රියාකාරීත්වය මත ආයුෂ, සෞඛ්‍ය, පැවැත්ම, සඳහා සළකා බලයි. මෙම සුභපතියා ලග්නයට හෝ ආත්මකාරයාට, දෘෂ්ටි හෙළීම හෝ සම්බන්ධ වීම මඟින් "කේවල" යන තත්ත්වය උදා කරයි. මෙම "කේවල", හෝරා ලග්නය හෝ ගති ලග්නය හා සම්බන්ධ නම් "කේවල යෝගාධ" ලෙස ද  හෝරා සහ ගතික ලග්නය යන දෙකම සමඟ සම්බන්ධ නම් "කේවල මහා යෝගාධ" ලෙස ද හඳුන්වයි. 

කාර්ය රාශි -

වර්ග චක‍්‍රයට අදාලව [උදා:- සිද්ධාම්ශ (ඉගෙනීම සෙවීමට) හි  4 වන රාශිය කාර්ය රාශියයි] අදාල කාර්ය පිණිස වැදගත් මෙන්ම එම සළකන කාර්ය ඉටුවීමට මූලිකවන භාවය අයත් රාශිය මේ නමින් හැදින් වේ.

කාර්යේෂ -

වර්ග චක‍්‍රයට අදාලව එහි කාර්ය සඳහා වන කාරක ග‍්‍රහයා මේ නමින් හැඳින් වේ. මෙය ජන්මියෙකු ගැන සලකන විට සළකන වර්ග චක‍්‍රයට අනුව ග‍්‍රහයාගේ නියෝජනයට අනුව ජන්මියා සිදුකරන කටයුතු වල අර්ථ සිද්ධිය පිණිස භාවිත කරයි. ඒ සඳහා අරගල අනිවාර්ය තීරණාත්මක සාධනයක් වේ.

කාරක -

මෙහිදී ග‍්‍රහයන් නෛසර්ගික, චර හා ස්ථිරකාරකත්වය සළකා බලයි. ග‍්‍රහයන් 7 ක්, 8 ක් හා 9 දෙනා කාරකත්ව යටතේ ඉහත දක්වා ඇති ලෙස සලකා බලයි. මෙය ඉතා සියුම්ව දැනගත යුතු තවත් කාරණාවකි. උදා:- චර කාරකත්ව යටතේ ලෞකික දෑ සඳහා ග‍්‍රහයන් සළකයි. මෝක්‍ෂ කාරක ග‍්‍රහයා නොසළකයි.

භාව කාරකත්ව - 

ලග්නයේ සිට භාව 12 සදහා වන කාරක ග්‍රහයන්. [ලග්නය  සදහා කාරක ග්‍රහයා - සූර්යයා ... ආදී ලෙස]

නවාම්ෂ - 

රාශිය 9 කට බෙදා සකස්කර ග්‍රහයන් තැන්පත් කර  සාදා ගන්නා වර්ග චක්‍රයයි.

නවාම්ෂක - 

නවාම්ෂ හි සිටින ග්‍රහයන් "විශේෂිතව"  රාශි චක්‍රයක තැන්පත්වීම,  ගුරු උපදේශ අනුව විමසා බැලීමට සදහා යෙදෙන ගුරු උපදේශයකි. මෙය බෘහත් පරාසරය තුල සදහන්ය. [ජ්‍යෝතිෂය අතපොත් තබා ඇති ශාස්ත්‍රවන්තයන් දන්නා කරුණකි] 

ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින්, ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.
මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...

කුමා වෙල්ලාලගේ - 0712758744

2019.06.20

ජ්‍යෝතිෂයයි ජීවිතයයි - අප වටා ලෝකය හා ග්‍රහයන්


රාම් රාම් රාම් ෴

(මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් මේ දැන්ම Share කරන්න ..)...



මුල් වරට ඇස් ඇරපු ජීවියෙකු සේ සළකා පරිසරය විදින්නට මදක් දෑස පියාගන්න. සංසුංව සිට දෑස් විවර කර බලන්න.
ඔබ තවදුරටත් සිතුවාද ඇයි? අපට පෙනෙන දෑ එකින් එක ට  ඈතින් ඇති බවත්, පෙනෙන යම්  දේ ලගින් ඇති බවත් ඔබට වැටහෙන්නේ ඇයිද? කියා.... නැවතත් එම ප්‍රශ්නය හොදින් කියවා බලන්න...
"අපට පෙනෙන දෑ එකින් එක ට  ඈතින් ඇති බවත්, පෙනෙන යම්  දේ ලගින් ඇති බවත් වැටහෙන්නේ ඇයි?"...
ඒ ඉහත ප්‍රශ්නය ඇස ගැනය. ඇසීම, ගද සුවද දැනීම, රස දැනීම, ස්පර්ශය හා වේදනාව දැනීම ගැනද මෙසේ අප සිතිය යුතු වන්නේ නොවේද?

ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

හොදයි අපි ඒ ඇයි කියල බලමුද?
අපට පෙනෙන වස්තූන් ඈතින් හා ලඟින් ඇති බව පෙනෙනුයේ ඔබට ගැඹුරක්, දිගක්, පලලක් සහිතව එම වස්තූන් පෙනෙන බැවින්ය. එනම් ඔබට පෙනෙන වස්තූන්ට ත‍්‍රිමාණ ස්වභාවයක් ඇති බව ඔබ අත්විදින්නේය. නමුත් ඒ ගැන සිහියෙන් නොබැලුවොත් මිස සාමාන්‍යයෙන්  ඔබට පෙනෙන වස්තූන් ත්‍රිමාන බව ඔබ ට සිහිකල්පනාවක් නැත.
 අප වසන මුළු ලෝකයම අවකාශය සමග ත‍්‍රිමාණ ස්වරූපයක් ගනී. සත්‍ය වශයෙන්ම අප අත්විදින්නේ ත‍්‍රිමාණ ලෝකයක්ද? නැත අප බහුමාන ලෝකයක, නැතිනම් බහු තලයක් ඇති ලෝකයක ජීවත් වෙයි. එහෙත් ත‍්‍රිමාණය පමණක් පෙනෙයි.
ජ්‍යෝතිෂය අනුව ගතහොත් අප වාසය කරන පෘතුවිය "භූ" ලෝකය ලෙස හදුන්වයි. ඉන් ඉහල රාත්‍රී කාලයට වලාකුළු වලින් තොරව ඇති විට, අහස සිට ඈත පෙනෙන තරු පන්තිය දක්වා "භූව" හා මිනිස් ඇසට පෙනෙන තෙක් එම සීමාවේ පිහිටා ඇති තරු පන්තිය (වළල්ලක් සේ සලකන) "ස්වාහා" ලෝකය (ස්වර්ග ලෝකය) වන්නේය.

කෙසේ වුවද පොළවේ සිටින අප අවකාශය සමඟ ත‍්‍රිමාණ ලොවක් දකින අතර නොපෙනී, නොදැනී යන තවත් යම් තලයක් සමඟ ජීවත්වෙයි. ඒ කාළයයි. මෙහිදී මෙම ත‍්‍රිමාණයට කාළය එක්වීමක් සමඟ චතුර්මාණයක විදීමක් අප විසින් සිදුකරයි. අප විසින් අත්දකින සියලු සුන්දර අත්දැකීම්, මිහිරි අත්දැකීම්, අමිහිරි, කටුක අත්දැකීම්, දුක, සන්තාප,   කම්පන මේ සියල්ලම අප කාළය සමග අත්විදින්නේය...

ජ්‍යෝතිෂ චතුර්මාණය දකිනුයේ කෙසේද?
ජ්‍යෝතිෂයේදී අපි මෙම චතුර්මාණය ග‍්‍රහයන්ට ආදේශ කරයි. ජ්‍යොතිෂයේදී ග‍්‍රහයා යනු පෘථිවිය ආසන්නයේ සිටින පෘථිවියට සෑහෙන පමණ බලපෑමක් ඇති කළ හැකි වස්තූන්ය. ඒවා පියවි ඇසට පෙනෙන හා කල්පිත ගණිතමය ලක්ෂ දෙකක්ද ග‍්‍රහයන් ලෙස ජ්‍යොතිෂයේදී සළකයි. සූර්යයාගෙන් හා චන්ද්‍රයාගෙන් (ආලෝකමත් ග‍්‍රහයන්ගෙන්) බලපෑමට ලක්වූ අවකාශයේ පිහිටි ගණිතමය ලක්ෂයයන්  රාහු සහ කේතු සේ චායා ග්‍රහයන් ලෙස අප ජ්‍යෝතිෂයේදී සලකන්නේය.
ග‍්‍රහයන් අවකාශයේ ත‍්‍රිමාණව පිහිටයි. හැදෑරීම් පහසුව තකා ග‍්‍රහයන් ද්විමාන තලයක පිහිටියා සේ සළකා අංශක ගණනය සිදුකරයි. අප වටා ඇති විශ්වය තුල පිහිටි මනඃකල්පිත වෘත්තයක් කොටස් 12 කට මේෂ සිට මීනය දක්වා බෙදා ඇත. ඒවා රාශි ලෙස හඳුන්වයි. සළකන අවස්ථාවක් මුලකොට නැගෙනහිර ක්‍ෂිතිජයේ පෙනෙන රාශිය එම අවස්ථාවට අනුව එම ස්ථානයට උදාවූ ලග්නය ලෙසද ජ්‍යෝතිෂයේදී සළකයි.
චක‍්‍රාවාටය තුල සියළුම වස්තු ගමන් කරයි. අප පහසුව පිණිස ජ්‍යොතිෂයේදී මධ්‍යම ලෙස අප වසන පෘථිවිය සළකයි. එමෙන්ම අප වටා ග‍්‍රහයන් හා අනෙකුත් ආකාශ වස්තු ගමන් කරන්නේ යැයි සළකයි. පෘථිවියත් ග‍්‍රහයන් සියල්ලමත් සමඟ තලයේ (ද්විමාන තලයක) පිහිටා පෘථිවිය නිශ්චලව සළකා ග‍්‍රහයන් අප වටා ගමන් කිරීම ග‍්‍රහ ගමන ලෙසත්, ග‍්‍රහයකුගේ ආපසු ගමන වක‍්‍ර ගමන ලෙසත් සළකයි. (මෙය සිදුවනුයේ සත්‍ය වශයෙන්ම පෘථිවියද තම කක්‍ෂය තුල ගමන් කරන නිසාත්, අප වසන පෘථිවිය මධ්‍යය නොවන නිසාත්ය).
මුලින් කී ආකාරයට බහුමාන/බහුතල විශ්වයක ජීවියෙකු යනු විශ්වයේ ඉතාම කුඩා ඒකකයකි. එම ජීවියාට (ඔබට) ග‍්‍රහයන් බලපාන ආකාරය කෙසේදැයි බලමු. මූලිකවම සම්ප‍්‍රදාය තුල ග‍්‍රහයන්  ලෙස සලකනුයේ රවි, සඳු, අගහරු(මංගල්) , බුධ, ගුරු, ශුක‍්‍ර, ශනි, රාහු හා කේතු යන ග‍්‍රහයන් නවදෙනා පමණි. පලාපලයක් මෙම ග‍්‍රහයන් නවදෙනා හරහා කිසිදු අපහසුවකින් තොරව ප‍්‍රකාශ කල හැකි වීමත් විශිෂ්ඨය, මමද සාම්ප‍්‍රදායික වේදය මූලික ජ්‍යෝතිෂය අනුගමනය කිරීමට හේතුව  මෙයම වන්නේය.

ජ්‍යෝතිෂය හා ග‍්‍රහයන්
ජ්‍යෝතිෂයට අනුව  ග‍්‍රහයන් විසින් ලබාගත් පරමාර්ථ හා ජීවාත්ම සංයෝග කොටගෙන අප මෙම ලොව ඉපදේ. පරමාර්ථය සමඟ එක්වීම හෝ මෝක්ෂය අත්පත් කරගැනීම සිදු නොවුන කල අප යලිත් මෙලොව ඉපදේ. මෙම ඉපදීම සමඟ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය-ජීවාත්මය ලෙසද, මෙලොව ඉපදීම හේතුකොට ගෙන කුමක් කල යුතුද? කුමන කර්මයක් සිදුකිරීම සඳහා උපත ලැබුවාද, යන්න සඳහා වන පරමාර්ථ ප‍්‍රමාණයක්ද සමඟින් අපගේ උප්පත්තියන්  අපි ඇතිකර ගනී. මෙම පරමාර්ථ වැඩි ජීවියෙකු හඳුනා ගැනීමට විශේෂිකාම්ශ (මෙය පසු අවස්ථාවක පැහැදිලි කරනු ඇත) භාවිත කල හැකිය. ඔබ දෙවියන් වැනි මිනිසුන්ද, තිරිසනුන් වැනි මිනිසුන්ද අසා දැන ඇත්නම්, එය විශේෂිකාම්ශ හරහා පැහැදිලි වන බව ඉසි පැවසූ බසකි. ග‍්‍රහයන්ගේ වැදගත්කම පිළිබඳ සුළු අවබෝධයක් ඇති කරගත් අප, මෙම ග‍්‍රහයන් අප තුල ඇතිකරන ගුණාංග සළකා බලමු. එසේම, ශ්‍රී විෂ්ණු දෙවියන් අවතාර ලෙස මෙලොවට පැමිණීම හා ඒ අවතාරයන්ගේ ග්‍රහ නියෝජනයන් ද පහත දක්වා ඇත.

රවි/සූර්යයා   :-       ග‍්‍රහලොව ප‍්‍රධානියා රවිය. රවි පුද්ගලයෙකුගේ ආත්මය නියෝජනය කරයි. රවි පුද්ගලයන්ගේ ස්වභාවය, ඔහුගේ අභ්‍යන්තර යොමු කිරීම්, මනස හා සියළුම ග‍්‍රහයන්ද නියෝජනය කරයි. ශ්‍රී රාම අවතාරය.

Image result for sri rama

සඳු     :-       සඳු මනස නියෝජනය කරයි. චන්ද්‍රයාගේ ගමන අනුව මෙය 16 ආකාරවේ. (තිථි වලට අනුව) වර්ග චක‍්‍රවල භාවිතවන "ෂෝඩශාම්ශ  පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය (State of mind) පෙන්වයි. සඳු, ක‍්‍රියාවට නැංවු බුද්ධිය මත ක‍්‍රියාකරයි. එමඟින් එය බාහිරයට ප‍්‍රකාශවේ. ශ්‍රී ක‍්‍රිෂ්ණ අවතාරය.

Image result for sri krishna


මංගල්/අගහරු/කුජ  :-       ජන්මියෙකුගේ මුල පිරීමේ හැකියාව, ඉදිරියට යෑම, ආවේගශීලිබව, යමක් කිරීමේ හැකියාව නියෝජනය කරයි. ශ්‍රී නරසිම්හ අවතාරය
Image result for sri narasimha

බුධ     :-       දැනුම අවබෝධකර එය ක‍්‍රියාවට නැංවීම සඳහා සූදානම් කරයි. ඉගෙනීමේ
හැකියාව, අවබෝධ ඥාණය ලබාදේ. නමුත් මුල පිරීමක් ලබා නොදේ. ශ්‍රී බුද්ධ අවතාරය.
Image result for sri buddha avatar

ගුරු    :-       බුද්ධිය, ඥාණය, යහපත හා අයහපත අතර වෙනස පිළිබඳ දැනුම පිළිබඳ
ගුරුවරයාය. දැනුම නැමැති සාගරයේ කිමිදීම. ආකාශ තත්ත්ව නියෝජනය කරන වාග් ශක්තිය හා ඥාණය සඳහා නියෝජනය කරයි. ශ්‍රී වාමන අවතාරය.
Image result for sri vamana avatar


ශුක‍්‍ර    :-       ජන්මියෙකු තුල වින්දන ශක්තිය නියෝජනය කරයි. භෞතික පහසුකම්, තෘප්තිය විනෝදය සඳහා නියෝජනය කරයි. ශ්‍රී පරුෂරාමා අවතාරය.

Image result for sri parashurama avatar


ශනි    :-       ජන්මියෙකු තුල ඇති දැරීමේ හැකියාව, කැපවී වැඩ කිරීමේ හැකියාව, හික්මීම. ශ්‍රී කුරුම අවතාරය.

Image result for sri kurma avatar



රාහු    :- ශ්‍රී වරහ අවතාරය
Image result for sri varaha avatar


කේතු :- ශ්‍රී මත්ස්‍ය අවතාරය
Image result for sri matsya avatar
















රූප ලබා ගැනීම අන්තර්ජාලයෙනි. ඒ සියල්ලේ අයිතිය මුල් අයිති කරුවන් සතුය

ක්‍රියාකාරකම් :- ග්‍රහයන්ගේ අනෙකුත් නියෝජනයන් සොයා ලැයිස්තු ගත කරන්න.

 ජ්‍යෝතිෂ ලැදි කුමා වෙල්ලාලගේ වන මා විසින් ජ්‍යෝතිෂ ලැදි ඔබ වෙත ගුරු පරම්පරා දැනුමෙන් යම් අවබෝධයක් ලබාදීමට සකසන ලදී.මෙම පොස්ටුව වැදගත් හා යමෙකුට උපකාර වෙයි සිතේනම් දැන්ම Share කරන්න ...
කුමා වෙල්ලාලගේ - 0712758744

2019.06.20

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular